තායිලන්තයේ බැංකොක් නුවර රථවාහන තදබදය අතින් ලොව ඉහළින්ම සිටින අගනුවරකි. බැංකොන් නුවර මැද පිහිටි බැංකොක් මහා රෝහල වෙත හදිසි රෝගියකු රැගෙන යෑමට පැය කිහිපයක් ගත වන බව එරට මාධ්‍ය පවසයි. පසුගිය වසරේදී ගැබි‚ මව්වරුන් සියයකට වැඩි පිරිසක් හදිසි දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහලට යාගැනීමට නොහැකිව රථවාහන තුළදීම දරුවන් බිහි කළ බව එම මාධ්‍ය පවසයි. මේ පිළිබඳව අවධානය යොමු කළ තායිලන්ත රථවාහන පොලිසිය තෝරා ගත් පොලිස් නිලධාරීන් පිරිසකට හදිසි අවස්ථාවකදී ගැබි‚ මවකට දරු ප්‍රසූතිය සඳහා පිහිටවීම වෙනුවෙන් විශේෂ පුහුණු පාඨමාලාවක් පැවැත්වීය. බැංකොක් නුවර රථවාහන පොලිසියේ සේවය කරන මතා ජොකොක්සුං එම පාඨමාලාව හැදෑරූවෙකි. වාහන තදබදයට හසුවී රෝහලට යා ගැනීමට නොහැකිව ප්‍රසූත වේදනාවෙන් පෙලූන මව්වරුන් හතළිස් හත් දෙනකුගේ කිරි කැටි බිලිඳුන් තමන් අතින් මේ ලෝකයේ එළිය දුටු බව ඔහු පවසයි. පසුගිය අගෝස්තු මාසයේදී රථවාහන පෝලිමට හසුවී කුලී රථයක ප්‍රසූත වේදනාවෙන් කෑ ගැසූ මවකට පිහිටවීමෙන් ඉපදුන බිලිඳා ඔහු අතින් මේ ලොව එළිය දුටු හතළිස් හත්වැනි බිලිඳාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. (ස)
ඕනම රජයක්, ආයතනයක්, සමාගමක් හෝ පුද්ගලයකු හරිම අවශ්‍යතාවය තේරුම්ගත යුතුයි. එවිට ඒ අයට හෝ ආයතනය හෝ රජය පරාජය වෙනවා අඩුයි. ඒ අතින් තායිලන්ත පොලිස් දෙපාර්තමේන්තුවට මගේ බලවත් සතුට සමග ස්තූතිය. මෙය ලොවටම ආදර්ශයක්. (ස)
අපේ ගුවන්තොටුපොළේ අයට දෙන්න කුඩු සහ රත්තරන් ගන්න හැටි ගැන පුහුණුවක්. (ස)
ඒ අය කරන්නේ වින්නඹු කම් මේ අය කරන්නේ දත් ගැලවීම. පාරවල් වල මිනිස්සු මළාට ඔච්චර පාරවල් වල ඉපදෙනවා කියල ඇහුවමයි. (ස)
දේසේ හැටියට වාසේ. (ස)