හපුතලේදී තුවාල ලැබූ වැලි මුවකුට ප්‍රතිකාර කිරීමට වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ද සහාය විය.
පශු වෛද්‍යවරුන් වැලිමුවාට ප්‍රතිකාර කරද්දී ඇමැති මුවාගේ හොම්බ අල්ලාගෙන සිටියේය.
මේ මුවා තුවාල ලැබුවේ ඇමැතිගේ වත්තේදීය. හදිස්සියේම වත්තට ආ වැලි මුවාට එහි සිටි බල්ලෝ සපා කෑහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොකු පිනක්. ඒත් වඩා වටින්නේ දිනපතා මෙරට හොරට දඩයම් කිරීම මගින් සිදුවන සත්ත්ව සංහාරය නැවැත්වීමට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීමයි. මේ ධර්මද්වීපයේ අමාරුම හා බැරිම වැඩෙත් ඒකමයි. (නි)
අර ගෝනාගේ කේස් එකට මොකද වුණේ එතකොට? (නි)
ඇමති තුමා . නියමයි, මට ආඩම්බරයි ඔබ ගැන (දී)
සතෙකුගේ ජීවිතය බෙරණ එක මොන තරම් පිනක්ද (දී)
වචන වැලි කියන්න බැහැ ඇත්තමයි (දී)
ලබන ආත්මයේ වැලි මුවෙකු වී ලංකාවේ ඉපදේවායි පතමි. (නි)
ඇමතිතුමාගේ වත්තටද මුවා ඇවිත් තුවාල වුණේ? (නි)
කාටද ආඩම්බර (දී)
වසන්ත නාත් බිබිලේ. ඔයා හීනයක් දකින ගමන්න නින්දෙන් නැගිටලද අදහස් දක්වන්නේ (ස)
මට තියෙන ප්‍රශ්නය ඔය මුවා වනජීවි ඇමතිතුමාගේ ගෙදරටම ආව එක ගැනයි (ස)
ශා නියමයිනේ (දී)
අනිත් ඇමති වරුන්ටත් මේක ආදර්ශයක් (දී)
බල්ලන්ට පිස්සු බලු බෙහෙත් එන්නත් කරලා නේද? (නි)
හොඳ වෙලාවට මුවා නොමලේ , මැරුණනම් දහසක් ප්‍රශ්න (ස)
ප්‍රතිකාර කරපු දොස්තරගේ නම මොකක්ද? (නි)
ගොඩාක් පින් (දී)
ගෙදර මෙහෙම නපුරු බල්ලෝ හදන එක නම් එච්චර හොද නැහැ. (නි)
මේ වැඩේ හොඳයි. ඒ එක්කම අර සිංහරාජේ ගෝනා මරපු කට්ටිය පොලිසියෙන් ඇල්ලුවද කියලත් පොඩ්ඩක් හොයල බලන්න ඇමතිතුමනි. (නි)
මුවා - මගේ හොම්බ අතහරින්නකෝ...මට හුස්ම ගන්න බෑ (ස)
මට මේ ඡායාරූපය දුටුවිට අපේ රටේ පෙර රජ කළ බුද්ධදාස රජුව මතක් වුණා. (නි)
ඇමති තුමා පින් ඇති වැඩක් (දී)
සතුන් සම්බන්ධ රටේ නීතිත් සැකසිය යුතුයි. (නි)
අපේ ඇමැතිතුමා හැමදාම ආදර්ශවත්. මෙම සත් ක්‍රියාවට අපේ ගෞරවනීය ප්‍රණාමය! ඉදිරි ගමන ඡය වේවා! (නි)
සත්තු අපි රක ගන්න ඕනේ (දී)
තමන්ට වෙච්ච අසාධාරණයකට සාධාරණය ඉෂ්ඨ කරගන්න ඇමතිතුමා මුණ ගැහෙන්න එන්න ඇත්තෙ. (නි)
මුවා නිසා හොදයි. හදිස්සියේ මූ කිඹුලෙක් වුණා නම්? (නි)
වැලිමුවා කාට කියන්නද මේ අවනඩුව? (නි)
ඇමති තුමා බුද්දදාස රජු වගේනේ (දී)
නියමයිනේ (දී)
මේවා බොහොම වැදගත් වැඩ (දී)
මොනවද මේ සමහරුන්ගේ අදහස්? (නි)
මොකද්ද මේ වෙනස (දී)
සත්තුන්ට පිහිට වෙන එක හොදවදක්. බුද්ද දාස රජතුමා මතක් උනා (දී)
ඇමති තුමා ඔබ තුමා ආදර්ශමත් වැඩක් ඔය කරන්නේ (දී)
ඕක මොකක්ද (ස)
පින් සිද්ද වෙන වැඩක් (දී)
හොම්බ අල්ලන්න හොද නැහැ. මම අහලා තියෙනවා මුවන්ගේ හොම්බේ හොරි තියෙනවයි කියලා. (නි)
ජාතික මෙහෙවරක් (දී)
එහෙම තමයි ඉන්න ඕනේ
කොහොම හරි කමක් නෑ පණ බේරුවා නම් (ස)
අනේ අනිත් ඇමති වරුත් මෙහෙමනම් (දී)
අපේ ගමේ ඇමැතිට ජය වේවා!! (නි)
ඇමති තුමාගෙන් ආදර්ශමත් වැඩක් (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට හපාකාලා තියෙන්නේ ඇමතිතුමාගෙ බල්ලොද? (නි)
ඇමතිටත් දුක හිතෙනවා ඇතිනේ... (නි)
ඔබට පින් ඇමති තුමනි (දී)
ආදර්ශවත් වීම ශ්‍රේෂ්ඨ ගතියකි. (නි)
සන්තෝසයි