වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යෑම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
හොරණ විශේෂිත ස්ථානයක බන්ධනාගාරය ඉදිකිරීමෙන් කොළඹ නගරයේ ඇති වටිනා ඉඩකඩ රජයේ යෝජිත සංවර්ධන ක්‍රියාවලියට යොදා ගැනීමට නියමිතය.
වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යෑම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
හොරණ විශේෂිත ස්ථානයක බන්ධනාගාරය ඉදිකිරීමෙන් කොළඹ නගරයේ ඇති වටිනා ඉඩකඩ රජයේ යෝජිත සංවර්ධන ක්‍රියාවලියට යොදා ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොටට ගෙනියන්න ලෝක හොරු කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ගත් ඒවාට අපි තාම ගෙවනවා (නි)
හිර ගෙදර එහෙම ගෙනියන එක හොඳයි. වෙන රටවල අගනගර මැද හිරගෙවල් නැහැ. හොරණට ගියා කියලා ගමේ මිනිසුන්ව හිරේ දාන්නේ නැහැ (නි)
අමර ඔබ දැක්කද හොරකම් කරනවා (අ)
ඕක ඇතුළේ ඉතින් වැඩියෙන්ම ඉන්නේ කොළඹ අය නිසා වෙන්න ඇති කොළඹ ඕකට හරස් වෙන්නේ. දැන්නම් හම්බන්තොට පැත්තටත් ටිකක් බරයි නේද? වෙන තැනකට ගෙනිච්චත් පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිලි කඩා බිඳ දාන එකට නම් විරුද්ධ වෙන්නම ඕනෑ (නි)
අපි කෑගැහුවා කියලා මොනවා කරන්නද ඉතින්? (නි)
වැලිකඩ හිරගෙදර පමණක් නොව උසාවිද කොළඹින් පිට හිරගෙදර අසලම ස්ථාපනය කළ යුතුය. එවිට චුදිතයන් සදහා රජයට යන ප්‍රවාහන ගාස්තු/ ආරක්ෂකයන් ගණන අඩු කරගන්න පුළුවන් වෙනවා සේම සිරකරුවන්ගේ ආරක්ෂාවටද හොඳ නේද ? (බ)
හොරණ මිනිසුන්ට හිරගෙවල් අවශ්‍ය නැහැ. (නි)
මතුගමට දෙන්නකෝ. සිරකරුවන් බලන්න එන අයට බුලත් විට ටිකක් වත් විකුන ගත හැකි.(හේ)
හොරණටම නොවුනත් මේ වගේ ආයතන කොළඹින් පිටත ස්ථාපිත කිරීම නම් හොඳ පියවරක්.(හේ)
කොහෙත්ම අවශ්‍ය නැහැ හොරණට ගෙනියන්න. හොරණ ඉන්නේ ගුණයහපත් මිනිස්සු. ඔවුන්ට කරදර කරන්නේ ඇයි? බේරුවලට ගෙනියන්න.(රේ)
අලුත් පක්ෂයක් හැදෙන එක සිදුවෙනවා ඇත. එතකොට ජනාධිපතිතුමාගේ හෙළිදරව්වෙන් හිර ගෙවල් වල ඉඩකඩ සම්බන්ධව ප්‍රශ්නයක් ඇති විය හැකිය. ඒ අනුව දවසක් හරි අපේ ජනතා නියෝජිතයන් වන පිරිසට යම් ගරුකිරීමක් හැටියට පාර්ලිමේන්තුවේම කොටසක් බන්ධනාගාරය වශයෙන් සකස් කරන්නේ නම් යහපාලනය ගැන අපට සතුටු වියහැකිය. බන්ධනාගාර රෝහලක්ද එහි අනිවාර්ය විය යුතුය. රටේ පාලනය සඳහා ජ.වී.පෙරමුණේ පක්ෂ කාර්යාලයත්, අතේ ඇඟිලි ප්‍රමාණයට ඉතිරිවන ජනතා නියෝජිතයන් පිරිසත් හොඳටම ප්‍රමාණවත්ය. (නි)
මේ සඳහා හොරණ මිල්ලෑවවත්ත රජයේ වතුයාය නේද දැනට බලලා තියෙන්නෙ ආරංචි විදියට? අනිවාර්යයෙන් ගමෙනුත් දැඩි විරෝධයක් එල්ල වෙනවා මේකට. (නි)
වැලිකඩ හිරගෙදර හම්බන්තොටට අරගෙන ගියා නම් ඊටවඩා පහසු නැද්ද? (නි)
අපේ මිනිස්සු හැමදේටම විරුද්ධයිනේ. මමත් හොරණ. ඕක ගෙනිච්චා කියල එහෙ මිනිස්සු හිරේ දාන්නේ නැහැ. කොළඹ තදබදය අඩුකරන එක මොනවා වෙතත් ආර්ථිකයට වැදගත් දෙයක් ඔතන කළහැකියි. මේකත් කියන්න ඕනෑ. හොරණට හිර ගෙවල් විතරක් දීලා මදි තව දේවල් කරන්න ඕනෑ. ඉතිහාසේ අඩුම සැළකිලි කරලා තියෙන්නේ හොරණ ආසනයට. එ්ක නිසා වැදගත් දෙයක් කරන්න. (නි)
බොහෝ රටවල පැරණි බන්ධනාගාර සුපිරි හෝටල් බවට හරවා තියෙනවා. කැමති නම් ඔබටත් සුපිරි හිර කුටියක් වෙන්කර ගත හැක (නි)
පිටබැද්දර ජයා. නරකද කාමරයක් වෙන් කර ගත්ත නම්. ඔයා මේක කඩනවටත් විරුද්ධයිනේ (බ)
කුඩු බෝල තාප්පයට උඩින් එන එක නවත්වන්න හොඳ පියවරක් (හේ)