ලොව මිල අධිකම සුවඳ විළවුන් සෑදීම සඳහා යොදා ගන්නා වල්ලා පට්ට ශාඛයේ කිලෝ 28ක් බිබිලේ කැලෑවකින් කපා එතෙර යැවීමට සැරසුණු පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ වැවෙන වල්ලාපට්ට ගසේ කඳ මෙම විළවුම් සෑදීමට යොදා ගනී.
ලොව මිල අධිකම සුවඳ විළවුන් සෑදීම සඳහා යොදා ගන්නා වල්ලා පට්ට ශාඛයේ කිලෝ 28ක් බිබිලේ කැලෑවකින් කපා එතෙර යැවීමට සැරසුණු පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ වැවෙන වල්ලාපට්ට ගසේ කඳ මෙම විළවුම් සෑදීමට යොදා ගනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ රක්ෂිතයේ හොටෙල් හදන රටක , නිදන් හාරන්න පන්සල් කඩා විනාශ කරන රටක, භික්ෂුන් වහන්සේලා අමු අමුවේ ඝාතනය කරන රටක මේවගේ වැඩත් නොවුනනම් තමයි ප්‍රශ්නෙ . (ස)
කෑගලු දිස්ත්‍රික්කයේ කරාබු නැටි මිල අඩුවුනාම කරාබු නැටි ගස් ගලවලා රඹුටන් වගා කලා, පිටි මකුනෝ ආවා. පාඩු වුනා. වැල් පට්ටා කතාව අහලා රබර් ගලවලා ඒවා හිටවයිද දන්නේ නැහැ.(නදී)
හොරකම වුනත් රටට මුදල් ලැබෙන ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. රජය මැදිහත් වෙලා වවලා ව්‍යාප්ත කෙරුවොත් හොදයි නේද?(නදී)
අප රට විනාශ කරන මේ වගේ අය පට්ටා ගැසිය යුතුයි.. (ස)
මේවා තමයි ඉතින් අපේ කට්ටියගේ වැඩ. (නි)
මේවා වගාවක් වශයෙන් කලොත් පිටරට පටවන්න පුළුවන් නේද?(නදී)
එහෙනම් තේ, රබර්, පොල් වැවිල්ල නවත්තලා වල්ලපට්ට වවමු. (නි)
හරි. දැන් දන්නවනේ ගහේ නම. (නි)
මේ ශාකයේ එච්චර වැදගත්කමක් තියෙනවා නම් අපිට බැරිද සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්න, ශාකය වගාකරලා දේශීය කර්මාන්තයක් හැටියට. (නි)
රට යවන්නේ නෑතිව ...එයාලා අර කියන සුවද විලවුන් ලංකාවේම හෑදුවනම් ...කිසිම් ..ප්‍රශ්නයක් නෑනේ. අනික හොද නමකුත් දාලා මාකට් එක අල්ලන්න තිබුනා. (දී)
ඇයි අපිට බැරි මේ වැල් වලින් ලංකාවේදී සුවද විලවුන් හදන්න? (නි)
මේ ගස් කැළෑවේ ඇයි නිකන් තියන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
නරක මිනිසුන් ඕනාතරම් ඉන්නේ පට්ට ගහල යවමු
මේවා කරන්නේ යහමින් මුදල් තියෙන නොයෙකුත් සම්බන්ද කම් තියෙන අයයි. මොවුන්ට උපරිම දඩුවම දෙන්න.(නදී)
මේක සුවද වුනාට නම තමයි කැත.(නදී)
රටේ තියෙන සම්පත් මේ විදියට නැති නාස්ති කරන එකට උපරිම දඩුවම් දිය යුතුයි.(නදී)
දේශීයත්වය විනාශ කිරීමක් (දී)
ගමේ කට්ටිය කියන විදියට නම් මේ ගහ ඉරල පුයෝජනේට ගන්නත් බෑ. එහෙව් එකේ ගමේ දුප්පත් කොල්ලො ටිකක් මේ ටික එකතු කරගෙන විකුණන එක ලොකු වැරුද්දක් කියල මට හිතෙන්නෙ නෑ. පොලිසියටත් ඔය ටික මදැයි. හැබැයි මේක ඒ පැත්තෙ ඉන්න ඇමති කෙනෙක් හරි ඇමති කෙනෙක්ගෙ ගෝලයෙක් හරි කරා නම් මේවා මෙහෙම පත්තර වල ටී.වී වල වැටෙන්නෙ නෑ. පොල් ගෙඩියටත් උසාවි යන කාලේ මේවා පුදුම වෙන්න දෙවලුත් නෙවෙයිනෙ.(නදී)
නුවන්, ඔබ හරියටම හරි. (නි)
අපේ අම්මා අපි කුඩා කාලයේ වත්තට ගිහින් දර අහුලලා මිටිය බදින්නේ ඔය වල් පට්ටා වැලෙන්. එහෙම වටිනවා නම් වගාකර පිටරට පටවමුකෝ කුරුදු පට්ටා වගේ.(නදී)
නුවන් කියපු තකාව හරි. මෙච්චර කාලෙකට වල්ලා පට්ට වලින් කළේ මොකක්ද කියල ඹය බොරුවට කෑගහන අය දන්නවද? දන්ඩ අරන් පිහිය වල මිටි ගැහුවා. පට්ටෙ අරන් කිතුල් මල් වෙලන්න හරි නැත්තම් දර මිට් බදින්න ගත්ත එකනේ කළේ. එහෙම තිබුනු දෙයකට හොද මිලක් ආවාම ඒකේ වාසිය දුප්පතාටයි ආවේ. අනික ඹය කියන ගහ හැම තැනම හැදෙන එකකුත් නෙවේ. ඒකේ වටිනාකම තියෙන්නෙ ඒ ගැන දන්න අයට මිසක් නොදන්න අයට නෙවේ. (නදී)
දැන් මිනිස්සු ඉතුරු ගස් ටිකත් නැතිකරයිද දන්නෙ නැහැ. (නි)
පට්ට ගහන්නයි වටින්නේ. (නි)
මේවා වගාකරන්න බැලුවොත් නරකද? (නි)
ලලිත්ගේ කතාව සහතික ඇත්ත. (නි)