මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති 28 වැනි වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබූහ. වේල්ස් කුමර විදුහල සීමිත ඕවර තරගය ජය ලැබූ 13 වැනි අවස්ථාව මෙය වේ.
වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 90 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18.3 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 29.1 කදී 89 (අනුක් ප‍්‍රනාන්දු 22, අනුෂ්ක පෙරේරා 18, ෂෙනාල් චේතක 13/2, ශානුක දුලාජ් 26/2)
වේල්ස් කුමර විදුහල ඕවර 18.3 කදී කඩුලූ 4 ට 91 (කුසල් මෙන්ඩිස් 25, ක‍්‍රිෂේන් අපෝන්සු 15, අෂේන් මෙන්ඩිස් 19, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 27/4)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
නියමයි වේල්ස් කුමරුවනි. (නි)
නියමයි වේල්ස් කුමරුවනි! (නි)
නියමයි වේල්ස් කුමරුවනි. (නි)
සුභප පැතුම් වේල්ස් කුමරුවනි! (නි)
නියමයි වේල්ස් කුමරුවනි! (නි)
වේල්ස් කුමර තමයි හොදම. (නි)
අපි වේල්ස් කුමරුවෝ වෙමු. (නි)