වරාය පිවිසුම් වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදි ඉහළ තනතුරු දරන ඇතැම් ආරක්ෂක සේවා නිලධාරින්ට අල්ලස් මුදල් ලබාදිමට සිදුවීමෙන් වරායට සම්බන්ධ ආනයන අපනයන කටයුතුවල යෙදී සිටින පෞද්ගලික අංශවල ප්‍රධානින් දැඩි අසිරුතාවයකට පත්ව ඇති බව වාර්තාවේ.
යුද්ධ කාලයේ පැවති ආරක්ෂක විධි විධාන බොහෝ ආයතන ලිහිල් කර තිබුණ ද කොළඹ වරායේ ආරක්ෂක අංශය ඔවුන්ට විශේෂ වු දැඩි ආධිපත්‍යයක් අනුගමනය කරමින් කටයුතු කරන බව කියති.
වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ බලපත්‍ර නිකුත් කිරිමට නව කමිටුවක් පත් කිරිමට කටයුතු යොදා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. දිව්‍ය ලෝකයට යන්නවත් මෙච්චර කරදර නැතුව ඇති (නි)
වෙනස සැපද ? (නදී)
ඇත්තමයි පාස් ඔෆිස් එකේ ගෑනු ටික අන්තිමයි (නදී)
නියමයි! (නදී)
මාත් ඔය වැඩ වලට ගිහින් තියෙනවා ඇතුලේ අය ගේම් ගහනවා එළියේ පෝලිම තියෙද්දී. කට තියෙනවා නම් වැඩේ කරගන්න පුළුවන් නැත්නම් බැහැ සල්ලි දෙන්නම ඕනේ. (ර)
ගුවන් තොටුපලේ පාස් දෙන ආකාරය උදාහරණයට ගෙන ඉක්මනින් වැඩ කරනමෙන් ඉල්ලමි(නදී)
සොයිසාගේ කතාව සම්පුර්ණ ඇත්තක් (ම)
ආණ්ඩුවේ හැමතැන එකයි .ලංකාවට අපු මගේ විසා එක තව සතියකට දික් කරගන්න පාස්පෝර්ට් කන්තෝරුවට ගියාම (තව සතියකට ගත්තත් එකම ගාන)එක දවසින් ගන්න (ආයේ එන්න මහන්සි නිසා රස්තියාදුව නිසා)එතන කෙනෙක් එතනම වැඩ කරන කෙනෙක් රුපියල් පහළොස් දාහක් ගත්තා පැයයි ගියේ දුන්නා. (අ)
ඇත්ත තමයි එතන සල්ලි නැතිව මොකුත් කරන්න බැහැ (නදී)
බල පත්‍ර දෙන බලන සියල්ලම මුදල් ගසා කනවා නොදුන්නොත් ලෙඩක්, කාටවත් එය නවත්වන්න බැහැ, එය නවත්වන්න ලංකාවේ කිසිම ජගතෙක් නැහැ. මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි, දශක ගණනාවක් තිස්සේ වෙන දෙයක්. (අ)
මේක ඇත්තම තමයි. වරායේ පාස් නිකුත් කිරීම මිනිස්සුන්ව රස්තියාදු කරන එකක්. තාවකාලික බලපත්‍රයක් ගන්න දවසක් රස්තියාදු වෙන්න වෙනවා. පාස් ඔෆිස් එකේ ගෑනු පවා අල්ලස් ගන්නවා. නියමිත ආකාරයට පුරවන ලද අයදුම්පත් පවා ආපසු හරවා අල්ලස් ගන්න බලනවා. එතන ඉන්න පරිපාලන නිලධාරියා සහා නිලධාරිනිය මිනිස්සුන්ට ඉතාමත් පහත ආකාරයෙන් කතා කරන්නේ. තාවකාලික බලපත් දෙන තැන සම්පුර්ණයෙන්ම දුෂිත තැනක්. මෙතන ඉන්න ලංකා බැංකුවේ නිලධාරියා දුෂිතයි බස් කොන්දොස්තර කෙනෙක් වගේ මිනිස්සුන්ට ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. මේ ගැන පැමිණිලි කරන්න කිසිම තැනක් නැහැ. (බ)
සමහර ගෑණු රුපියල් 20ටත් වැඩ (බ)
මේවා විසඳන එක නම් බොහොම අගෙයි (නි)
මෙය නිසි පාලකයකු යටතට ගතහොත් විසාල මුදලක් ඉතිරි කලහැකි වන බවත් ජනතාවට යහපතක් උදාකරගැනිමටත් රජයට ලොකු මුදලක් ඉතිරිකර ගැනිමටත් හැකියාවක් ඇත. (ර)
විශ්‍රාම ගිය අයෙකුට රාජකාරි අවශ්‍යතාවයකට තමන් සේවය කළ අංශයට යාමට නොහැකියි (නි)
ඇමතිගේ ඇස් ඇරේවා.! (ර)
පරිපාලන නිලදාරී නිරන්තරයෙන් දුරකථන සංවාද වල යෙදී සිටීම හේතුවෙන් පැමිණි පිරිස අපහසුතාවයට පත්වීම සිදුවේ. බලදාරින්ගේ අවදානය පිනිසයි (නදී)
බලපත්‍ර කටයුතු නිසියාකාරව කිරිමට ඒ පිළිබඳව හොද අවබෝධයක් දැනුමක් අැති ප්‍රධානියෙකූ එම අංශයට පත් කළ යුතුයි.දැනට වරායේ සිටින අයගෙන් සුදුසුම පුද්ගලයා කපිතාන් විරසුරිය. මහතාය. ගැබුරින් සොයා බලා තිරණයක් ගැනිම කාලෝචිතයි.(ම)
හොඳ වැඩක් (නි)
අනර්ඝ වැඩක්. කප්පම්කාරයන්ට තරු පේනවා ඇති. (නි)
රටකට ගිය කලක් අද කාලේ හැම තැනම පිරිහිලා (ම)
වරායේ ය්‍රනියන් මගින් බලපත්‍ර කාර්යාල වලට සේවකයින් නම් කරන්නේ. (නදී)
තාවකාලික බලපත්‍ර කාර්යාලය නම් ගොඩක් හොඳයි ඉස්සරට වඩා. ලියකියවිලි ගොඩක් අඩුකර තිබෙනවා. ඇත්තටම හොඳයි (නි)