(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධූරයක් නොමැතිව එල්. ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරදක් සිදුකර ඇතැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වැඩිදුර විභාගය ලබන අප්‍රේල් මස 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (23) නියෝග කළේය.
මෙම නඩුව කැඳවන අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (23) රාජකාරි නිවාඩු ලැබ සිටීම හේතුවෙන් එම නඩුව කල් තැබීමට එලෙස තීරණය වී තිබේ. මෙහි චූදිත වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇප මත සිටිමින් අද (23) අධිකරණය හමුවේ පෙනී සිටියේය. හිටපු අමාත්‍යවරයා, රුපියල් 10,000/-ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අධිකරණය මගින් මුදා හරිනු ලැබුවේ 2016 වසරේ පෙබරවාරි මස 16 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරේ මරු! ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධුරයක් නොමැතිව එල්.ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරදක් සිදුකර ඇතැයි කියති. මේවද දූෂණ? ලංකාවේ පුරවැසි භාවයක් නැතිකෙනෙක් මහා බැංකු පදවියට පත්කර රට ආරාජික කිරීම වගේ ඒවයි දූෂණ කියන්නේ. ඒ පත්වීම කල තැනැත්තාට දූෂණ නඩුවක් නැත. ආණ්ඩුවක් පෙරළුවේ උප සභාපති කෙනෙකු පත්කළ දූෂණ සොයන්නද? නැතිනම් පුරවැසි භාවයක් නැතිකෙනෙක් මහා බැංකු පදවියට පත් කිරීමේ දූෂණය කරන්නද?
අනේ මන්දා! පොහොට්ටුවේ ආණ්ඩුවක් එනකම්ම මේ නඩු කල්යයිද? යහාපාලනයක් වෙනුවෙන් කඩේ ගිය අපි පව් නේද ?
එම්බල බමුණානෙනි. මොහු කලේ එතෙක් නොතිබුණු ධුරයක් තමාගේ හිතු මනාපයට ඇති කොට එයට තමාගේ කෙනෙකු පත් කොට වැටුප් ගෙවීමයි. එය බරපතල චෝදනාවකි. මහබැංකුවේ අධිපති ධුරය කවදත් පැවතුණු එකකි. එයට විදේශිකයෙකු පත් කිරීම නීත්‍යානුකූලදැයි මම නම් නොදනිමි. කෙසේ වුවත් මේ දෙක සමාන කල නොහැකි බවයි, මට නම් පෙනෙන්නේ !!!
අනේ මේ නොදන්නා කමටයි අහන්නෙ නිත්‍යානුකූලව ගිවිමුසක් නැතුව මාස දෙකකට අධික කාලයක් ව්‍යවස්ථා විරුද්ධව අමතර ඇමැති සංඛ්‍යාවක් වියදම් කරන එක දුශනයක් නොවෙයිද
ලංගමයේ සිටින හොර දෙටුවන් මොනරජයක් පැමිණියත් සොරුන්මය මෙතන ඇමතියා කර ඇත්තේ තමන්ට විශ්වාසී වූ ලංකාවේ පුර වැසියෙකුට රැකියාවක් දීමකි. එසේ කිරීමෙන් ආයතන තුල ඔබ වැන්නවුන් රිංගාගෙන කරන්නා වූ දහසකුත් සොරකම් ඇමතියාට දැනගැනීමට හැකිවන්නීය. මෙයත් සිල්රේදී බෙදීම, ලිත් බෙදීම, ජී අයි පයිප්ප බෙදීම වැනි තොපි බලාපොරොත්තු වූ මහා විසාල දූෂණයකි. අනේ ස්කො බලලෝ කීවලු
මහබැංකුවේ ප්රශ්නය ගැන දැන් දඬුවම් දීගෙන යනවා නේද? ඒවගේ වැඩ හොඳයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ.