
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කළාඔයේ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග විල්පත්තුව වන උද්‍යානයට පිවිසෙන වනාතවිල්ලුව එළුවන්කුලම පිවිසුම තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පවසයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයට පුත්තලම දෙසින් පිවිසෙන එළුවන්කුලම ක්‍රොස්වේ පිවිසුම අසලින් ගලා බසින කළාඔයේ ජල මටට්ම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග මෙම තිර්ණයට එළඹි බව උද්‍යාන පාලකවරයා වැඩි දුරටත් පවසයි.
රාජාංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් ගලා එන දැවැන්ත ජල කද කළාඔයට මුදා හැරීමත් සමග කළාඔයෙ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහල යාමත් සමග එළුවන්කුලම ක්‍රොස්වේ විල්පත්තුව පිවිසුම ආසන්නයෙ දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමග මෙම පිවිසුම තාවකාලිකව වසා දමා ඇති බව කියයි.
මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානය නැරඹිමට පැමිණි සංචාරකයින් ආපසු හරවා යැවිමට එළුවන්කුලම පිවිසුම භාර නිළධාරීන් කටයුතු කර තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd