සිව් වැනි විලියම් රජු නමින් මේ මස 30 වැනි දා කිරුළු පළදින ඕලන්දයේ විලියම් ඇලෙක්සැන්ඩර් පසුගියදා ඕලන්දයේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් තමන් රටේ රජු උනත් අතිගරු උත්තමයාණෙනි යනුවෙන් ආමන්ත්‍රණය නොකරණ ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තමා මනුෂයෙක් පමණක් බවත් රාජකීය සම්ප්‍රධායන්ට තමන් කිසි විටකත් ගැති නොවන බවත් රජ කුමරා කීය.
ඕලන්දයේ රාජකීයත්වය යටතේ 21 වන සියවසේදී රජකු ලෙස හැසිරෙන බව ඔහු එහී දී කීය.
ඔහුගේ බිරිඳ මක්සීමා කීවේ ඕ රැජිනක් නොවන ලෙසය. හෙටටත් ඇය මක්සීමා යැයි ඇය කීවාය.
ඕලන්දයට රජෙක් සිංහාරූඩ වන්නේ වසර 115 කට පසුවය.
ඔහුගේ කිරුළු පැළදවීමේ උත්සවය මේ මස 30 වැනි දින රාජකීය සිරිත් විරිත් අනුව ඇම්ස්ටර්ඩෑඩ් අගනුවර රජමාලිගයේදී පැවැත්වෙන් අතර එතෙක් මෙතෙක් රජකම් කළ විලියම් කුමරුගේ මව් රැජින විශ්‍රාම යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යොහාන්, මෙහෙ (ඕලන්දයේ)තියෙන්නේ, කතා කරන්නේ ඕලන්ද. නැතුව ඉංග්‍රීසි නෙවෙයි. (නි)
මේ අය නමට විතරනේ රජ, අතවන්නයි අත්සන් කරන්නයි තමයි දන්නේ.. අපේ උඩරට රජවරු රවටන්න ඇත්තේතෙත් මේ වගේ කතා කියලා තමයි..!(නු)
අපේ අය නම් කවදත් මහජනතාව සමගනේ..!(නු)
ඔබ දෙපළ පැවසුවා සේම ක්‍රියාවෙනුත් පෙන්නුම් කළොත් මුළු ලෝකයටම ආදර්ශයක් වේවි. (නි)
ලංකාවේ ඉන්නේ ප්‍රාදේශීය චන්ඩිනේ බොලන්. (නි)
වරුණ ඔය දක්කින්නේ ඕලන්දයේ රජ පවුල..!(නු)
ඕලන්දේ රජතුමා ගාමිණීගේ ක්ලාස් මේට් කෙනෙක් වගේනේ කතාව. (නි)
ඕනෑම බටහිර රටක පන්ති බේදය නැහැ.අපේ අය එහෙ ගියාම එහෙ අය ලංකාවට නොඑන්න මේකත් එක හේතුවක්.ඔබාමට කතාකරන්නේ මිස්ට ප්‍රසිඩන්ට් කියලා. ඩේවිඩ් කැමරන්ට මිස්ට ප්‍රයිම් මිනිස්ට. එච්චරයි. (නි)
ඕලන්දයේ කිරුලු පළඳින 4 වෙනි විලියම් රජුට මාගේ සුභ පැතුම්! ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉතාමත් අගේ කොට සළකනවා. අපේ රට ගැනත් ටිකක් හිතන්න. (නි)
ඒකටත් එක්ක අර අඹ ගෙඩිය වගේ තියන රට ? (නි)
රජකමෙ අගය දන්නේ ලංකාවේ ඉන් නඅය පමණයි. ඒකනේ අපේ අය කුලල් කාගන්නේ.(නදී)
එහේ එහෙම වුණාට මෙහේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
මෙන්න රජවරු...(ස)
බලමුකෝ එකෙත් හැටි... (ස)
කවුරු කොහොම රජ වුණත් අපේ ජනාධිපතිතුමා තමා අපිට නියම රජු. (නි)
නිහතමානී මිනිස්සු. (ස)
කොයි කවුරුත් මුලදී කියන්නේ ඔහොම තමයි අන්තිම හරියට යනකොට තමයි බලන්න ඕන වැඩ ටික (ස)
එතුමලා රජ වෙන්නේ සම්ප්‍රදායෙන්. මෙතුමලා රජ වෙන්නේ ඡන්දයෙන්. සැබෑ වෙනසක්. (නි)
මේවා කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් කරන එක තමයි හොද(නු)
සැබෑ උගතුන් සහ සැබෑ ධනවතුන් උරුමයෙන් හෝ කරුමයෙන් (කුසල) ලැබෙන දේ ගැන කිසිදා උඩඟු නොවනු ඇත.(ස)
මේ රජවරුන් පිටිපස්සෙනුත් ත්‍රිවිධ හමුදාපතිවරුන් හිටගෙන ඉන්නවද?(ස)
අතිගරු උතුමානනි කියල ඕලන්ද එන්ග්ලිෂ් භාෂාවලින් කියන්නේ කොහොමද?(නු)
හොඳයි. හැබැයි ඉතින් මොකටද රජ වෙන්නේ? (නි)
නියම රජවරු හැමටම ආදර්ශයක්..(ස)
බලල හැදෙන්න. ඉගෙනගන්න. (ස)
අයි වරුණ අපි උතුම් කියල හිතන් ඉන්න නිසා ඉරිසියා හිතුනද....(ස)
හැම දේම කොපි කරන්ට දක්ෂ සිහලුනේ... සිහල පලකයිනේ... කවදාවත් හොඳ දෙයක් නොගන්න නරකම ගන්න පාලකයිනේ... බලන්න මේ ප්‍රකශේ දිහා.ශ්‍රීමත්,අති උතුම්,තුමා, මැති තුමා,කියා කියා පන්තිබෙදේ වපුරන්නේ නැතිව නරකද මේවා ඉගන ගත්තොත්.(ස)
සූකිරිටත් උතුමානන් කියාගන්න ඕනෙද?(නු)
මේ ඕලන්දයේ රජ පවුලයි..!(නු)
මේ අය කියන දේමයි කරන්නේ?(නු)