(ඉන්දිකා රාමනායක)
වලංගු වීසා බලපත‍්‍ර නොමැතිව විදේශිකයන් 7,010 දෙනෙක් මෙරට තුළ නීති විරෝධීව රැදී සිටින බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිස් මුලස්ථාන කියයි.
මින් බොහොමයක් දෙනා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ වසර කිහිපයක් පුරාම සැගව සිටි පිරිස බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. වලංගු වීසා නොමැතිව මෙරට තුළ සැගව සිටින විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය අටක පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් විදේශිකයන් 136 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත ඊයේ (5) රාති‍්‍ර 10.00 සිට අද (6) අලූයම 6.00 දක්වා මෙම මෙහෙයුම සිදුකළ බව පොලිස් මුලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස ඉන්දියන් ජාතිකයන් 82 ක්, ජාතිස්ථාන ජාතිකයන් 12 ක්, මාලදිවයින් ජාතිකයන් 10 දෙනෙක්, නයිජීරියන් ජාතිකයන් 8 දෙනක්, බංගලිදේශ ජාතිකයන් 6 දෙනෙක්, චීන ජාතිකයන් හා කැනඩා ජාතිකයන් සිව්දෙවා බැගින් අටදෙනෙක්, තායිලන්ත හා ස්විට්සර්ලන්ත ජාතිකයන් දෙදෙනා බැගින් සිව්දෙනෙක්, ඇමැරිකානු, කටාර්, ස්වීඩන්, ඇග්ෆනිස්ථාන්, ඊශ‍්‍රායෙන් , කොරියා යන රටවල එක් අයකු බැගින් සිටින බව පොලිස් මුලස්ථානය කියයි.
මොවුන් මෙරට රැදී සිටිමින් නොයෙක් වංචාවන් වල, නීති විරෝධී ජාවාරම්වල නිරත බව බවත් ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගැනීමේ මොහෙයුම් කි‍්‍රයාත්මක කළ බවද පොලිස් ආරංචි මාර්ග කියයි. අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිස අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට නියමිත අතර මෙම මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියේත් සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටියේ ඉඳලා මොරටුව වෙනකම් ජාත්‍යන්තර පාසල්වලට පැමිණෙන සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි නොවන දරුවන් ඔවුන්ගේ දෙමවුපියන් ලංකාවේ හොරට ඉන්න අය. ඕනෑම වෙලාවක ඇල්ලිය හැකිය.
මේ දිනවල මේ රටවල ඉතා තද සීතලක් පවතින නිසා මේරටවලි පැමිණ විස නැතිව ඉන්න අය කරදර කරන්නේ නැතිනම් මාර්තු මස තෙක් ආපසු යවන්න එපා.
මේක හැම රටටම තියෙන ප්‍රශ්නයක්. මේ විදේශිකයා මෙහෙ ඉන්නේ කවුරුහරි අනුග්‍රාහකයෙකුගේ උදව්වෙන්. ඒ නිසා නීති රීති හැදෙන්න ඕන එවැනි අයවත් දැඩි දඬුවම් ලැබෙන විදිහට.
මෙයට චීන්නු එකුතු කර නැද්ද ? දැනට ලක්ෂ 3 ක් පමණ අපේ රටේ ජිවත් වෙන අය සියල්ලම වීසා ඇතුවද නැතුවද ? චින්නුන්ගේ වැඩිවීම ප්‍රතිශතය මුස්ලිම් අයටත් වැඩි නේද ? අනේ අපේ පෝර්ට් සිටි ආවම.......
මෙයාල ඔක්කොම දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ ඉතාමත් වැදගත් හේතුවක් නිසා බව අපිට දැනගන්න ලැබුනා. කුඩු අරගෙන ලංකාවෙන් පැනගන්න හෝ එවැනි ව්‍යාපාරයකට ස්ථාවර සම්බන්ධකම් ගොඩනගා ගැනීම මෙයාලගේ පරමාර්ථය බවත් අපිට දැනගන්න ලැබුනා.