ශිවලෝගනාදන් වින්ද්‍යා (17) දැරිය සමූහ දූෂණයට ලක්කර මරා දැමීම සම්බන්ධ සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අද ඔවුනට මරණ දඬුවම ඉල්ලා වව්නියාව මුලතිව් හා කිලිනොච්චි නගරයන්හි කඩ සාප්පු වසා හර්තාලයක් පැවැත්වේ.
උතුරේ සිවිල් හා කාන්තා සංවිධාන මේ හර්තාලය කැඳවයි. වව්නියාවේ සිට අනුරාධපුරයට එන පෞද්ගලික බස් හැර ත්‍රී රෝද රියක්වත් ධාවනය නොවෙතියි වව්නියා ආරංචි කියයි. පාසල් හා රජයේ කාර්යාල වසා නැති නමුත් පාසල් දරුවන්ගේ පැමිණීම පහත වැටී ඇත. යාපනය නගරයේ ද ආරක්ෂාව තරකැර ඇත. මන්නාරම කඩ සාප්පු වසන ලෙස ද සිවිල් සංවිධාන ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාප ක්‍රියාව කරපු 10 දෙනාටම මරණ දඬුවම නියම කරලා මේකෙන්ම නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න. (ර)