විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු හානියක් සිදුව නැති බව ඔප්පු කිරීම සදහා ඕනෑම තැනකට පැමිණ විවාද කිරීමට සූදානම් යැයි ජාතික වෘත්තිය සමිති පෙරමුණ පවසයි.
පරිසරයට ආගමක් ජාතියක් නැති නමුත් පරිසරය සුරැකීමේ මුවාවෙන් ආගම්වාදයත් ජාතිවාදයත් පැතිරවීමට අන්තවාදීන් උත්සාහ කරන්නේ යැයි එහි විධායක සභික ගාමිණි වියන්ගොඩ මහතා අද(7) පැවැත් ප්රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කවුරු වුණත් ඉන්නේ කවුරු වෙනුවෙන්ද කියලා දැන් තේරෙනවනේ. වචන හරබයක් නැතුව ඇත්තට විනාශයක් වෙලා තියෙනවද බලන්න ගාමිණී මහත්තයෝ. නැත්තම් ඔයාලගේ ඇත්ත බළලා මල්ලෙන් එළියට පනිවි. (නි)
වැඩි විවාද අවශ්‍ය නැත. කරුණාකර මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැරණි සහ මෑතකදී දන්නා ලද ගුවන් ඡායාරූප පරික්ෂා කරමු. ඒවා තමා සාක්ෂි. නැතුව දෙපැත්තකට වෙලා වාද කිරීමෙන් පලක් වෙන්නේ නැත. එමනිසා වන විනාශය ගැන පෙන්වන ගුවන් ඡායාරූප ගැන ඔබේ අදහස් කියන්න. අපි කාටත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් එම ප්‍රදේශයේ ගුවන් ඡායාරූප මිලදී ගත හැක. (නි)
ගාමිණි වියන්ගොඩ මහතාණෙනි, කිසිම ප්‍රමිතියක් නැතුව කැලෑ එළිකර පදිංචි වෙන්නේ සිංහලයෝද කියා පළමුව කියන්න. දෙවනුව එකම ජාතියක් එකම ප්‍රදේශයේ බුරුතු පිටින් පදිංචිවුණාම අනාගතයේදී රටේ වෙනම කෑලි ඉල්ලන්නට පටන් ගන්නවා නේද. එමනිසා සිංහලයන්ද මිශ්‍රකර රටේ ජන අනුපාතයට අනුව ඔය පළාත්වල මිනිසුන් පදිංචි කළයුතුය කියා කියන්න (නි)
මේ ගැන තීරණ ගැනීමට හෝ ඇත්ත බොරුව කිරීම සඳහා ප්‍රචාරයක් ගෙනයාමට ඔබතුමාට ඇති බලය කුමක්ද? (නි)
ඩොලර් වලට කහිමින්, රටට ජාතියට, තමන්ගේ ලෙයින් උපදින දරුවන්ට, අනාගත සිංහලයාට විනකරන සිංහල ද්‍රෝහියන්ට විරුද්ධව මෙහි අදහස් පළකරන සැමට ස්තුතිය! විල්පත්තු වන විනාශය නොදකින මේ පොට්ටයන්ට අඩුම වශයෙන් මෙහි තනිකරම වාර්ගික ජනපදවත් බිහිවෙනවා නොපෙනෙන්නේද? සිංහලයට විනකරන කරවන සැමට ශාප වේවා! (නි)
රොකී, එයාලට ඇත්තේ සල්ලි වල බලයයි. අපි එයාට කියමු මෑතකදී ගත්ත ගුවන් ඡායාරූප වල ඇත්ත නැත්ත කියන්න කියලා (නි)
මේ වගේ අය තමා රට විනාශ කරන්නේ. (නි)
හුසේන් මොහමඩ් -රියාද්, දී කිරට බළලුත් සාක්කි කියන එක අහලා තිබෙනවා නේද. ඉතින් විල්පත්තු කැලෑ එළිකිරීම ගැන වැඩි කතා කුමටද? කොහොම වුණත් රටේ මොන පළාතේ පදිංචි කළත් රටේ ජන අනුපාතයට අනුව සිදුවිය යුතුයි. (නි)
විල්පත්තුව නැතිවෙලා යනකම්ම විවාද කර කර ඉඳියි (නි)
අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා (නි)
මෙයාට හරිම හදිස්සියක් තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න. (නි)
බමුණු සමඟ 100% එකඟ වෙන්න පුළුවන්. කවුරුවත් හිටවපු මායිම් කණුවත්, හදපු ගොඩනැගිලිවත් නෙමෙයි, පිළිගතහැකි නිවැරදි ලේඛන වලින් ඔප්පුකරන්න ඒ ඉඩම්වලට තියෙන හිමිකම. මිනිදෝරු දෙපාර්තමේන්තුව සතුව තියෙනවා මෙයට අවුරුදු 100 කටත් වඩා පැරණි මිනුම්වල වාර්තා. (නි)
රත්න(අ)ප්‍රියත් එක්ක එකතු වෙලා රට කන මෙයා විල්පත්තුවට පත්තු බඳින්න ලෑස්තිවෙන්න එපා (බ)
පක්ෂ ආගම් භේදයකින් තොරව කවුරුත් ගහකොළ රැකගැනීමට උනන්දු වියයුතුය. මුදලට පවුකාර වැඩ කරන්න එපා. (නි)
රට නැතිවෙන එක අහන්න දෙයක්ද? (නි)
අර බලය මේ බලය කියලා ඩොලර් වලට කහින පෙරමුණු අටවාගෙන සිංහල මිනිස්සු ගොනාට අන්දන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. එක පාරක් වෙනසක් කියලා සිංහල මිනිස්සු ගොනාට ඇන්දුවා. දැන් විල්පත්තු කැලේ කපන්නේ නැහැ කියලා සිංහල මිනිස්සු ගොනාට අන්දනවා. සිංහල මිනිස්සුත් රෙද්දක් පෙන්නපු ගමන් කපලා මහලා ඇඳගෙන හොඳයිද කියලත් අහන තරමට බුද්ධිමත් ජනතාවක් නිසා ඩොලර් කපුටන්ට රජ මඟුල් දැන්! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
ජාතික වෘත්තිය සමිති පෙරමුණේ විධායක සභික මේ මහත්තයා මොන රටේද රැකියාව කරන්නේ කියලා දැනගන්න ආසයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් වේවා ඊට මෙහායින් තියෙන මහා ඝන වනාන්තරයෙන් වේවා, කපන්නේ ගස් නම්, මරන්න වන සතුන් නම්, විනාශ කරන්නේ ස්වභාව සම්පත් නම්, අපි විරුද්ධ වෙන්න ඕනෑ ඒකට. එහෙම නැතුව විල්පත්තු කියන නම අල්ලාගෙන වචන වලින් සංදර්ශන දාලා වැඩක් නැහැ. (නි)
ඔන්න රටක් වටින මිනිස්සු. සත්‍යය මිසක්, ජාති ආගම් ඔවුන්ට අදාළ නැහැ. පෑන හසුරුවන්නේ නිර්භයව සහ සද්භාවයෙන් සාධාරණය වෙනුවෙන්. වියන්ගොඩ මහත්මයාණනි, ඔබට මගේ හදපිරි ආචාරය. (නි)
අනේ මට හිනා! (නි)
යන්න රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමාගේ නිවසට, එතුමා සමඟ විවාද කරන්න (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ඩොලර් කුට්ටි ලැබෙනවා නම් අපේ අයට විල්පත්තුව නොවෙයි මොන පත්තුවක්වත් විනාශකරන ඒවා පේන්නෙ නැහැ (නි)
අපි දන්නවා ඔබ මොනවද කළේ, මොකටද කළේ, කා වෙනුවෙන්ද කළේ, ඔබ සත්යවාදීවමද කළේ කියා. ඔබ ලියු පොත් පිළිබදව අපගේ පැහැදීමක් තිබුනද දැන් දැන් ඔබ යන මඟ පුද්ගලිකත්වයට කියා පැහැදිලියි. කණගාටුයි. (නි)
මේ දවස් වල ‘කළු ඩොලරයේ‘ අගය කීයද දන්නෙ නැහැ (නි)