වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි චීන ජාතිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම වල්ලාපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ජී.පී පුෂ්පකුමාර මහතා විසින් අද උදෑසන සිදු කළේය.
මෙම චීන ජාතිකයා අද අළුයම 1.30ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අල්ලා රේගුවට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙන් ලෝකෙටම තෙල් දෙනවා, ඒවානම් නවත් වන්නේ නැහැ, ඒවත් මෙරටේ දේශීය දෙයක්, ලංකාවට තෙල් හම්බ වුනානම් එ්කත් එහෙමම කරයි. වල්ල පට්ට කියන්නේ පසුගිය කාලේ කපල ගිනිතියපු විසි කරපු වැද ගැම්මකට නැති ගහක් අද ? (බ)
"පට්ට ගණන් වල්ලපට්ට" (නි)
වල්ල පට්ටා කිලෝ 23 කට රුපියල් ලක්ෂයක් කොහොමත් මදි චීනා හිනාවෙවී යන්න ඇති. (නදී)
අර දේශපාලකයා කිවුව ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම එන රට මේක නේද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
වල්ලා පට්ට වගාකොට ඒවා අපනයනය කර අපේ රටට විශාල අදායමක් ලැබිය හැකියි මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුවෙනවානම් ලෙහෙසියෙන්ම වල්ලා පට්ටා ජාවාරම මැඩලිය හැකිවේවි (බ)
දඩුවම නම් මදි තමයි අපේ මිනිසුන්ට පිටරටවලදී දෙන දඩුවම් දිහා බලද්දී. (බ)
මහින්ද මේ රට චින කොලනියක් කරන්නනේ හැදුවේ. මේ. චින්නු එන්නේ අත ලෙවකන්න නෙමෙයි. අපි හුරන් කන්නත් එක්ක(නදී)
ඔය අල්ලන වල්ලපට්ටා වලට මොකද වෙන්නේ? අල්ල අල්ලා ඉන්නකම් මේකෙන් රටට ආදායමක් ගන්න බැලුවා නම් තමයි හොඳ. වාණිජ ක්‍රමවේදයක් මත වගාකරලා පිටරටවලට අලෙවි කරන්න බලන්න. විශාල සංඛ්‍යාවකට රැකියා සපයන්නත් හැකිවේවි. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න එකේ තේරුමක් නැහැ. (නි)
මෙවැනි වැඩට සිර දඬුවම් අනිවාර්ය කල යුතුය. (ස)
මේ අල්ලාගත්තේ එක චීනෙක් විතරයිනේ...තව කී දාහක් ගුවන් තොටුපළේ දැල්වලින් පැනලා යන්න ඇද්ද? දඩය නම් මට කොහෙත්ම මදි. චීනෙක් මෙරටට ආවොත්, ආපහු යන්නේ රටම හූරාකාගෙනයි.... (නි)