මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විදුහල් ඉනිම ලකුණු 162 කට සීමා විය.
පස්වරු 2.50 ට පමණ ඇද හැලූණු වර්ෂාව නිසා තරගය අත්හිටුවන විට ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 4 ක් ලබා සිටියේය.
වේල්ස් කුමර විදුහල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 48 ක් රැස්කළේය. ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප‍්‍රනාන්දු ලකුණු 38 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 162
(කුසල් මෙන්ඩිස් 48, ශානුක දුලාජ් 31, අෂේන් මෙන්ඩිස් 30, ක‍්‍රිෂේන් අපෝන්සු 15, අනුක් ප‍්‍රනාන්දු 38/4, රමේෂ් ප‍්‍රනාන්දු 37/2, සංගීත් කුරේ 23/3)
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම කිසිවකු නොදැවී 4
(ඡයාරූප: ශානුක අරවින්ද)
කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙමින්...
ශානුක දුලාජ්ගෙන් ඔන්ඩ‍්‍රයිව් පහරක්...
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වේල්ස් කුමරුවෝ ලකුණු 162 කට දැවීයති
ප්‍රියදර්ශන Saturday, 09 March 2013 09:41 AM
ස්තූතියි ලංකාදීප. (ස)