ජනතාවට අසත්‍ය දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ දී නව ආණ්ඩුව අස්ථාවර කිරීම සම්බන්ධයෙන් සැකපිට කොට්ටාව මාකුඹුරේ රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ අජිත් කුමාර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.බී.තෙල්දෙණිය මහතා නියෝග කළේය.
අජිත් කුමාර හිටපු ඇමැති විමල් වීරවංශගේ මස්සිනාය.
සැකකරු 2015/01/08 සිට 2015/01/11 දිනවල ජංගම දුරකතන ඔස්සේ ආණ්ඩුව අස්ථාවර කිරීමට, ජනතාවට අසත්‍ය ඇමතුම් හා කෙටි පණිවිඩ ලබා දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියෝය.
ඉරු දිනවල පෙරවරු කාලයේ කොළඹ අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා ඔහුට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! දැන් බලනකොට මේ දවස් වල කොහෙන්හරි නඩුවක් නොවැටුණේ කේන්දර බැලූ උදවියට විතරයි වගේ. අනිත් හැමපැත්තෙන්ම නඩු ! නඩු !! නඩු !!! (නි)
රට අස්ථාවර කරලා නැවත ප්‍රශ්න ඇතිකරන්න යන අයට නම් සමාවක් දෙන්න එපා (නි)
ඕකට තමයි කියන්නේ වෛරීය දේශපාලනය කියලා. (අ)
අධිරාජ්‍යවාදී කුමන්තණ. (නදී)
දැන් දැන් සමහරුන්ගේ කඩාකප්පල්කාරී වැඩ හෙළිවෙන පාටයි (නි)
අනේ මහත්තයෝ, රට ගිනිතියන්න එපා (නි)
අඩුගානේ දැන්වත් වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණවන එකට වෛරය කියනවා නම් අපි ඉන්නේ තාමත් ගෝත්‍රික යුගයේ කියලා මම කියන්න කැමතියි (නි)
දැන් නීතිය ක්‍රියාත්මක කරන්න බාධාවක් නැහැ. ඒක ප්‍රශ්නයක් වෙලා වගෙයි සමහරුන්ට නම් (නි)
ලැජ්ජාවක් නැද්ද මන්දා (නදී)
තව ටික කාලයක් රිමාන්ඩ් බාරයේ ඉන්න දෙන්න තිබ්බේ. බොරු පවසා රට අස්ථාවර කරන අනික් අයටත් පාඩමක් වන්නට (නදී)