(හිරාන් ප්රියංකර ජයසිංහ)
රසායනික පොහොර නොමැති විමත් සමග පුත්තලමේ ගොවින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වැව්වල සරුවට පැතිරි ඇති ජපන් ජබර රැගෙන යන අයුරු අප කැබරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
රජය විසින් රසායනික පොහොර නවතා දැමිමට ගත් තින්දුවෙන් පසුව මේ වන විට ආණමඩුව, පුත්තලම, නවගත්තේගම, කරුවලගස්වැව, ඇතුළු දිස්ත්රික්කයේ සෑම පෙදෙසකම ගොවිහු තම වගා කටයුතු සදහා කාබනික පොහොර වෙත නැඹුරු වෙමින් සිටිති.
ඒ අනුව ගොවින් තම අත් ට්රැක්ටර් යොදා ගනිමින් වැව් වල ඇති ජපන් ජබර රැගෙන යාමට වැව් පිරමින් සිටිති.
කාලයක පටන් වැව්වල පැතිරි තිබු ආක්රමනික ජලජ ශාකයක් වන ජපන් ජබර වැව් පද්ධතියට හිසරදයක් වි තිබු අතර පසුගිය කාලයේ එවා වැව් පද්ධතිවලින් ඉවත් කිරීමට දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරමින් යන්ත්ර සුත්ර ද මෙරටට ආනයනය කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න ඕනෑලු කිරි එරෙන්න...
දියව් දියව් කියමින් බෝඩ් ලෑලි එල්ලා ගෙන පාරවල කෑගහන දේශපාලන ගොවීන්ට වඩා මේ සැබෑ ගොවීන් දැකීමත් සතුටක්. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේවා. හොද අස්වැන්නක් ලැබී යස ඉසුරු පහල වේවා.
ඒක නම් ඉතාමත්ම හොඳ වැඩක්...
අපේ ජනපති තුමාගේ ප්ලැන් දැනෙන්නේ අපේ ජනතාවට කාලයක් ගියාට පස්සේ
ඔන්න බලාගන්න යහපාලනය සහ සෞභාගයේ දැක්ම.
මිනිස්සු අවදි වෙන්නේ දැන් තමයි.
වැඩේ ඉතා හොඳ නමුත් දැනටමත් දහසක් කම්කටොලු මැද වගාව කරගෙන යන ගොවියාටම මෙසේ මඩේ ලැගගෙන ජපන් ජබර වැනි දේ එකතු කරගෙන කාබනික පොහොරත් නිෂ්පාදනය කරගන්නට වීමෙන් හෙම්බත්වීම නිසා ටික කලකින්ම ගොවිතැනින් ඈත්වීමටද බැරිකමක් නැත. බලධාරීන්ගේ වගකීම නම් හැකි ඉක්මණින් ගොවියාට කාබනික පොහොර ලබාගැනීමට කටයුතු සැලසීමයි...
එහෙමත් හොඳයි ... නියමයි.