බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කීඩකයා තේරීමේ තරගයේ, නවතම ඡුන්ද ප්රතිඵල අනුව ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡුන්ද 4000 සීමාව පසුකිරීමට සමත්වී තිබේ. පසුගිය සති 2 තුළදී ලබාගත් ඡන්ද 1261 ත් සමගින් ජිෆ්රි මෙම කඩයිමට ලගාවූ අතර ඔහු අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ තරග කරයි.
තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, ඡන්ද 13,806 ක් ලබාගෙන තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින අතර ඔහු විසින් පසුගිය සති 2 තුළදී ඡුන්ද 3020 ක් ලබාගෙන තිබේ.
එම කාණ්ඩයේම දෙවැනි ස්ථානයේ පසුවන රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් පසුගිය සති 2 තුළදී ලබාගෙන ඇත්තේ ඡුන්ද 54 ක් පමණි. කෙසේ වුවත් ටිරෝන්ගේ සමස්ත ඡුන්ද සංඛ්‍යාව 3546 දක්වා වර්ධනය වී තිබේ.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 1000 සීමාව පසුකිරීමට සමත්වූයේ පසුගිය සති 2 තුළදී ලබාගත් ඡුන්ද 305 ත් සමගිනි. ඔහු තවදුරටත් නැගී එන පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවෙයි.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කීඩකයා | පාසල | ඡන්ද |
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 13806 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3546 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 3144 |
| දිනුක වික්‍රමනායක | ත්රිත්ව විදුහල | 1466 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 991 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 529 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 458 |
| දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 189 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 186 |
| දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 176 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 176 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 138 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 79 |
| සන්ජික රිද්ම | මාතර ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 70 |
| ගෙහාන් ගජධීර | මාතර ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 10 |
නැගී එන පාසල් කාණ්ඩය
| කීඩකයා | පාසල | ඡන්ද |
| සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1011 |
| ලහිරු විමුක්ති | පානදුර ශී සුමංගල විදුහල | 592 |
| ප්රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 361 |
| චාමික අබේසේකර | පානදුර ශී සුමංගල විදුහල | 326 |
| භානුක මනිලංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 127 |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 112 |
| සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 19 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
| ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කීඩකයා | පාසල | ඡන්ද |
| වලීඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 4839 |
| සසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 3221 |
| ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර විදුහල | 38 |
| නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර විදුහල | 3 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. විහඟි රාජපක්ෂ, 978/3 සි, මාලබේ පාර, කොට්ටාව, පන්නිපිටිය.
2. මාධව මදුශංක, 20/140, කෝන්ගස් හන්දිය, උහන, අම්පාර.
3. එස්. එම්. තීරමවිතාන, ‘රෝස් විලා’, තෙන්නකුඹුර, නුවර.
4. දෙනෙත් කේසර, 77, ජනහිත මාවත, රඹුක්කන, බණ්ඩාරගම.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd