IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වීරවංශ දිනපොතට ලක්ෂ 150ක් දීලා

දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කිරීම සඳහා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැයකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂාකර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද නියෝග කළේය.

අමාත්‍යාංශය යටතේ ඇති ආයතන නමයක් වෙනුවෙන් 2015 වර්ෂයේ දිනපොත් හා දින දර්ශන මුද්‍රණයට මේ මුදල් යොදවා ඇත්දැයි පරීක්ෂණයක් පවත්වන බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම්දීමක් සළකා බලමින් මේ නියෝගය නිකුත් කැරිණි. 

ඕෂන් විව් ඩිවලොප්මන්ට් පෞද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ ගැන පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි ද කීය.

මේ පරීක්ෂණ ප්‍රතිඵල සැප්තැම්බර් 05 වැනි දා අධිකරණයට දැනුම් දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 



අදහස් (0)

වීරවංශ දිනපොතට ලක්ෂ 150ක් දීලා

ගිහාන් Wednesday, 03 June 2015 02:03 PM

දිනපොත් අච්චු ගහපු එක නෙමෙයි, ඒකට මෙච්චර මුදලක් වැයකළේ ඇයි කියලයි ප්‍රශ්නේ. මේක මහජන මුදලින් නඩත්තු වෙන අමාත්‍යාංශයක් මිසක් ලාභ ලබන වෙළඳ සමාගමක් නෙමෙයි. (නි)

:       0       0

සමන්ති Wednesday, 03 June 2015 02:09 PM

මේ සල්ලි ගැන අහන්න ඕනෑ පක්ෂයේ කාගෙන්ද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 03 June 2015 02:16 PM

ජනසෙවණ නම් ගීතයක් හදන්න නිවාස අධිකාරියේ මුදල් ලක්ෂ හතළිහක් මේයා වියදම් කළා වගකීමෙන් කියන්නේ (බ)

:       0       0

නිකමා Wednesday, 03 June 2015 02:18 PM

ඡන්දෙ දුන්නේ කුණු හොයා හොයා ඉන්නද දින සීයෙන්.? මේකේ ඉවරයක් නැහැ නේ. (ර)

:       0       0

විරාජ් Wednesday, 03 June 2015 02:42 PM

අනිල් කියන කෙනා අනිල්ම තමයි. (ර)

:       0       0

නන්දලාල් Wednesday, 03 June 2015 05:21 PM

විජයබාහු,මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් රජයට අතිවිශාල මුදලක් ඉතිරිකරගෙන වෙනත් සංවර්ධන වැඩවලට යෙදීමට පුලුවන්බව රජයට නොතේරීම අපේම අවාසනාවක්. මා සිටින රටේ රජයේ වියදමින්, මේ සා විශාල මුදලක් වැයකර මේ තරම් තෑගි බෙදාදෙන වගක් දැනගන්නට නැහැ.... (නි)

:       0       0

ජෙහාන් Wednesday, 03 June 2015 10:13 AM

දින පොතට මේච්චර නම් අර අඩු වයස් පාස්පෝට් එකට කොච්චර ඇද්ද ? (නදී)

:       0       0

අනිල් Wednesday, 03 June 2015 10:16 AM

කලින් කියපු මෙගා-ඩීල් පච වෙද්දී දැන් නිකන් සෙල්ලන් තර්ක ගේනවා. ඕනෑම දෙපර්තමෙන්තුවකින්, ආයතනයකින්, අලුත් අවුරුද්දකට දින පොත් මුද්‍රණය කරලා සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට දෙන එක සාමාන්‍ය දෙයක් කියල නොතේරෙන මෝඩයොත් ඉන්නවනේ. (නදී)

:       0       0

රවී Wednesday, 03 June 2015 10:16 AM

අපරාදේ ඔය වියදමින් අර මධුර මනෝහර කන්කළු හඬ ඇතුලත් කැසට් පටයක් කළා නම් ඉවරයි (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 03 June 2015 10:18 AM

ඔය දිනපොත්වල ලියල තියෙනවද කියල බලන්න, මේ ඇමතිතුමාගේ සහ සිය පවුලේ අයගේ විවිධ ජාතික හැඳුනුම් පත්වල, පාස්පෝර්ට් වල අංක එහෙම (නදී)

:       0       0

මොහාන් Wednesday, 03 June 2015 10:29 AM

අනිල් මහත්තයෝ අපිට නම් මේ ගාන මෙගා ගානක් . (කේ)

:       0       0

තුෂාර Wednesday, 03 June 2015 10:31 AM

අනිල්, ආයතනයක දින පොත් වලට යම් කිසි නියමිත මුදලක් අයවැයෙන් වෙන්වෙනවා. ඔය කියලා තියන ගාන බැංකුවකින්වත් දිනපොත් වලට වෙන්කරන්නේ නැති ගානක් කියලා තේරෙනවා. අනෙක රජයේ අමාත්‍යාංශයක් ලාභ ලබන සමාගමක් වගේ දිනපොත් අච්චු ගහනවාද ? (ර)

:       0       0

දුමින්ද Wednesday, 03 June 2015 10:34 AM

චෝදනා පමණක් ගෙනදේවි වේදනා.... (ර)

:       0       0

විජයබාහු Wednesday, 03 June 2015 10:35 AM

දිනපොත් කීයක් ගැහුවත් දිනපොතේ වටිනාකම කීයද කියල දන්නේ නැතුව මොකුත් කියන්න බැ. (ර)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 June 2015 10:34 AM

මහජන මුදල් නේද මේ නාස්ති කරන්නේ. දැන්වත් මෙවැනි වැඩ නවත්වන්න. (ර)

:       0       0

විජයබාහු Wednesday, 03 June 2015 11:22 AM

මන් දන්නා තරමින් ගොඩක් අමාත්‍යංශ වල මෙහෙම දිනපොත් ගහනවා ගනුදෙනු කරුවන්ට සේවකයන්ට දෙන්න. ලොකු අයට ලොකු එව්වා පොඩි අයට පොඩි එව්වා (කේ)

:       0       0

රවී Wednesday, 03 June 2015 12:16 PM

කරලා තියෙන නාස්තියක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site