රුපියල් හැත්තෑ ලක්ෂයක් වටිනා වල්ලා පට්ටා කැබලි තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු අද අළුයම 1.30 ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට කටුනායකට පැමිණ ඇත. එහිදී ඔහුගේ හැසිරීම පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ සගවා තිබු කිලෝග්‍රෑම් 10 යක් බරැති වල්ලා පට්ටා තොගයක් සොයාගෙන ඇත.
මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක දඩ නියමකොට එම වල්ලා පට්ටා රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඒ.ඩබ්ලිව්.එල්.සී වීරකෝන්, විපුල ප්‍රනාන්දු සහකාර රේගු අධිකාරීවරුන් වන කේ. සෝමසිරි, ඉසඩ්. ඒ අතීෆ්, ෙජ්.එම්.ඩී ජයසිංහ, ඩී.එල්.ඩබ්ලිව්.එස් පුෂ්ප කුමාර යන නිලධාරීහු සිදු කලහ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වල්ලා පට්ටා අදින්න ගිහින් පට්ටා ගැහේ