වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ සිය මව සහ පියා සහ එකම නැගනිය මරාදැමීයයි කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ප‍්‍රසාන් කුමාරස්වාමි (25) අද අලූත් කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරිණි. විවෘත අධිකරණයේදී පාපොච්චාරණයක් කිරීමට අකමැති බවත් එය මහේස්ත‍්‍රාත් නිල මැදිරියේදී කිරීමට අවශ්‍ය බවත් සැකකරු පැවසීය. ඒ අනුව මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ ඔහු ප‍්‍රකාශයක් කෙළේය. ලබන මස 11 වැනිදා දක්වා ඔහු නැවත රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදී.