(මොහොමඩ් බුහාර්ඩින් )
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගොකරැල්ල තෙල් පිරවුම් හල අසලදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැලි ටිපර් රථයක් හා මාළු රැගෙන යමින් තිබු ලොරියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවු අනතුරින් මාළු ලොරි රථයේ රියදුරු මියගොස් එහි සහයක බරපතල තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
මාවතගම සිට මැල්සිරිපුරට මාළු රැගෙන එමට එමින් තිබු ලොරි රථයක් හා මහියංගණය සිට කොළඹට වැලි රැගෙන යමින් තිබු ටිපර් රථයක් අද (10) උදෑසන මුහුණට මුහුණලා ගැටිමෙන් මෙම අනතුර සිදුවි ඇතැයි ගොකරැල්ල පොලිසිය කරන කළ මුලික විමර්ශනවලදි හෙළි වි ඇත.
අනතුරින් පසු ලොරි රථයේ සිරවි සිටි එහි රියදුරු හා සහයක ප‍්‍රදේශවාසින්ගේ සහය ඇතිව ගොකරැල්ල දිසා රොහලට ඇතුළත් කිරිමෙන් පසු එහි රියදුරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මාවතගම ප‍්‍රදේශයේ පදිංචි කසුන් සඳකැළුම් නැමති 27 හැවිරිදි අයෙකි.
අනතුරින් බරපතල තුවාල ලැබු ලොරියේ සිටි සහයකද වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථ රියදුරන් කිසිම විනයක් නැති පිරිසක්. දකුණු මං තීරුව භාවිතා කරමින් කිසිම බයක් සැකක් නැතිව රථය ධාවනය කරනවා. පොලිසිය බලා ඉදිද්දි මාර්ග නීති ගැන කිසිම සැලකිලිලක් නැහැ. මම පුද්ගලිකවම අත්දැක තියනවා
රථ වාහන පොලිසිය ඉන්නේ මාර්ග නීති ආරක්ෂා කරන්න නෙවෙයි. දඩ ගහන්නයි ජරාව කන්නයි විතරයි.
රාත්රියට මෙම මාර්ගයේ වැලි ටිපර් රථ වල ඇත්තේ පුදුම වේගයක්. දවල් වැලි ගෙනයාමට නොහැක ජීවිතයකුත් බිලිගත් මොහුට උපරිම දඬුවමක් දිය යුතුය. ලංකාවේ දඬුවම් ප්රමාණ නැතිනිසා කිසිවෙක් ජිවිත වල වටිනා කමක් නොදනිති
රථවාහන පොලිසිය කවදාවත් ටිපර් හෝ පුද්ගලික බස් අල්ලන්නේ නැත, ඇයි ද දන්නවද? ඒවායේ අයිතිකරුවන් මාසිකව අදාල ගතමනාව ඉහල සිට පහලටම වෙලාවට ලබා දෙන නිසා. බැරිවෙලාවත් ඇල්ලුවොත් ඒ ගතමනාව පරක්කු වුන අවස්ථාවකදී.