IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වල් අලියා කල්අඩිය හොල්ලයි

පුත්තලම කල්අඩිය නිදහස් මාවත නෙලුම්වැව ප්‍රදේශයට කඩා වදින වල් අලියෙකු හේතුවෙන් රාත්‍රි කාලයේ දැඩි ලෙස බියකින් පසුවීමට සිදුවී ඇති බව ගම්වාසින් පවසයි.මේ දිනවල සෑම දිනකම ගමට කඩා වදින මෙම වල් අලියා දේපල වගා බිම්වලට හානි සිදු කර පැය ගනන් නිවාස අසල රැඳී සිටිම හේතුවෙන් හදීසි අවශ්‍යතාවයකදී නිවසින් එළියට බැසීමටවත් නොහැකි බවත් ප්‍රදේශවාසිහු කියති.

සිකුරාදා (29) ගෙවත්තකට කඩා වැදුණු වල් අලියෙක් ඵලදරමින් තිබූ පොල් ගස් 15 පමණ විනාශ කරමින් නිවසේ සාලයේ තිබූ පුටු එළියට විසිකර දමා එහි රැදී සිටීම හේතුවෙන් පැය හතරක පමණ කාලයක් පුරා දැඩි අසීරුතාවයකට ලක්වූ බව නිවැසියෝ කියති.

‘කල්අඩිය කියන්නේ අභය භුමියක් වගේ හවස්වෙනකොට අලි රංචු ගණන් පාරේ ඉන්නවා.රෑ වෙනකොට ගමට එනවා. එළවන්න මොනවා කළත් බැහැ. රතිඥ්ඥා දැම්මහම ළඟට එනවා මිසක් යන්නේ නැහැ. එළිවෙනකම් නිදි මරාගෙන ඉඳලා තමයි ගෙවල් ආරක්ෂා කර ගන්න වෙලා තිබෙන්නේ. නින්දකුත් නැහැ රැකියාවට යන්නත් නැහැ. වගාවක් කර ගන්නත් නැහැ. මේ ගමේ මිනිස්සු හරිම දුකකින් කල් ගෙවන්නේ. වල් අලි මිනිස් ගැටුම කිව්වාට එහෙම එකක් නැහැ. මිනිස්සුන්ට පදිංචි වෙන්න ඉඩකඩම් දිලා ගෙවල් හදලා අවසර දිලා තිබෙනවා නම් ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනෑ.‘ යැයි ගම්වැසියෝ පවසති.

1-(2) 1-(3) 1-(5) 1-(7) 1-(8) 1-(19) 1-(21) 5-(2) 6-(2)



අදහස් (0)

වල් අලියා කල්අඩිය හොල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site