
(අමදෝරැ අමරජීව)
එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය කියයි.
තම ගෙවත්ත අසලට පැමිණි අලියා අසල්වැසියකු සමග එළවද්දී මගට ගොස් ආපසු හැරී පිටුපසින් පැමිණි අලියා මෙම පහරදීම සිදුකළ බව මියගිය අය සමග අලි එළවීමට ගිය අසල්වැසියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.
බරපතල තුවාල ලැබූ සාලිය රත්නායක මහතා මහදිවුල් වැව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දී ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපෙට දැන් ඉන්න මෝඩ අලි ටික කරපු විනාසය දැකල නියම අලි කුලප්පුවෙලා. මොනව උනත් මිනිස් ජීවිතයක් අපරාදේ.
මේ සා විශාල අලි ගහණයක් අපට මොකටද? පවත්නා වන ගහණයට සරිලන පරිදි වන අලි ගහණය පාලනය කිරීම බුද්ධිමත් මිනිසාගේ පරම වග කීමයි. එදාට මේ කියන අලි- මිනිස් ගැටුම නිම වනු ඇත. ප්‍රමුඛත්වය දිය යුත්තේ මිනිසාට මිස අලියාට නොවේ. කෙසේ වෙතත් අලි වැටෙන් කොමිස් ගහන නිලධිරීන් ඊට කැමති නැත. මහවැලියේ මහවන මැද පොල් වගා කිරීමට අපට හැකි වූවේ අලි කාණුවේ පිහිටෙන් බව කිව යුතුය. මාදුරුඔය පැමිණි විටක අදටත් අති සාර්ත්ථක ලෙස පවතින අපගේ පොල් වගාව නැරඹීමට එන ලෙස ආරාධනා කරමු.
කවුද හිතුවේ පක්ෂ ලාංජනේම ඉන්න සතා ජිවිතේ නැති කරයි කියලා? මේවා හොඳ පාඩම්
අලින්ටත් එපා වෙලා ඇති.
තමන්ගේම පාක්ෂිකයෙක් තමාව එලවනකොට දුකට ගහපු පහරක් සැරට වැදිලා වගේයි...
ජනගහනයට සරිලන පරිදි පැරකුම් වැනි ගව ගහනය පාලනය කලොත් හොඳ නැද්ද?