රාජ්‍ය ආයතනයක් මගින් මත්තේගොඩ සහ කහතුඩුවේ කළ නිවාස ව්‍යාපෘති දෙකේ දී හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශගේ ළඟම ඥාතීන්ට අඩු මිලට නිවාස පහක් දී මූල්‍ය අක්‍රමිකතාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇතැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ජනපති මාධ්‍ය අංශයේ සේව කළ ප්‍රියන්ත මිලින්ද රත්නායකට ද නිවසක් දී ඇතැයි රහස් පොලිසිය කීවේය.
ඕෂන් වීව් පුද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව මෙම අපරාධය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත්, හොඳ වැඩ කිරීම පටන් ගන්න ඕනෑ තමන් ප්‍රිය කරන අයගෙන්. ඊට පස්සේ තමා අසල්වැසියාට, පිට අයට, අනිත් නොදන්නා අයට උදව් උපකාර කල යුත්තේ. (ර)
දේශප්‍රේමය යනු පළමුව තමන්ට දෙවනුව තමන්ට තෙවනුව තමන්ට 4,5ත් තමන්ට දී ඉතිරි වුණොත් ඔහෙලට හොඳද (බ)
යහපාලනයට බැනලා හරි යන්නේ නැහැ... (ර)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට... (ර)
නන්දලාල් - ප්‍රංසය කියන දේ ඇත්ත. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ. (කේ)
නෑයන්ට උපකාර කරන්න ආසා නම්, හොඳට ඉගෙනගෙන වැදගත් රස්සාවක් කරලා, සාධාරණ ලෙස උපයාගෙන උදවු කරන්න. මහජන නියෝජිතයෙක් වෙලා, මහජන වරම අවභාවිතා කර නෑයන්ට සළකනවට වඩා සිඟාකෑම උතුම්. (නි)
සමන්ති,නන්දලාල් - ප්‍රංශය සහ යහපාල වැනි මිනිසුන් හිතන විදියට හිතන රටක් කිසිදු දිනක දියුණු වෙන්නේ නැත. ඔවුන් සිතන්නේ රජයේ දේපොල නෑයන්ට බෙදිම හරි බවයි. "මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයිනේ" මොනතරම් පහත් මානසිකත්වයක් ඇති අයද? මට හරිම අප්‍රසන්න හැඟීමක් ඇතිවුණේ මේක දැක්කහමයි (නි)
ඔන්න ඕවා අල්ලලා දාන්න අනේ! ඕවා හොය හොයා ඉන්න ගියොත් රටට වැඩක් කරන්න කාලයක් නැහැ. දැන් ඡන්දෙ දිනලා මාස 4 කටත් කිට්ටු වෙන්න ආවා. තවම හරිහමන් සංවර්ධන වැඩපිළිවෙලක් නැහැ. කෝටි දෙකක් ජනතාව ඉන්න රටක් නිසි වැඩපිළිවෙලකින් තොරව මාස හතරක් අයාලේ අරිනවා කියන්නේ සුළු දෙයක්ද? (නි)
මහජන නියෝජිතයො වෙලා ඇමතිකම් ගන්නේ නෑයන්ට කරන්න නෙමෙයි. අපේ රටේ හොරකම නීතිගත කරලා තිබුනු නිසා යහපාලලා වගේ අය හිතන්නේ ඒක හරි දෙයක් කියලා. අයියෝ මෙහෙමත් පටු විදියට හිතන මිනිසුන්..........! (නි)
පිවිතුරු යහපාලට ඇමතිකමක් දුන්නා නම් රටම කන හැටි බලාගන්න තිබුනා. එයාගේ පුංචි මොළේට හිතෙන්නේ ඇමතිකම් දෙන්නේ නෑයන්ට කරන්න කියලා. දෙවියනේ! මේ රටක ජාතික ධනය. කාගේවත් නෝනලාට, බාප්පලාට දන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිසුන්ගේ බදු මුදල් මේවා. (නි)
නන්දලාල් - ප්‍රංශය, ඔයා ඔය කියන ඒවා කරන්න ඕනෑ තමන් හරිහම්බ කරගත් ධනයෙන් මිසක් මහජන බදු මුදල් වලින් නෙමෙයි. පොඩි වෙනසයි තියෙන්නේ. වෙන අයගෙ ධනය දන්දෙන්න කාට බැරිද? ඕවට පින් නෙමෙයි පව් පිරෙන්නේ ආත්ම ගණනාවකට ගෙවලා ඉවර කරන්න බැරි වෙන්න. (නි)
නෑයන් ඉන්නවා කියන්නේ හොඳ ලකුණක්නේ. ජවිපෙන් අයින් වුණාට පසුව හිටියේ නිකන් කොළඹ කුරුඳුවත්තේ සිටාණෝ කෙනෙක් වගේ නිසා අපි හිතුවේ ගමේ නෑදැයෝ එහෙම මදිවෙලා ඇති කියලා. බලනකොට එහෙම වෙලා නැහැ. කොච්චර හොඳද මුල මතක තිබෙන එක. (නි)
මාළුවා නහින්නේ කට හින්දා කියලා පැරැන්නන් කිවුවේ කට කහනවට නොවේ. මොකද මාළුවා බිලී පිත්තේ කොක්කේ ඇමිණුනා කියන්නේ හොද්ද බොර වුණා කියන එක. විමල් එහෙම කොක්කට ඇමිණිලා ආවත් ඒ මාළු කන්න සත්තුවත් එන්නේ නැහැ. ඒ තරමට විෂයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
වංචා කළ සියලු මුදල් නැවත අයකරගන්න ඕනෑ. (නි)
ඔය වගේ වැඩ කව්රුත් කරනවනේ. හිතවත්කමට කරන වැඩ. (නි)
ඥාති සංග්‍රහය අගය කරන කෙනෙක් වෙන්න ඇති (නි)
අනේ මොහුට නෑයන්ට උදව් කිරීමට ඇමතිකම ලැබෙනතෙක් හිටියේ මීට පෙර එහෙම උදව් කරන්න තමුන් ළඟ මුදල් නැති නිසා වෙන්න ඇති. මෙවර මොහු උදව් කර තියෙන්නේ රජයේ (අපේ) මුදල් වලින්නේ. (නි)
අනේ හොඳයි. අපි වුණත් ගෙවල් 50 ක් 60 ක් තිබෙනවා නම් නැන්දලා, මස්සිනාලා, මාමාලා, නෑනලා, නැන්දම්මාට වුණත් එයින් කීපයක් දෙන්නේ නැද්ද? (නි)
ඔයාලටත් දුන්නා නම් ඔය කිසිම තතාවක් නැහැ. කාටද තමන්ගේ ඥාතින් ගැන කැක්කුමක් නැත්තේ? (නි)
නෑයන්ට සලකන්නේ නැතිනම් කාටද සලකන්නේ. (කේ)
ආයේ දෙකක් නැහැ. මේක ඇමෙරිකාව මෙහෙයවන කුමන්ත්‍රණයක්. (ර)