දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කිරීම සඳහා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැයකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂාකර වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද නියෝග කළේය.
අමාත්‍යාංශය යටතේ ඇති ආයතන නමයක් වෙනුවෙන් 2015 වර්ෂයේ දිනපොත් හා දින දර්ශන මුද්‍රණයට මේ මුදල් යොදවා ඇත්දැයි පරීක්ෂණයක් පවත්වන බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම්දීමක් සළකා බලමින් මේ නියෝගය නිකුත් කැරිණි.
ඕෂන් විව් ඩිවලොප්මන්ට් පෞද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා කරන ලද පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ ගැන පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි ද කීය.
මේ පරීක්ෂණ ප්‍රතිඵල සැප්තැම්බර් 05 වැනි දා අධිකරණයට දැනුම් දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපොත් අච්චු ගහපු එක නෙමෙයි, ඒකට මෙච්චර මුදලක් වැයකළේ ඇයි කියලයි ප්‍රශ්නේ. මේක මහජන මුදලින් නඩත්තු වෙන අමාත්‍යාංශයක් මිසක් ලාභ ලබන වෙළඳ සමාගමක් නෙමෙයි. (නි)
මේ සල්ලි ගැන අහන්න ඕනෑ පක්ෂයේ කාගෙන්ද කියලා අපි නම් දන්නවා (නි)
ජනසෙවණ නම් ගීතයක් හදන්න නිවාස අධිකාරියේ මුදල් ලක්ෂ හතළිහක් මේයා වියදම් කළා වගකීමෙන් කියන්නේ (බ)
ඡන්දෙ දුන්නේ කුණු හොයා හොයා ඉන්නද දින සීයෙන්.? මේකේ ඉවරයක් නැහැ නේ. (ර)
අනිල් කියන කෙනා අනිල්ම තමයි. (ර)
විජයබාහු,මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් රජයට අතිවිශාල මුදලක් ඉතිරිකරගෙන වෙනත් සංවර්ධන වැඩවලට යෙදීමට පුලුවන්බව රජයට නොතේරීම අපේම අවාසනාවක්. මා සිටින රටේ රජයේ වියදමින්, මේ සා විශාල මුදලක් වැයකර මේ තරම් තෑගි බෙදාදෙන වගක් දැනගන්නට නැහැ.... (නි)
දින පොතට මේච්චර නම් අර අඩු වයස් පාස්පෝට් එකට කොච්චර ඇද්ද ? (නදී)
කලින් කියපු මෙගා-ඩීල් පච වෙද්දී දැන් නිකන් සෙල්ලන් තර්ක ගේනවා. ඕනෑම දෙපර්තමෙන්තුවකින්, ආයතනයකින්, අලුත් අවුරුද්දකට දින පොත් මුද්‍රණය කරලා සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට දෙන එක සාමාන්‍ය දෙයක් කියල නොතේරෙන මෝඩයොත් ඉන්නවනේ. (නදී)
අපරාදේ ඔය වියදමින් අර මධුර මනෝහර කන්කළු හඬ ඇතුලත් කැසට් පටයක් කළා නම් ඉවරයි (නදී)
ඔය දිනපොත්වල ලියල තියෙනවද කියල බලන්න, මේ ඇමතිතුමාගේ සහ සිය පවුලේ අයගේ විවිධ ජාතික හැඳුනුම් පත්වල, පාස්පෝර්ට් වල අංක එහෙම (නදී)
අනිල් මහත්තයෝ අපිට නම් මේ ගාන මෙගා ගානක් . (කේ)
අනිල්, ආයතනයක දින පොත් වලට යම් කිසි නියමිත මුදලක් අයවැයෙන් වෙන්වෙනවා. ඔය කියලා තියන ගාන බැංකුවකින්වත් දිනපොත් වලට වෙන්කරන්නේ නැති ගානක් කියලා තේරෙනවා. අනෙක රජයේ අමාත්‍යාංශයක් ලාභ ලබන සමාගමක් වගේ දිනපොත් අච්චු ගහනවාද ? (ර)
චෝදනා පමණක් ගෙනදේවි වේදනා.... (ර)
දිනපොත් කීයක් ගැහුවත් දිනපොතේ වටිනාකම කීයද කියල දන්නේ නැතුව මොකුත් කියන්න බැ. (ර)
මහජන මුදල් නේද මේ නාස්ති කරන්නේ. දැන්වත් මෙවැනි වැඩ නවත්වන්න. (ර)
මන් දන්නා තරමින් ගොඩක් අමාත්‍යංශ වල මෙහෙම දිනපොත් ගහනවා ගනුදෙනු කරුවන්ට සේවකයන්ට දෙන්න. ලොකු අයට ලොකු එව්වා පොඩි අයට පොඩි එව්වා (කේ)
කරලා තියෙන නාස්තියක්. (ර)