වැල්ලවත්ත ත්‍රිත්ව ඝාතනයේ සැකකරු වන ප්‍රසාන් කුමාරස්වාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය ආගමන විගමන පාලකට නියෝග කළාය. ඔහුගේ පියාත්, මවත්, නැඟනියත් ඔහුගේ කාමරයේ දී මරා දමා තිබි දී සොයාගත් නමුත් ඔහු ගැන තොරතුරක් නැත. ඔවුන් තිදෙනාගේ මළ සිරුරු සුදු රෙක්දකින් වසා කපුරු බෝල කිලෝවක් පමණ පොරෝනා මත තබා තිබිණි. එම කපුරු බෝල වැල්ලවත්තේ වෙළෙඳහලකින් ගත් පුද්ගලයා ඔහු බව ඔහුගේ පින්තූරයක් වෙළෙඳ සේවිකාව හඳුනා ගත්තාය. ඔහුගේ පෙම්වතියන් දෙදෙනකු ගැනත් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් නිසා පවුලම මරපු දුක්ඛිත කතාවක්. (නි)
තිරිසනෙකුටත් අන්ත පුතෙක්.. පාස් පෝට් තහනම් කළාට දැනටමත් රට ගිහිල්ලාද දන්නෙ නැහැ..!!(නු)
කෙල්ලනේ, ප්‍රවේශම් වෙයල්ලා. (නි)
දැනටමත් යුරෝපයේ ඉන්න එල්.ටී.ටී.ඊ හිතවාදීන් මේක හමුදාවෙ අයට සම්බන්ධ කරලා ඇති.. හැමදාම කළේ ඒකනේ..!!(නු)
දේවදත්ත පරපුරේ පුතෙක්ද කොහෙද ??(ස)
මෙතනදීම නඩු අහලා දඬුවම් දීලත් ඉවරයින. කවුරු හෝ යන්තම් එහෙන් මෙහෙන් කියපු දෙයක් කිසිම හරස් ප්‍රශ්න ඇසීමකින් තොරව පිළිඅරගෙන, හැමෝම එකතුවෙලා එක මිනිහකුව එල්ලන්න හදනවා. මෙහෙම තමයි ජේසුස්ව කුරුසේ එල්ලුවෙත්. බුදුන් වහන්සේ විනය කර්මයක් කරද්දී කොතරම් සාධාරණ ලෙස චූදිත පාර්ශවයට සවන් දීමට උපදෙස් දී ඇත්දැයි මේ ප්‍රතිචාර දමන හැගීම්බර බොදුනුවන් නැවත හදාරන මෙන් ඉල්ලමි. මෙහි චූදිතයා නිදොස් කිරීමට මට විශේෂ වුවමනාවක් නැත. එහෙත්, දැනට මිනීමරා නැතත් අපේ බොහොමයක් පාඨකයින් පත්තරේ කියවන්නෙත් මිනීමැරීමේ චේතනාවෙන් බව දකිනවිට අපේ දරුවන් හෙට පිවිසෙන සමාජය ගැන බියක් ඇති වේ. (නි)
විදෙස බලපත්‍රය තහනම් උනාට මෙය මෙලහකටත් ගිහින් ඇති.........(නු)
විදේශ ගමන් බලපත්‍රය තහනම් කලට සල්ලි දීල වෙන එකක් ගන්න පුළුවන් , සල්ලි දීල ඕන හොරෙකුට මංකොල්ල කාරයකුට රට යන්න පුළුවන් කටුනායකින් ඒ වගේම දැන් බෝට්ටුවලින් ඕන රටකට යන්න පුළුවන් .(ස)
තමන්ගේ පවුල ඝාතනය කරන තරමටම ලංකාව දියුණු වෙලා..(ස)
අන්න දැක්ක නේද දූෂිත වූ මුලාවුණු සිතක ක්‍රියාව...!!(නු)
කිරි දුන්නු අම්මවයි.. රැක බලා ගත්ත තාත්තවයි.. සෙල්ලම් කරපු නංගිවයි කොහොමද මෙහෙම මරන්නෙ..? මට නම් හිතාගන්නවත් බැහැ.. පව්කාරයෝ.. දැනටමත් මෙයා මැරි මැරි උපදිනවා අනිවාර්යයෙන්ම..!!(නු)
මේ වගේ අපරාධ කරුවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕන..තවත් මේ වගේ දේ නොකරන්නම...(ස)
මේ වනතුරුත් පිළිගත හැකි සාක්ෂි නැහැනේ මේ පුද්ගලයා තම දෙමාපියන් මැරුවාය කියා... ඒක වෙන කෙනෙකු කළා වෙන්නත් පුළුවං.. පළමුව මේ පුද්ගලයා සොයා සිටින්න.. ඔහුත් කොහේහරි මරලා දාලද දන්නෙ නැහැ...!!(නු)
සොයා නිසි දඩුවම් දෙන්න..(ස)
මොහුට මරණ දඩුවම දෙන්න.. පෝරකය නැවත ඇති කරන්න.. එකක් දෙකක් එල්ලනකොට මේ දේවල් අඩුවෙලා යාවි.. ධර්මයෙන් ගියා ඇති දැං.. (නු)
දැන්නම් එයා රටින් පිටවෙලා ඇති..(ස)
දැනටමත් එයා රටෙන් පිටුවහල් ඇති..!(නු)
ලංකාවේ වල් වැදුණු නීතිය නිසයි මේ හැමදේම වෙන්නේ. (නි)
තිරිසන් පුතෙක්. උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
සල්ලි වලට මනුස්සකම යට යන හැටි. (නි)
ඔන්න බලන්න ඉතිං පුතෙක් තමන්ගේ දෙමවුපියන්ට සළකපු විදිය. (නි)
ලෙස්ලි කියන්නේ ඇත්ත. පාස්පෝට් එක තහනම් කරලා මොකටද අද මිනිස්සු බලාලො මරලා හරි සල්ලි හොයන එකේ.. ඒ මනුස්සයා කරදරයක් නැතිව රටින් පිට වෙයි..!(නු)
මොවුන්ට තමා කියන්නේ ආනන්තරීය පාපතරයෝ කියල. අවුරුදු මිලියන ගණනක් දරුණුම අපායවල කරපු වැරදි වලට ගෙවන්න වෙනවා වෙනවාමය. (නි)