කොල්ලුපිටිය 13 වැනි පටුමගේ මුහුදු මාවතේදී කළ වැටලීමකදී සුඛෝපභෝගී මෝටර් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්රෑම් 200 මිලි ග්රෑම් 480 සමග සැකකරුවන් දෙදෙනකු අත් පානදුර වලාන මධ්‍යම දූෂණ අංශය මගින් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අත් අඩංගුවටගත් එක් සැකකරුවෙක් ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදාගේ ප්‍රධානතම ගෝලයකු වන බඩෝවිට රජිත බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනාටම මත්කුඩු විකිණූ මුදල් ළඟ තබා ගැනීම ගැන මහාධිකරණයේ නඩු ඇතැයි පොලිසිය කියයි.
මාලදිවයින් ජාතිකයකුට ලබාදීම සඳහා මෙම මත් කුඩු රැගෙන යන්නට ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු රජා තාම එළියේ බොරුවට පොඩි පොඩි අය අල්ලනවා (දිල්)
ජාත්‍යයන්තර මත්කුඩු ජාවාරමේ දකුණු ආසියා හබ් එක පාලනය කරන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමට එරෙහිව දිය යටින් ගිනි ගෙනියන ආගමික කණ්ඩායමක්. හිටපු ජනාධිපතිටත් ළංවී මේ පිරිස ඔහුගෙන් හොඳට වැඩ ගත්තා. මේ ළඟදී අලුත් ජනාධිපතිගේත් ඔලුව අතගාල මොනවාද දෙයක් තියෙනවා ද කියල බලල තිබුන. ඔන්න පුතෝ පරිස්සම් නුනොත් තමනුත් ඉවරයි ජාතියත් ඉවරයි.(බ)
හිටපු එක්කෙනා කුඩුවලට අනුබල දුන්නනේ. කුඩු කොන්ටේනර් අල්ලපු විටත් නොදන්නව වගේ හිටියනේ.කුඩුත් එක්ක මාට්ටු වෙච්ච අයවත් ගිහිල්ලා බේරගත්තනේ.අලුත් එක්කෙනාත් එක්ක ඒවා බොරු. (බ)