(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය තුළදී තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ මෑතකදී රුපියල් කෝටි හතළිහකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තුව ලබාදුන් පුද්ගලයාට බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර රිමාන්ඩ් බාරයෙන් නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරුවකු ගේ නිවස ආසන්නයේ දී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී තිබුණේ බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුටය ,
තුවාල ලද දෙදෙනා සමඟ තවත් පුද්ගලයකු තී රෝද රථයේ පැමිණි බවට ද තොරතුරු අනාවරණය වුවද සිද්ධියෙන් අනතුරුව එම පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු නිශ්චිතව හෝඩුවාවක් නැතැයි බවත් පොලිසිය කියයි
එම තියුණු ආයුධ ප්‍රහාරය සඳහා පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද එම යතුරු පැදියේ මීට දින කිහිපයකට ඉහත දී නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරු ද සිට ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ඔත්තු දෙන අයගේ විස්තර හෙළිවන්නේ කොහොමද..?
මෙහෙම අපරාද කාරයන්ට ඇප දෙන්නේ ඇයි.?