IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වල් අලි පාර හරස් කරති

පුත්තලම - අනුරාධපුර මාර්ගය ඇතකු සහා වල් අලියකු සැරි සැරීම හේතුවෙන් පැය එක හමාරකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බව කරුවලගස්වැව වනජීවි කාර්‍යාලය කියයි.

ඇතා පුත්තලම හයේ කණුව සෙල්ලංකන්දල් ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන ලෙස රැදී සිටීම හේතුවෙන් පාපැදි,යතුරුපැදි,ත්‍රිවිල්,කාර්,අත් ට්‍රැක්ටර් යන කුඩා වාහන මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව රැදී සිටි අතර පොලිස් නිලධාරීන් පැමිණ වාහන හසුරවමින් ටිපර් රථ බස් රථ වැනි බර වාහන නවතා ඒ පසු පසින් කුඩා වාහන ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බව පුත්තලම කොට්ඨාශ රථවාහන අංශය පවසයි.

පසුව එම ස්ථානයට පැමිණි කරුවලගස්වැව වනජීවි කාර්‍යාලයේ වන අඩවි ආරක්ෂක නිළධාරි ලක්ෂ්මන් රෝහිත මහතා ඇතුළු කණ්ඩායම වල් අලියා සෙල්ලංකන්දල් රක්ෂිතයට පලවා හැර ඇත.

_--------------------2015-0 1 2 3 5 44



අදහස් (0)

වල් අලි පාර හරස් කරති

කසුන් - එංගලන්තය Sunday, 03 May 2015 10:50 AM

ඇසට ප්‍රිය උපදවන දසුනක්, හැබැයි පාරේ තියෙන ලයිට් කණු ගාන දැක්කම ස්වභාවික සෞන්දර්ය නැති වුණා. (ත)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 02 May 2015 03:31 PM

මේ වගේ අහිංසක සතුන්ට ගිනිබිඳින දෙපා සත්තුත් අපේ රටේ ඉන්නවා. අන්න ඒකයි දුක. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 02 May 2015 04:15 PM

මෙම සුන්දර ඇතා මිනිස් විරෝධතාකරුවෝ මෙන් දේපොළ විනාශ නොකර පාර අවහිර කරගෙන සිටීම මට නම් පෙනෙන්නේ මනරම් දසුනක් ලෙසටයි (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 02 May 2015 06:22 PM

හරි ඇත් යාළුවා, මොකක්ද ඔබගේ ඉල්ලීම? (නි)

:       0       0

නදීකා Saturday, 02 May 2015 06:28 PM

එක අතකට ඒ සත්තු ‍මොනවා කරන්නද? (නි)

:       0       0

විජේසුන්දර Saturday, 02 May 2015 06:35 PM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

රූපවතී Saturday, 02 May 2015 08:39 PM

මට නම් පෙනෙන්නේ මේ අලියා පොලිසියේ අය පිටුපස පන්නනවා වගෙයි (නි)

:       0       0

දිලන්ත Sunday, 03 May 2015 12:58 AM

මේ වන අලින්ට මිනිසුන් එක්ක සහයෝගයෙන් ඉන්න පුරුදු කරන්න ඕනෑ. (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 03 May 2015 01:22 AM

මේ අසරණ සතුන්ගේ වාසභූමිය දෙපා සතුන් අල්ලා ගත්තාට ඒ වන්දියත් ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ මේ අසරණයිටමයි. ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන ඔවුන්ට කතා කරන්න බැහැ (නි)

:       0       0

සිතුම්යා Sunday, 03 May 2015 01:28 AM

ටිකක් මග ඇහිරුණත් මොකද, මරබියෙන් වුණත් සුන්දර දසුනක් දකින්න ලැබුණනෙ. අනික මේ ප්‍රදේශය අපේ නෙමෙයි වන සතුන්ගෙමයි.පාර කපලා තියෙන්නෙ කැලය මැදදෙන් (නි)

:       0       0

රන්ජිත් Sunday, 03 May 2015 02:29 AM

පොලිස් නිලධාරීන් දැනගන්න ඕනෑ අලියා පොලිස් ඇඳුම් හඳුනන්නේ නැහැ කියලා. ප්‍රවේශමෙන් කටයුතු කළොත් හොඳයි (නි)

:       0       0

අනුර Sunday, 03 May 2015 03:18 AM

ලස්සන දසුනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site