විල්ගමුව හත්තොට අමුණ ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන්ගේ බක් මහ උළෙල විද්‍යාලයයේ දී පැවැත් විණි.
ඉපැරණි සිංහල ගම්මානයන්හි පැවැති අලුත් අවුරුදු චාරිත්‍ර, සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය හා ගුණගරුක දරුවන් පිරිසක් ඇති කිරීමේ මුලික අරමුණින් සියලු සංස්කෘතිකාංග වලට මුල් තැන දෙමින් ‘‘ අතීත හෙළ බොදු අවුරුදු උළෙල ‘‘ පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා අපි අවුරුදු කෑවේ සිරිත් විරිත් එක්ක අද කන්නේ සල්ලිත් එක්ක.(නදී)
ලග්ගල වැල්ලේවල පොඩි අයගේ වැඩත් මෙහෙම තමයි.
හරිම ලස්සනයි පොඩිත්තනේ. ලොකු උනාහමත් ඕව මතක තියාගන්න.(නදී)
මේ කාලේ අම්මලට ඕනේ ඔහෙම හැදෙන දරුවන් රට යවන්න. කොහොමහරි ඉගෙනගෙන දරුවන් රට ගියාම මේවා ඔක්කොම අමතක වෙලා අම්මලත් අමතක වෙන ගතියක් දකින්න ලැබෙනවා. මේ දරුවන්වත් එහෙම නොවී රටටත් දෙමාපියන්ටත් ඔවදන් දෙන ගුරුවරුන්ටත් ආදරය කරන කණ්ඩාමක් වෙන්න කියල සතුටින් සුබපතනවා.(නදී)
නියමයි නේද? (නි)
සිංහල සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දරුවන්ට හොඳ දැනුමක් ලබාදුන් ගුරු දෙගුරු සැමට ස්තුතිය. (ස)
අපේ කම හොදට පෙන්නන බව දැක්කම හරිම සතුටුයි.(නදී)
මාරයි.(නදී)
අනෙකුත් පාසල් වලත් මෙය කරනවානම් ඉතා හොඳය . (ස)
මෙවෙනි දසුන් දකින විට සතුටක් වගේම දුකකුත් ඇති වෙනවා. එදා ජන ජීවිතයත් සමග බද්දව තිබු මේ සිරිත් විරිත් අප අත්වින්දේ ගලා යන දිය පහරකට එකතු උ තවත් දියබිදක් සේ. එත් අද එවැනි සිරිත් විරිත් ඈත එපිට ගම්මාන වලින් පවා දුරස්ව ඈති යුගයක මේ ගුරුබවතුන්ගේ උත්සාහයට මාගේ ප්‍රණාමය. මේ නොදරුවන්න්ට එය ආගන්තුක දෙයක් නොවේව. (ස)
පුංචි පැටව් වාසනාවන්.. (ස)
හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා..(ස)
හරිම ලස්සනයි පුංචි දරුවෝ රගපු හැටි. මේවා කියලා දුන් ගුරු බවතුන්ට අපේ ස්තුතිය පුදකරමු. (නි)