
(ගයාන් සූරිආරච්චි)
වැලි ප්‍රවාහන බලපත්‍ර හොරට මුද්‍රණය කළ ව්‍යාජ කච්චේරියක් වටලා නීතිවිරෝධී බලපත්‍ර රැසක් සමග සැකකරුවකු වැලිකන්ද බෝඅත්ත හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව විශේෂ කර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම හොර කච්චේරියේ කළමනාකරු වශයෙන් සේවය කළ 36 හැවිරිදි බැදිවැව, ජයන්තිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බළකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහි දී භුවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කරන වැලි ප්‍රවාහන බලපත්‍ර ඒ ආකාරයෙන්ම කුඨ ලෙස මුද්‍රණය කර ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd