වැල්ලවත්ත හා ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයක් අද (28) රාත්‍රී අටේ සිට අඟහරුවාදා (22) සවස 4.30 දක්වා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පාලමක අලුත්වැඩියාවක් සහ තව පාලමක් සවි කිරීම සඳහා මේ පියවර ගන්නා බවත්, මෙම කාලයේ දී එක් මාර්ගයක් පමණක් ක්‍රියාත්මක වන බවත් දුම්රිය මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ මහතා කියයි.
කොළඹ සිට කළුතර දක්වා ද්විත්ව මාර්ගයක් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉතින් දුම්රිය වලට කොහොමත් අපලනේ! (නි)
ලලිත්, ඇමෙරිකාවේ සියලුම උමං දුම්රිය මාර්ග සඳහා එක දවසයි. ලංකාවේ අඩි 50ක් වත් දිග නැති යකඩ පාලමකට දවස් හතරයි! ප්‍රශ්නේ පිරිස් බලය පුහුණු ශ්‍රමය වෙන්න ඇති. එ්ත් අපේ අය කතා කරන්නේ යාපනේට කෝච්චි පාරවල් හදන්න. දුම්රිය මාර්ග විතරක් නෙමෙයි ලංකාවේ පාරවලුත් ඔය වගේ! (නි)
සතියක් ගියත් කමක් නැහැ, පාලම හරියට හැදුවා නම් ඇති (නි)
අපි ඉතින් ඔය කෝච්චි පාරවල් ටික කාලයකට ඉහත මාස ගණන් වහගෙන හැදුවා නේද රු.කෝටි ගණනක් වියදම් කරලා. සමහරවිට වෙන පාරක්ද දන්නෙ නැහැ හැදුවේ. (නි)
පාරවල් දෙකක් තියෙද්දීත් දුම්රිය එකම පාරේ මුහුණට මුහුණ ධාවනය වෙනකොට, එක මාර්ගයකට බැස්සහම වෙන දේ හිතාගන්න අමාරුයි (නි)
එහෙනම් දුම්රිය වල යන අපිට දෙවියන්ගේම පිහිටයි! (නි)
මේ දවස්වල දුම්රිය මඟීන්ට අපලයි වගේ. මිට දින දෙකකට කලින් ඇමෙරිකාවේ අගනුවර උමං දුම්රිය මාර්ග සියල්ල දවසක් පුරා වසා දමා අලුත්වැඩියාවන් සිදුකරලා තිබුනා. ඔය වගේ දේවල් වලට දියුණු නොදියුණු රටවල් කියලා බේදයක් නැහැ. ඉවසා වදාරන්නට වෙනවා. (නි)