වරාය නගරය හා ජාතික භෞතික සැලැස්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරිසරවේදීන් හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය පවසයි.
එහි ආරම්භක පියවර ලෙස ඉතාලිය, ජර්මනිය, ස්පාඤ්ඤය හා එංගලන්තය යන රටවලදී සම්ම්න්ත්‍රණ මාලාවක් පැවැත්වීමට නියමිත බව එම සංවිධානයේ කැඳවුම්කරු පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.
මෙම මස 31 වැනිදා සිට අප්‍රේල් 02 දක්වා ස්පාඥයේ වැලන්සියාහි පොලිතෙක්නික් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඉඩම් හා ස්වභාවික සම්පත් සම්බන්ධ ලෝක සමුළුවේදී මෙහි පළමු දේශනය පැවැත්වීමට නියමිත අතර ලංකාවේ ඉඩම් ,ස්භාවික සම්පත් මංකොල්ලය හා සමස්ථ ජෛව විවිධත්ව විනාශය පිළිබඳ විශේෂ වාර්තාවක් එහිදී බාරදීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන විදියට මේක හොද වැඩක් , ස්වභාවික පරිසරය විශේෂයෙන් මුහුදු පරිසරය වෙනස් වීමෙන් ,පරිසරයට සහ සියලුම ජීවීන්ට බල පෑ හැකි දුර්දාන්ත රැසක් ඇති විය හැකියි .(ම)
මෙන්න නියම ජාතික වීරයෝ ස්වභාව ධර්මයට ආදරය කරන ඔබලාට අපගේ ගෞරවනීය ප්‍රණාමය (ම)
ජනාධිපතිවරණයට කලින් රනිල් වික්රමසිංහ උඩ පැන පැන කිව්වේ පොර්ට් සිටි නවත්තනවා කියල නේද? කෝ දැන්?බොරු කියාල රටම රැවටුවා. (බ)
ඉස්සර මේගොල්ලෝ ඔය පොර්ට්සිටි එක මහා භයානක බව පැවසුවා. බලයට ආගමන නවත්වනවා කිවුවා. පොර්ට්සිටි එක නැවත පටන්ගත්තා. මේ පාරිසරික සංවිධානයට මගේ සම්පුර්ණ සහයෝගය දෙනවා. (ර)
වැඩියෙන් පරිසර හානියක් වෙන්නේ මුහුද ගොඩකර කවුරු හෝ කෙනෙකුට ජීවත් වීමට ගොඩබිමක් ඇතිකිරීමේන්ද නැත්නම් තිබෙන ගොඩ බිමෙහි වනාන්තර විනාශ කර දැමීමෙන්දයි කවුරු හෝ උගතෙක් විසින් කරුණාකර පැහැදිලි කර දෙනවාද? (ර)
සෙනරත්,මම උගතෙක් නොවෙයි.මේ නගරය ඉදිකිරීමට වැලි ටොන් ලක්ෂ ගණනක් අපේ රට අසන්න මුහුදෙන් ගන්නවා. එසේ වැලි ගොඩ කිරීම මිගමුව ආසන්නයට එනකම්ම සිදුකරනවා. එවිට නොයෙකුත් වෙනස් කම් පරිසර පද්ධතියේ ඇතිවෙනවා. දෙහිවල, ගල්කිස්ස අවට මුහුදේ සුනාමි තත්වයන් පවා ඇතිවිය හැකියිලු. ඩුබායි වල මේවගේ දුපතක් හදලා ඒ අවට ජිවත්වන ජනයාට නොයෙකුත් ප්‍රශ්න දැනටත් ඇතිවෙනවාලු. මෙහි ගොඩගැසෙන " කුණු" වලට කරන්නේ මොනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. පොර්ට් සිටියෙන් කොටසක් චීන්නුන්ට සින්නක්කරම දෙන්න හදන්නේ. කොහොමත් චීනා ගොඩබිමට වැඩිය මුහුදු නගරය ට කැමතියි .ඒ ඔහුගේ අනාගත වියාපෘති නිසයි. (ර)
ඩුබායි සින්ගපුරුව වගේ රටවල් ආදර්ශයට ගනිමු. (ර)
ඔය ගමන්ම විල්පත්තුව වන විනාසය ගැනත් හොයල බැලුවොත් නරකද.වරයා නගරයට වඩා පරිසර විනාසයක් වෙනවා විල්පත්තුව වැනි වනාන්තර විනාස වීම මගින් (අ)
මෙක ජාතික අපරාධයක් කියලනේද බෙරිහන් දුන්නෙ කලකට වාලු කලකට රස නෙවාලූ....(අ)
මේ වගේ කට්ටිය හින්ද තමයි රටක් පස්සට යන්නේ. රට රට වල යනකොට මේ ගොල්ලන්ට ඩොලර් නම් හම්බ වෙයි. නමුත් පස්සට යන්නේ අපේ රටේ අනාගතය.(අ)
පරිසර අධ්‍යයන වාර්තා ගැන අපි නොදන්නවයැ. වාර්තාව දෙයි කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මොනවා වුණත් ලංකාවනේ. (නි)
හොඳ අදහසක් වගේම හොඳ මහජනමතයක් ගොඩනැගීමක්.මේ වරාය නගරය හදන්න කලින් පරිසර අධ්‍යයනයක් කළත්, නැතත් ඒ වාර්තාව ගණන් නොගෙන පටන්ගත් ව්‍යාපෘතියක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. දේශපාලනයෙන් අන්ධවූ ,සංවර්ධනයේ නාමයෙන් ලෝකයට අපේ රට විකුණු මෝඩ,නුගත් දේශපාලුවන් ගේ" වීර ක්‍රියාවක් " ලෙසයි මම මෙය දකින්නේ.ඔවුන්ට මෙය වීර ක්‍රියාවක් වුණේ මින් ඔවුන් ලද " දහසින් බැඳී පියලි " නිසායි. අපේ රටේ දේශපාලකයන් කියනදේ විශ්වාස නොකලයුතුයි කියන මතය සනාථ කරමින් නව රජයත් මේ වරාය නගරය නැවත හදන්න පටන් ගත්තේ " චිනාගේ " තර්ජන නිසා නොවෙයි කියා ඔබටවත් මටවත් කියන්න හැකිද...හදවත් ඇති මිනිසුන් ලෙස...?මහත්වරුනේ මේ සම්මන්ත්‍රණවලින් ඇති ප්‍රභල ජනමතයක් ගොඩ නැගීමට ඔබ සැමට යෝධබල ,යෝධ ශක්තියක් ලැබේවා.දෙවියන් බුදුන් ඔබව රැකදේවා.(අ)
රන්ජිත්,මේක චීන්නුන් පැටවූ ගහන තැනක්.මේ නගරයේ කැල්ලක් එහෙම පිටින්ම චීන්නුන්ට ලියලා දිලාතින්නේ.(අ)
අන්න බුද්ධිමතුන්ගේ වැඩක්. (නි)
රටට ආදරය කරන දක්ෂ පරිසරවේදින්ගෙන් සමන්විත හොඳ සංවිධානයක් මේ.ඔවුන් මේ වරය නගරය නිසා අපිට සිදුවන හානියට විරුද්ධවයි මේ හඬ නගන්නේ. (ම)
රන්ජිත්, මේ අපේ රට බේරගන්න උත්සහ කරන පරිසරවේදීන් කණ්ඩායමක්. (ර)
නුවන්,මේගොල්ලෝ තවමත් කියන්නේ එකම තමයි.ඒ පරිසර විනාශයට විරුද්ධව තමයි මේ නැගිසිටින්නේ. ඒක ජාතික අවශ්‍යතාවක්. (ර)
පන්සල් 54 යට කරලා මහවැලි ව්‍යාපෘතිය කළ ඒ මේ පරිසර වේදීන් හිටෙයේ කොහෙද ? කෝ පරිසර වාර්තා කෝ පුරා විද්ද්‍යා වාර්තා නැහැ මගේ මතය නම් මේ ව්‍යාපෘතිය කරන්න ඕනි එයින් රටේ ලොකු වෙනසක් වෙනවා සම්පුර්න බරපැන දරන්නේ චීනෙන්. කාලය කා දමන්නේ නැතිව ඉක්මනට වැඩ අවසන් කරන්න.(අ)
මෙම රාජ්‍ය නොවන සංවිධානයට ආධාර ලැබෙන්නේ නොර්වේ රටෙන් නේද ?මේ විරෝධතාවය බටහිරෙන් එන දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතිබව සැක කළ හැකිය(අ)