
(රොමේෂ් මධුෂංක)
වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයන් 28 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24 වැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් 30 දෙනාගෙන් මෙලෙස 28 දෙනකුම කොවීඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.
අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයන් දෙදෙනකුට හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පසුව පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.
පසුව අනාවරණය කරගත් තොරතුරු මත අදාළ නිසසේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයන් 30 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මුල් දෙදොද සමගින් මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනාගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.