මොරටුව වේල්ස්කුමර විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් අද අතීතයට ගියහ.
සමාජයේ නොයෙක් තරාතිරම්හි සිටින එම පිරිස අද පාසලට පැමිණියේ පාසල් නිල ඇඳුමිණි. ඔවුන් අත වතුර බෝතල, බෑග් ද , කටේ සූප්පු ද සූප්පු ද, නිල ඇඳුමේ ලේන්සුද ගසා තිබිණි.
ඇතැමෙක් බක්කි කරත්තයෙන් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොදුරුබර පාසැල් සමයක් නොමැති අයහට මෙය විහිලුවක් ලෙස පෙනීම ගැන දුක් වෙමි. මන්දයත් ඔවුන් තුල ඇත්තේ ද්වේශයක් බව කාටත් වැටහේ. (නි)
සමහර අය හිතන් ඉන්නේ ඕනෑ මෝඩ වැඩක් කරලා ඒක අලුත් වැඩක්/ අලුත් නිර්මාණශීලී අදහසක් කිවුවහම හරි කියලා. (නි)
මට නම් මේවා විකාර වැඩ (නි)
රුවන්, ස්තුතියි ප්‍රතිචාරයට.ඔබ වරක් හෝ ඒ වින්දනය ලබලයි අදහස් පලකලේ. ඇත්තටම සහබාගිවීමට කැමතියි.ගියවරත් පුවත්පත් වලින් දුටුවා.වාර්ෂිකව පැවැත්වේ යැයි සිතුවේ නැහැ.හරියටම දින දැන්නුවා නම් ලබන වසරේ සහබාගි වීමට බලාපොරොත්තු වෙමි.දැන් කලින් දොස් කිවුව අයට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව (දී)
දුප්පත් ළමයෙකුට පොතක් අරගෙන දෙන්න කිව්වොත් දෙයිද? පිස්සු වැඩ කරලා වැඩක් නැහැ (නි)
මේ කට්ටිය ගිය අවුරුද්දෙත් මේ වැඩේම කළා. මොන සූප්පුව ගහගෙන ආවත් වැඩේ ඉවරවුනේ නම් ඉතින්... (නි)
මමත් වේල්ස් කුමරියක් තමයි. ඒත් ඔය විකාර මම නම් අනුමත කරන්නේ නැහැ. මේවගේ දේවල් වලට වඩා ,තමන්ගේ පරණ ගුරුවරු ටික ගෙන්නලා උපහාර උළෙලක් පැවත්තුවානම් ඒ ගුරු මව්වරුන්ගේ සතුට ලෝකයක් වටිනවා.(නදී)
පිස්සු නැත්නම් ෂෝක් (නි)
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපි ආසයි ඒ ලස්සන කාලේ.(නදී)
මෙතන බොරුවට කෑ ගහන අයගෙන් අහන්නේ. තමුන්ගේ තාත්තා, සහෝදරයා එක්ක එකම දවසේ එකට ඉස්කෝලේ ගිය කෙනෙක් ඉන්නවද මෙතැන. කියන්න සන්තෝසයි මගේ තාත්තයි අයියයි මමයි සුදු ඇදුම් ඇදගෙන බෑග් එල්ලගෙන ඉස්කෝලේ ගියා. අන්තිමට ඉස්කෝලේ ඉවර වෙලා යාලුවෝ වගේ එකට සෙල්ලම් කළා. ඒ සතුට මෙතන ගොඩක් අයට නැහැ. ඉරිසියාව. වේල්ස් කුමර මාතාවනි, මේ ලකඹරේ දින දින දිලේවා. (දී)
ඉස්කෝල යන කාලෙත් මේ අය මේ වගේ වෙන්න ඇති, දෙකක් නැහැ! (නි)
ගුරුවරුන්ට උපහාර දක්වන එක හොදයි. ඒත් මේ වගේ විකට රංගන වලින් කෙරෙන්නේ ඇත්තටම ගුරු උපහාරයක්ද? මේ අයට හිතුනොත් උපදින කොට උදව් කරපු දොස්තරලට උපහාර දක්වන්න. කොහොමද ? මේ අය හැමදේම විහිලුවට අරන්. උගත් මෝඩයෝ කියන්නේ මේ වගේ අයට වෙන්ට ඇති.(නදී)
මහින්ද සරත්චන්ද්‍ර මහත්තයාගේ අදහස් දැක්කම මහා පිළිකුලක් දැනෙනවා. මේ වගේ අය තමා ගුරුවන්ට දස වද දී දී, පන්තියේ වැඩවලට බාධා කරමින් ,දෙමාපියන් විහිලුවට ලක් කරමින් , පාසලෙන් කට්ටි පැන්න අය.(නදී)
මමත් වේල්ස් කුමරුවෙක්. කවුරු කොහොම කිවුවත් ඒ වැඩේ මම නම් අගය කරනවා.මම ලංකාවට ගිය සැමවිටම පිරිමි පාසල් ගේට්ටුවෙන් ඇතුලට ගොස් ගග ලගට යනකම් පයින් ගිහින් ආපසු එනවිට පිට්ටනිය හරහා විත් බාලිකා ගේට්ටුවෙන් එලියට එනවා. අනේ දැනෙන සතුටක්. එදා අපි කළ හොද වැඩ මුරණ්ඩු වැඩ එදා යහළුවෝ ගුරුවරු මේ සියල්ල චිත්‍රපටයක් මෙන් හිතේ ඇදෙන අයුරු... (නි)
වේල්ස් කුමරිය, මගේ මිතුරිය, යන්න අත්විදින්න ඒ වෙනස. විශේෂයෙන් ගග ලගට, තාප්පේ දෙපැත්තේ ඉදගන ආදරය කරපු හැටි. (නි)
පින්තුර ටිකක් දන්නා (අ)
කෝ ෆොටෝ ? (අ)
මම ලංකාවේ හිටියනම් මගේ මහත්තයත් යවනවා, එයත් ඔකෙමේ තම.(අ)
ඔය විදියට හැමදාම ඉන්ඩ බැරි වෙය්ද ඔය කට්ටියට (අ)
මට නම් නිකන් පිස්සු වගේ (නි)
විකට ඇදුම් තරගයක් වගේ.ලොකු අය පොඩි උන්ට දෙන ආදර්ශයක්ද මේ? (නි)
මේකත් දැන් හැම අවුරුද්දෙම තියන්න පටන් අරන්.(නදී)
ඕන දෙයක් ඕනවට වඩා කරන්න යන්න හදනකොට එකත් එපා වෙනවා. (නදී)
අලුතින් බෝඋන විකාර . මඟුල් ගෙවල් වල මනාල ජෝඩුව පිලිගන්නත් දැන් රැග් කරන්නේ. (නදී)
මුන් කොල්ලෝ නොවෙයි. කොලු තාත්තලා.(නදී)
ඕක අවසානයේදී ගුරුවරු හා ආදි සිසු කැල හොදින් සප්පායම් විය.(නදී)
විකාර වැඩ.(නදී)
වේල්ස් කුමාර විදුහලට ඔයිට වඩා වැදගත් වැඩ නැද්ද? (නදී)
ඔය විදුහල ඉස්සර ඉදන්ම ඔය වගේ විකාර වැඩ වලට දක්ෂයි.(නදී)
අර කොලපාට ඇදුමට නිල්පාට මාලයක් දාල තියෙන එක්කෙනා දරුවාගේ අම්මගේ චරිතයද රගපාන්නේ. ඒ උනාට එයා කිරිදරුවාව පැහැරගෙන යනවා වගෙයි.(නදී)
මේ මොන විකාරයක්ද ?(නදී)
පිලිගත් පාසැලකින් නොවැදගත් පිරිසක් හදලා (අ)
මේ ප්‍රතිචාර දැකපුවාම දුක හිතෙනවා මිනිස්සුන්ගේ අදහස් ගැන. මමත් වේල්ස් කුමරුවෙක්. මුලින්ම තිබ්බ එකට මමත් ගියා. දෙවැනි පාර ගියේ නැත්තේ මට ලඟ ලඟම දෙවැනි පාර එහෙම දෙයක් අනවශ්‍ය නිසයි. පළමු පාර මේක හරියට සන්නිවේදනය වුනේ නැති නිසා මේකට එදා ආවේ 1-2000 ක වගේ පිරිසක් කියලයි මට මතක. හැබැයි ඒ පාර පාසලේ ක්‍රීඩා පිටි නෙමෙයි, පාර දෙපැත්තත් පාසලේ හතර වටේත් මදි වුනා වාහන නවත්වන්න. ඒ පාර එන්න බැරි වුන අයටත් එක්ක මේ පාර නිසි සංවිධානයකින් යුතුව මේක කරලා. මේ එන හැමෝගෙන්ම පාසල් සංවර්ධනයට රුකුලක් ලැබෙනවා. පොතක් විතරක් නෙමෙයි.විකාරයි කියපු අයට කියන්නේ, මේ අවස්ථාව හදවතින්ම විදපු අය කියන්නෙත් විදින්න ආසා අය කියන්නෙත් මේක සුන්දරයි.. අපේ විදුහල සුන්දරයි.. (දී)
වේල්ස් කුමාරවරුන්ට ජයවේවා! ලංකාවේ හිටියා නම් අපිත් එනවා අනිවාර්යෙන්ම වේල්ස් කුමාරවරුන් එක්ක විනෝද වෙන්න.වේල්ස් කුමාර විදුහල සැමදා දිනේවා. (නි)
අලුත් වැඩක්. හුගක් දේවල් හොදට කරලා තිබෙනවා. නමුත් ගවුම් ඇදෙගන, සුප්පු ගහගෙන ළමයි කවදාවත් ආවේ නැහැ. ඒවා ගැලපෙන්නෙ නැහැ. (නි)
පාලිත, ඔයා ඉස්කෝලේ නොගියට, ඔයාට පාසල් කාලයක් නොතිබුනාට අපිට මොනවා කරන්නද? ඔයාට බලන්න බැරිනම් නොබලා ඉන්න. කවුරුත් ආසයි පාසෙල් කාලෙට අයෙත් යන්න. ගෙදර ඉන්න විවේකි දවසේ පාසලට යන්නේ ලස්සන අතීතය මතක් කරගන්න. (නි)
සම හරක්ට ඉරිසියා හිතිලද කොහෙද. නිර්මාණශීලි වැඩක් කරද්දී. අනේ පවු අසරණ ඉරිසියා කාරයෝ ටික.(නදී)
මොකක්ද මේ කරන්නේ? විහිලුවක් වගේ මට තේරෙන්නේ (නි)
මහේෂ් මම දන්නවා ඔයා ඔය වගේ විකාර වැඩවලට හරිම ආසයි කියලා. (නි)
කන්න කෙසේවෙතත් බොන්න තිබ්බා නම් ඇති නේද. (නි)
ඔහොම දෙයක් කරලා හරි කමක් නැහැ මිස්ලාගෙන් බේරිලා ඉන්න තියෙනවා නම්. (නි)
ඉතාම හොද වැඩක්.මම හිතන්නේ අනෙක් අයත් මේ දේ කරන්න කියලයි. එම්.ඉ .සී ප්‍රනාන්දු මහතාට අපගේ ප්‍රණාමය! (දී)
පිස්සෝ !(නදී)
මේකේ ඉන්න සමහර කුහකයෝ දැක්කම උන් ගැන මාරම දුකක් තියෙන්නේ. මටත් මේ වැඩසටහනට සහභාගී වෙන්න බැරි උනා. ආදී වේල්ස් කුමරුවෙක් හැටියට මන් අපේ පාසලේ අලුත්ම පිබිදීම ගැන ආඩම්බරයෙන් ඉන්නේ. මෙලෝ හසරක් නොදැන කෑ ගහන උදවියට කියන්නේ මේ වැඩසටහනට මහාචාර්යවරු පවා සහභාගී වෙලා තියනවා. මේක සංවිධානය කරේ ලෝකේ වටේ ඉන්න වේල්ස් කුමරුවෝ එක තැනකට ගෙන්න ගෙන තමන් උගන්නපු ගුරුවරු එක්ක ඉස්සර කරපු දේවල් තමුන් දැන් ඉන්න තත්වය කතා කරලා තමුන්ට පාසැල වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරලා තමුන්ගේ ගුරු දෙවියන්ගේ කකුල් දෙක අල්ලලා දන ගහල වැදලා සතුටින් ගෙදර එන්න. අවරුදු ගානකට පස්සේ හම්බ උන එක බත පත කාපු යාලුවෝ මේ වැඩසටහන ඉවර උනාට පස්සේ සෙට් උනා තමයි. ඒක කොහේ ගියත් එහෙමයි. මං මේ ලෝකේ රටවල් 5ක ගිහින් තියනවා. එත් මේ වගේ ලස්සන ඉස්කෝලයක් මගේ ඇස් දෙකට අද වෙනකන් මන් දැකල නෑ. මගේ විදුහල් මාතාව එච්චරටම ලස්සනයි. ආඩම්බරයි වේල්ස් කුමාර අම්මේ.(නදී)