විල්පත්තුවේ කැලෑ කැපීමක් සිදු නොවන බව කීවත් සැබෑ ලෙසම කැලෑ කැපීම සිදු වන බවත්, ඊට වග කිව යුත්තේ මුස්ලිම් ජනතාව නොව පසුගිය රජය සහ වත්මන් රජය බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
ඇතැමුන් විල්පත්තුවේ කැලෑ කපන බව කියමින් මරිච්චිකට්ටුව ගම්මානය පෙන්වන බවත්, මරිච්චිකට්ටුව ගම්මානයේ යුද්ධයට පෙර ජනතාව සිටි ප්‍රදේශයක් බවත්, සත්‍ය වශයෙන්ම කැලෑ කැපීම සිදුවන්නේ විල්පත්තු උතුරු අභය භූමියට අයත් ප්‍රදේශවල බවත් පවසන ආචාර්ය කාරියවසම් මහතා මේ වන විට විල්පත්තුවේ උතුරු අභය භූමියේ කල්ලාරු ලවිලත්ති කුලමි, මාවිල්ලු හා මඩු රක්ෂිතයත් විනාශ කරගෙන යන බවද සඳහන් කරයි.
“පසුගිය සමයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නිකුත් කර ඇත්තේ පෙරියමඩු අභය භූමියෙන් බැහැරව භූමි භාගයක් නිදහස් කිරීම වෙනුවෙන් පමණි”
“විල්පත්තුව අවට ආරක්ෂා වි තිබු රජයේ කැලෑ ඉඩමි මෙන්ම රක්ෂිත ප්‍රදේශ මේවන විට රජයේ උවමනාව පරිදි විනාශ කරමින් තිබෙනවා. එය කවුරුන් විසින් සිදුකළද බරපතළ වැරැද්දක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය. එම වැරැද්දම තව තවත් තීව්ර කරමින් වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වනාන්තර අක්කර 16,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට විනාශ කර දමා තිබෙනවා” යැයිද ආචාර්ය කාරියවසම් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නම් ඇත්ත දැන් හම්බන්තොට ගුවන්තොටුපල හදන්න කොයි තරම් නම් වන විනාශයක් කළාද ඒ සිංහල අපේ මිනිස්සු හින්ද ඔය කියන පරිසරවේදියෝ කට ඇරියේ නැහැ . (ම)
විල්පත්තු වන සංහාරයට කවුරු වගකිවයුතු වුණත් අවසානයේ වන්නේ මේ වටිනා සම්පත අපිට අහිමිවීමයි (නි)
මොන විහිලුවක්ද මේ? හමුදා අනුඛණ්ඩ කීපයක් විල්පත්තු මායිම් වලට දැම්මා නම් හරිනේ. (නි)
නොබියව සත්‍ය හෙළිකිරීම ගැන ඔබතුමාට අපේ ආචාරය. (නි)
ඒ ගමන මේ මොනවද කියන්නේ? (නි)
මේක නවතින දේකුත් නොවෙයි, නවත්වන දේකුත් නොවෙයි. ඉඩම් අඟලක් නැතුව දුක්විඳින සිංහල මිනිසුන්ටත් දැන් තියෙන්නේ ඔය පැත්තේ කැලෑවලට ගිහින් අක්කර 4-5 අල්ලලා එලිපෙහෙළි කරගන්න. (නි)
කලින් රජයට ඇඟිල්ල දික්කළාට දැන් පේනවනේ කවුද ඇත්තටම කැලේ කපන්න ඉඩ දීලා තියෙන්නේ කියලා. ඒ පැත්තෙන් ගත් ඡන්ද වල ණය ගෙවන්නනේ මේවා කරන්නේ. එක අතකට ඉස්සරහට ෆෙඩරල් පාලනයක් ඊළඟට වෙනම පාලනයක් යටතේ ඔය පැති ලංකාවෙන් කොහොමත් වෙන්වෙන නිසා එකෙත් අවුලකුත් නැද්ද මන්දා. (නි)
මෙහෙමත් ජරා දේශපාලනයක් තියෙන රටක්. (නි)
අපි බලාපොරොත්තු වෙනවා, ජනපතිතුමා මේකට සාධාරණත්වයක් කරයි කියලා. (ර)
රටම විනාශ කළත් කමක් නැහැ අපිට ඡන්දය ලැබෙනවා නම්. එහෙම නේද? එහෙම හිතලානේ අපිත් ඔහෙලගෙ යහපාලනයට ඡන්දය දුන්නේ. (නි)
රජයේ ඉඩම් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ඔය පළාත් වලය. එම නිසා හිතේ හැටියට ඔවුනට අල්ලා ගැනීමට පුළුවන්. (නි)
අපිත් එකඟයි මේ කතාවට. (නි)
දේශපාලන බලපෙරේතකමට, තනතුරු පෙරේතකමට මේ රට විනාශ කිරීමට ඉඩ හරින, ඉඩ දෙන හැම කෙනෙකුම වැනසේවා! (නි)
සම්පත් මේ සිංහල අපෙගේ රටයි අපි ඉපදී මැරෙන රටයි. මුස්ලිම් අය පිළිගන්න ඕනෑම මුස්ලිම් රටක් ලැහැස්තිය දෙමල පිළිගන්න ඉන්දියාව ලැහැස්තිය. අනික් ජාතීනට වගේ නොවෙයි අපට වෙන යන්න තැනක් නැත එමනිසා අපේ අනාගත පරපුරට මෙරටේ ඉඩ ඉතිරිකළ යුතුය. (ර)
සමීර, හම්බන්තොට ගුවන් තොටුපොළට මම තදින්ම විරුද්ධ වුනත්, එහෙ ඔබ කියන විදිහේ වන විනාශයක් සිදුවුනේ නැහැ. මම හම්බන්තොට අවුරුදු තුනක් රාජකාරිය කරපු නිලධාරියෙක්. ගම් ව්‍යාප්ත කිරීමේ පනත යටතේ ගොවි ජනපද ඇතිකිරීමේදී 1950 ගණන් වලත් කැලේ එලි කළා. එහෙත් එය විනාශයක් වුනේ නැහැ. මේ විල්පත්තු විනාශය වන සංහාරයක් හැටියට සලකන්න පුළුවනි. ළඟදි එන්ජීඕ පප්පලා පිරිසක් ගිහින් නිවේදනය කෙරුව එහෙ කිසිම වන විනාශයක් සිදු වෙලා නැහැ කියල. ඔවුන්ට කිසිම බලයක් නැහැ එහෙම තීරණය කරන්න. අපි එය පිළිගත යුතුත් නැහැ. (බ)
සිංහල අපේ මිනිස්සුන්ව මහවැලි ව්‍යාපෘතිය යටතේ හැම ආණ්ඩුවක් කාලෙම වනනාන්තර විනාශ කරලා තමයි එහෙ ජනාවාස ඇති කලේ. එකයි මේ අලි මිනිස් ගැටුමකුත් ඇතිවෙලා තියෙන්නේ. මුලින් මිනිස්සුනත් දැන් වනාන්තර විනාශ කරලා ඉඩම් දෙනවට අපි විරුද්ධයි. අපි එක ජාතියකට විරුද්ධ වෙලා තවත් ජාතියක් නිසා කිසිම දෙයක් කියන්නේ නැහැ.(ම)