(තරංග ගුණරත්න)
වැලිගම පොල් වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ
මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු වන අධිකාරිවිලගම, කිරිමැටිමුල්ල, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි (38 ) විතානගේ දම්මික දේශප්‍රිය නමැති අය බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිටුපස ගමන් කළ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ක්‍රිශාන් මධුෂාන් ප්‍රනාන්දු ( 22 ) යන අයගෙ වම් පාදයට බරපතළ තුවාල ලබා සිටියදී සුවසැරිය ගිලන් රථයකින් තුවාල මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැලිගම ත්‍රිරෝදයක් දුම්රියේ ගැටී අයෙක් මරුට