වෙලේ සුදා මත් ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගන්නා ලදැයි කියන මුදල් ඉඩම් මිලදී ගනිමින් හා බැංකු ගිණුම්වල තැන්පත් කරමින් විශුද්ධිකරණය කළැයි පිළියන්දල පදිංචි කාන්තාවක් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නිසංසලා සඳකුමාරි නමැත්තිය වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර, සුරාස් අහමඩ් සහ වෙලේ සුදාගේ බාල සොයුරු සාලිය කුමාර යන අය සමග රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති.
ඇයගේ සැමියා වන අසංක චානක ෆොන්සේකා නමැත්තාද මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධවී සැඟවී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදා අනාවරණය කළ බලවත් දේශපාලුවන්ද ඇත. අඩංගුවට ගෙන දඬුවම් කළ යුතුයි.නීතිය සැමට එක හා සමාන බව ප්‍රායෝගිකවම ඔප්පුකර පෙන්විය යුතුයි. වෙලේ සුදාලා බිහිකරන මේ සමාජ ක්‍රමයේ වෙනසක් ඉක්මනින් ගොඩනැඟිය යුතුයි.නැත්නම් වෙන්නේ සමස්ත සමාජයම තව තවත් විනාශය වෙත ළඟාවීමයි..කඩා වැටීමයි. (නි)
එක්කෝ වෙලේ සුදා ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ අහවලා මේකට සම්බන්ධයි කියලා.නැතුව මේ පොඩි පොඩි අයට දැළ එලීමෙන් ඇති ඵලේ මොකක්ද? (නි)
හාල්මැස්සෝ අල්ලලා වැඩක් නැහැ මෝරු කරනම් ගහද්දි එළිපිට. (නි)
ඔව් අර කන්ගැට්ටා වගේ දැන් විහිළුවක් වෙලා. අර ලොකු ලොකු අය හොර සල්ලි බැංකුවට දන්නා ගිහිල්ල අහු උනේ මොකද උනේ එයාවත් හිරේ දැම්මද අපි බලන් ඉන්නේ මොකද උනේ කියලා. (ර)