(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
සී සී ටී වී කැමරා පද්ධති සවි කර ඇත්තේ, බූස්ස, අගුණකොළපැළැස්ස සහ ක`ථතර යන බන්ධනාගාරවල පමණක් බව ද එම මුලස්ථානය සදහන් කරයි.
ඒ අනුව, බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී සී සී ටී වී දර්ශන උපයෝගී කර ගත නොහැකි වන බව බන්ධනාගාර නිලධාරීහු සදහන් කරති.
කෙසේ වෙතත් මෙරටේ සෑම බන්ධනාගරයකටම ඇතු`ථ වන ඕනෑම පුද්ගලයකුගේ සටහන් තබා ගැනීමේ ‘ලොග් සටහන් පොතක්’ සෑම බන්ධනාගරයකම ඇති බවත් විශේෂයෙන්ම බන්ධනාගාර තුළ සෑම අංශයකම එවැනි ‘ලොග් සටහන් පොත් ’ ගණනාවක් ම ඇති බවත් එම නිලධාරීහු පවසති.
සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී එල් ටී ටී ඊ රැඳවියන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණ ගස්වා ඔවුන්ට මරණීය තර්ජනය කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරය මගින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදුකාරයක් දෙන්න පින්වතුනි
මේ වගේ විහිළු වලින් රටේ මිනිස්සු තව කොතරම් කාලයක් රවටන්නද හදන්නේ? ලංකාවේ තියෙන ප්‍රධානම හිරගෙදර කාමර නැහැලු.. ඔය ලොග් පොත් ඕන කෙනෙක්ට අතුරුදන් කරන්න පුළුවන් බව ඕනෑම පොඩි ලමයෙක් දන්නවා.
මට කලිං කියන්න පුළුවන්ද තවත් මෙව්වා නැති තැන්? මට අඬන්නද, හිනාවෙන්නද, කියාලා හිතාගන්න බැරුව ඉන්නේ මේ අන්දන අැන්දිල්ලට..., එක අතකට... එහෙමත් හොඳයි... නැත්නං රෙකෝඩ් ටික මැකිලා තියෙන්න බැරි නැහැ. රටවැසියාව අල්ලලා රට පටෝලා, සර්ලා, සින්නක්කරේටම, ශ්‍රී ලංකාව ලියාගන්න. සර්, එතකොට අපට රටක් නැහැ කියලා.. ඉන්නා ඉතුරු කාලේවත්, සතුටින් ඉඳලා මැරිලා යන්න ඇහැකි මැරි මැරී ඉපදෙන එක හරිම අමාරුයි.. සර්.
මාර රටක් අප්පා... අද සිල්ලර කඩේක වුණත් CCTV තියනවා. මෙච්චර ආරක්ෂා කරන්න ඕන තැනකට සීසීටීවී නෑ. වැඩිපුර වංචා වෙන තැන්වල තමයි ලොක්කො සෙකියුරිටි අඩු කරන්නේ.. මොකද සාක්කි නෑනේ... ලොග් පොතෙන් හොයන්න බෑනේ මිනිහා කරපු, කියපු දේවල්...
අනේ ඉතින් සිංහලයා මෝඩයා කියලා තාමත් ඔය මහ අය හිතන්නේ, මේ වගේ අමන කතා කියන තක්කඩින්ව ගහලා පන්නලා දාන්න කෙනෙක් නැති හැටි. බන්ධනාගාරේ අයටත් මෙලහකට ජරාව දීලා ඇති...
හික් හික්... හිනා තමයි..
ඊළඟට අර දනගස්වපු දෙන්න කියනවා ලොහාන් කියලා නෙවෙයි අපි කැමැත්තෙන් දණගැහුවේ කියලා. ලොහාන්ගේ අතේ තිබුණු පිස්තෝලය අපි උදුරාගෙන අපිම අපේ ඔලුවට තියාගත්තා කියලා...
13ක් මරලා බේරුණු එකේ... ඔලුවට පිස්තෝලයක් තියලා හිරේ යයිද?
ලොග් පොතත් එදා තිබිලා නැහැ...
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැහැ නේන්නම් අපි දන්නවනේ ඒක. ඒවා එදාම අයින් කලානේ...
අනේ ඉතින් ඒකෙන් හැටි. අනික් ඔකොම හිරගෙවල්වල තියෙනවා