(විනීතා එම් ගමගේ)
නැවත පදිංචිකිරීම් සඳහා විල්පත්තුව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරයේ ඉඩම් නිදහස් කරන්නැයි වන සංරක්ෂණ ජනරාල් වෙත නියෝග කිරීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ට කිසිදු අධිකාරි බලයක් නොමැති බව විලත්තියිකුළම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධටෙයන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ.
රක්ෂිත වනාන්තරයක් ලෙස විලත්තියිකුළම් වනාන්තරය ප්‍රකාශයට පත් කර තිබියදී එකී රක්ෂිතයෙන් අක්කර 650 ක් නිදහස් කර ගැනීමට වන සංරක්ෂක ජනරාල්ට ද අධිකාරී බලයක් නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම ඉඩම් බෙදා දී ඇත්තේ අවතැන් පවුල්වලට නොවන බවත් ඉඩම් නොමැති පවුල් බව පවසමින් අක්කර භාගය බැගින් ලබා දී තිබු පවුල් 1371න් 1030 කටම වෙනත් ස්ථානවල ඉඩම් හිමිව තිබු බව විගණනයේ දී හෙලි වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
“නැවත පදිංචි කළ යුතු-ව ඇත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමිවී අවතැන්වූ පවුල් වුවද ඉඩම් ලබා දී ඇති කිසිවෙකුටත් යුද්ධය නිසා ඉඩම් අහිමි වී නොතිබිණි” යැයි එහි සඳහන් ය.
මුල් ඉඩම් බව පවසා 2009 න් පසුව පැමිණ ඇතත් පෙර පදිංචි වී සිටි බවට කිසිදු නාම ලේඛණයක් ඉදිරිපත් කර නොතිබු බවද එම විගණනයේ දී හෙලිවී තිබේ.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව අක්කර 650 ක් වු රක්ෂිත කැලෑ ප්‍රෙද්ශය එළිකිරීමට පෙර පාරිසරික අගැයීම් වාර්තාවෙක් ලබාගත යුතුව තිබු නමුත් එවැන්නක් ලබා නොතිබු බව ද එම වාර්තාව කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් පරිදි ජනතාවෙග් යහපත පිණිස රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිති කොට වැඩි දියුණු කල යුතු යැයි සඳහන් වන බැවින් ද ඒ සඳහා පවතින විධි විධාන ප්‍රමාණවත් නොවන බැවින් ද අවශ්‍ය විධිවිධාන පැනවීමට කටයුතු කළ යුතු යැයි ද රජයේ විගණන නිලධාරින් විසින් සිදුකළ එම වාර්තාව මඟින් නිර්දේශ කර ඇත.
අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ දී ඉඩම් අහිමි අයවලුන් නිවැරදිව හඳුනා ගෙන ඔවුන් හට ජාතික ප්‍රතිපත්තින්ට සහ පවතින නීතියට අනුකූල වන පරිදි ප්‍රමාණවත් ඉඩම් කොටස් ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද එහි නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව තවත් ලංකාව් තියන් ඉන්නවනේ..
යහපාලන අපරාධ කාරයින්ට තමයි ඉතින් මේවට වගකියන්න වෙන්නේ...
වැරදි කරපු කෙනාට දඬුවම් නොදී මොනවා කිව්වත් වැඩක් නැහැ..
හිටපු ඡනාධිපති ලේකම් සිල් රෙදි බෙදූ බවට අත්අඩංගුවට ගත්තානම් මේ මහා අපරාධයට වගකිවයුත්තන් උසාවි ඉදිරිපත් කොට දඬුවම් නොකිරීමට කිසිම හේතුවක් නැත. බලධාරීන් නැවත හැරී තමන් සුදනන් සේ මේ අය මෙසේ කොට ඇතැයි නොපවසා තම නිලබලය භාවිතා කර කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් රටේ උත්සන්න වෙමින් පවතින අන්තරාගමික වියවුල් වැඩිවීමේ වගකීම රඡය බාරගත යුතුය. ඊටත් අමතරව සාම්පූර් මහා අපරාධයට මුලික හේතුව රඡයේ මේ නියාලු පැවැත්ම බවද මෙහි සඳහන් කළයුතුය.
මේකටත් කොමිසමක් පත්කරලා කල් මරාවි..
දලපුට්ටුව මැරීමට හා සමාන හෝ ඊට වැඩි දඬුවමක් (ජීවිතාන්තය දක්වා හිරේ ) දියයුතුයි !
මේ ආණ්ඩුවට රට කරන්නත් ජනතාවගෙන් හරියට බලයක් ලැබුනේ නැහැ . ව්‍යවස්ථා විරෝදී නීති විරෝදී ජනපති පත්කිරීම් නිසා මේ සියලු කනගාටු අකටයුතුකම් අද සිංහලයට සිදු වෙනවා.
විලත්තියිකුළම් වනාන්තරය එලිකරලා තියෙන්නේ 2013-2014 පසුගිය රජය කාලේ. මේ විගණන වාර්තාව ඒ ගැනයි. Google Earth එකෙ Show historical imagery කියන function එකෙන් ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්.
සුළු ඡන්ද අහිමි වෙතැයි අනවශ්‍ය බියක් ඇති, අමන පිරිසක් වැරදිකරුවන් වෙනුවෙන් දඬුවම් ලබා නොදෙති. රටේ අවාසනාවට සියල්ල ඡන්ද මත පදනම් වී ඇත. ඉතා සුළු පිරිසක් අහිමි වෙතැයි බයෙන් විශාල පිරිසකගේ දෝෂ දර්ශනයට ලක්වේ.
බදුර්දීන් ට පුළුවන් නම් අනිත් ඇමතිලාට බැරි ඇයි? ඔය සිංහරාජේ පැත්තෙන් ඉඩම් කෑල්ලක් කාට හරි ඕන උනොත්? පළාත් සභාවට දෙන වෙලාවේ ඇමැතිතුමාටත් දෙන්න පුළුවන් විදිහට නව ව්‍යවස්ථාව සම්පාදනය කලොත් මේ ප්‍රශ්න මුකුත් නෑ. දීල බලමුද?
මේවාට විරුද්ධව නිසි පියවර නොගන්න හැම එකෙකුටම අනාගත සිංහලයා වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදු වේවි!!!!
නුවන් මහත්තයෝ, ඒ ඇමති තුමාට වගේම අනිත් උන්නහෙලාටත් පුළුවනි.