(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද (19) සහ හෙට (20)ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත.
ඒ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අදත් හෙටත් විවාදයට ගැන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරු 4:00 ට සිදු කෙරේ .
පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශ වලට යටත්ව, සංශෝධන සහිතව සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිවරුනි, රට පාවාදෙන මේ මරඋගුලට ඡන්දය දෙන්න එපා.. ඔබසැමගේ දරුවන්, දරුවන්ගේ දරුවන්, උන්ගේ පරම්පරා චීනයට, උන්ගේ පාලනයට දෙන්න එපා. ඒ අය නුඹලාට ශාප කරාවි. හොඳට හිතලා බලලා, කල්පනා කරලා බලලා මතු ඉපදෙන ආත්ම භවවල නරකාදියකට නොවෙන්නට හිතලා තීන්දුව ගනිල්ලා. ස්තුතියි..!!!