සෞදි අරාබියේ රැකියාවලට ගොස් එහි රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 21 දෙනකු මේ සතියේදී ශ්‍රී ලංකාවට එවීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඔවුහු සෞදියේ දමාම් කඳවුරේ රඳවා සිටියහ.
පසුගිය සතියේද සෞදියේ කඳවුරුවල රැදි සිටි අට දෙනකු ලංකාවට එවා ඇතැයි තානාපති කාර්යාලය කියයි.
රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිරිපාල ගමිමන්පිල මහතා කීවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන්ගේ නිගමනයට අනුව සෑම සතියකටම එක් නිළධරයකු සෞදියේ කඳවුරු නීරීක්ෂණය කොට ඒවායේ සිටිනා ශ්‍රී ලාංකිකයන් ඉතා ඉක්මනින් ලංකාවට යවන බවයි.
දැනට දමාම් ආගමන විගමන කඳවුරු වල ශ්‍රී ලාංකිකයන් 83 දෙනකු රඳවා සිටින බවත් ඉන් 23 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා සියලු කටයුතු සිදුකර ඇති බවත් මෙම සියලු දෙනා සදහා සෞදි අරාබි රජය ගුවන් ටිකට්පත් ලබා දී ඇති අතර ඉතිරි දින 23 ඇතුලත ඔවුන් ලංකාවට යැවීමට හැකි බව එම නිලධාරියා පැවැසිය.
මෙම කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහෝ දෙනකු මාස 2 ක සිට 6 දක්වා එහි සිටින බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටේ සිටින කිසි කෙනෙකුට සෞදි අරාබියට යන්න දෙන්න එපා. (නදී)
ඇයි සෞදි යවන්න එපයි කියන්නේ? මේ ටික දෙනෙකු තමන් විසින්ම කරදරේ වැටුණාට තව කීදාහක් සෞදිය තුල රැකියාව කර යහතින් ජීවත්වන්නේ දැයි සිතාබලන්න.ඒ අතර අප රටතුලට ඇදී එන විදේශ විනිමය ඒ රටවල් වලින් ලැබෙන ණය ආධාර... මේවා ගැන නොසිතන්නේ මන්ද? (නි)
මානෙල්, එහෙනම් ඔයාගේ රටේ ඉන්න කට්ටිය බෞද්ධ රටකට යවන්න. ඔයා දන්නේ නැද්ද රටේ ජාතික ආදායම මේක කියලා. ඔයා දැන් කෙලින් ඉන්නේ අරාබි රටවලින් එන සල්ලි නිසා තමයි. (නි)
මානෙල්, දන්නේ නැතුව බොරුවට බෙරිහන් දෙන්න එපා. මේ රටට බනින්න එපා. මගේ පව්ලේ සාමාජිකයන් සතුටින් ජීවත් වන්නේ සෞදි රස්සාව නිසා. (නි)
ශ්රී ලංකා රජය හා මේ සම්බන්ධ බලවත් උදවිය ලැජ්ජා විය යුතුයි. මේ එන 23 දෙනාත් එන්නේ සෞදි රජයේ වියදමින්. ඉතුරු අයට එන්න වෙන්නේ තමන් වියදම් කරලා. ශ්‍රී ලංකා රජය තාම සාකච්චා කරනවා. කොරියාවේ ඉන්න අයව ගෙන්නන්න නම් අහස් යානාත් සුදානම්. මේ මැද පෙර දිගින් එවන විදේශ විනිමය කාලක්වත් කොරියාවෙන් එවනවද ? (නි)
සෞදි අරාබියේ ජවසාත් අරමුදලින් යවන අපේ ලාංකිකයන්ට ගුවන් ටිකට් පත් ලබා දෙන්නේද ජවසාත් අරමුදලින් නේද? (නි)
අපි ඉපදිලා ඉන්නේ දුප්පත් රටක. අපි අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තරම් ලංකාවේදී අපි උපයන මුදල් අපිට මදි. ඒ නිසා තමා බොහෝ දෙනා රට යන්නේ. විශේෂයෙන් සුළු මුදලක් වියදම් කරලා අපිට යන්න පුළුවන් වෙන්නේ මැදපෙරදිග රටකට තමා. රට යන අපේ වග කීම අපි යන්නේ කොහෙද. මගේ හැකියාව කුමක්ද? එහිදී මා කරන්නේ කුමක්ද? යන සියලුම සැලසුම් වලට ස්ථීර විසදුමකින් යන එක. කිසිම දෙයක් නොදැනුවත්ව තමාගේ යහළුවෙක් හෝ ඥාතියෙක් ලස්සනට රට ඉඳල ආපු එක දැකල අපිත් යනවා. යවන පුද්ගලයා තමාට ලැබෙන ආදායම ලබාගෙන අහිංසක මිනිස්සු අනාත කරනවා.මෙහිදී විශේෂ දෙයක් සදහන් කරන්න ඕනේ. තානාපති කාර්යාලය මැදපෙරදිග රටවල් වල කරන්නේ සේවයක් නොවේ පවක්. පිලිපීන තානාපති කාර්යාල වගේ හිටිය නම් මෙවැනි දේවල් අපේ අයට වෙන්නේ නැහැ. යතාර්ථය නොදැනේ අනුන්ට බැනල වැඩක් තියනවද? කසාද බැඳලා තම බිරිදට, දරුවන්ට කන්න දෙන්න බැරි නම් ඌ පිරිමියෙක්ද? අපේ සෙවනෙල්ල යටතට රැගෙන එන අහිසකය ගොඩක් බලාපොරොත්තු තබාගෙන තමා එන්නේ එයාගේ ආරක්ෂාව අපේ වගකීම. බිරිදව සතුටින් තබා ගැනීම තමා අපි කලයුත්තේ. රට යවල අපි ජොලි කරන්න නොවේ. (නදී)
දැන්වත් අඩුම තරමින් සෞදියටවත් අපේ කාන්තාවන් යවන එක නවත්වන්න බැරිද? (නි)
රට යන අයටයි, රට යවන අයටයි තමා තලන්න ඕනෑ, මොකද හැමදාම කියනවා රට කරදරයි කියලා. එහෙත් යනවා. ගිහින් ලංකාවේ පිරිමින්ට ලැජ්ජා කරනවා ගෑනු රට යවනවා කියලා. විදෙස් සේවාව කියපු දේ හරි. අපි අතීතය වෙනස් කළා. අතීතයේදී ගෑනු අනනුන්ගේ ඉදුල් හෝදන්න ගියේ නැහැනේ. (නි)
මානෙල් ඒ කොයි රටද ? මේ ගොල්ලෝ අනාත වෙලා ඉන්නේ ඒ රට හින්දා නෙවේ ඒ ගොල්ලන්ගේ දාන්ගලේ හින්දා .(නදී)
අයියෝ සල්ලි (දී)
අර පහර දෙන විඩීයෝවේ පරීක්‍ෂණ ගැන ආරංචියක් නැහැ නේද? (නි)
ආ ඇත්තද?එහෙනම් මෙහෙ මිනිස්සු කන්නේ මංකොල්ල කාලද? කළත් ඒක හැමදාමත් හරියන්නේ නැහැ. (නි)