පුත්තලම - අනුරාධපුර මාර්ගය ඇතකු සහා වල් අලියකු සැරි සැරීම හේතුවෙන් පැය එක හමාරකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බව කරුවලගස්වැව වනජීවි කාර්‍යාලය කියයි.
ඇතා පුත්තලම හයේ කණුව සෙල්ලංකන්දල් ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන ලෙස රැදී සිටීම හේතුවෙන් පාපැදි,යතුරුපැදි,ත්‍රිවිල්,කාර්,අත් ට්‍රැක්ටර් යන කුඩා වාහන මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව රැදී සිටි අතර පොලිස් නිලධාරීන් පැමිණ වාහන හසුරවමින් ටිපර් රථ බස් රථ වැනි බර වාහන නවතා ඒ පසු පසින් කුඩා වාහන ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බව පුත්තලම කොට්ඨාශ රථවාහන අංශය පවසයි.
පසුව එම ස්ථානයට පැමිණි කරුවලගස්වැව වනජීවි කාර්‍යාලයේ වන අඩවි ආරක්ෂක නිළධාරි ලක්ෂ්මන් රෝහිත මහතා ඇතුළු කණ්ඩායම වල් අලියා සෙල්ලංකන්දල් රක්ෂිතයට පලවා හැර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසට ප්‍රිය උපදවන දසුනක්, හැබැයි පාරේ තියෙන ලයිට් කණු ගාන දැක්කම ස්වභාවික සෞන්දර්ය නැති වුණා. (ත)
මේ වගේ අහිංසක සතුන්ට ගිනිබිඳින දෙපා සත්තුත් අපේ රටේ ඉන්නවා. අන්න ඒකයි දුක. (නි)
මෙම සුන්දර ඇතා මිනිස් විරෝධතාකරුවෝ මෙන් දේපොළ විනාශ නොකර පාර අවහිර කරගෙන සිටීම මට නම් පෙනෙන්නේ මනරම් දසුනක් ලෙසටයි (නි)
හරි ඇත් යාළුවා, මොකක්ද ඔබගේ ඉල්ලීම? (නි)
එක අතකට ඒ සත්තු මොනවා කරන්නද? (නි)
පවු අහිංසක සත්තු! (නි)
මට නම් පෙනෙන්නේ මේ අලියා පොලිසියේ අය පිටුපස පන්නනවා වගෙයි (නි)
මේ වන අලින්ට මිනිසුන් එක්ක සහයෝගයෙන් ඉන්න පුරුදු කරන්න ඕනෑ. (නි)
මේ අසරණ සතුන්ගේ වාසභූමිය දෙපා සතුන් අල්ලා ගත්තාට ඒ වන්දියත් ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ මේ අසරණයිටමයි. ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන ඔවුන්ට කතා කරන්න බැහැ (නි)
ටිකක් මග ඇහිරුණත් මොකද, මරබියෙන් වුණත් සුන්දර දසුනක් දකින්න ලැබුණනෙ. අනික මේ ප්‍රදේශය අපේ නෙමෙයි වන සතුන්ගෙමයි.පාර කපලා තියෙන්නෙ කැලය මැදදෙන් (නි)
පොලිස් නිලධාරීන් දැනගන්න ඕනෑ අලියා පොලිස් ඇඳුම් හඳුනන්නේ නැහැ කියලා. ප්‍රවේශමෙන් කටයුතු කළොත් හොඳයි (නි)
ලස්සන දසුනක් (නි)