IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වරාය අධිකාරිය විවෘත ගොල්ෆ් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ 7 දෙනෙක් ලක්‍ෂ 18 ක් උපයති

ඉන්දීයානු වෘත්තීය ගොල්ෆ් තරගාවලියේ 10 වැනි අදියර වශයෙන් පැවැති ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විවෘත ගොල්ෆ් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයෝ හත් දෙනෙක් කැපී පෙනන දස්කම් දක්වමින් රුපියල් ලක්‍ෂ 18 ක් ඉක්මවූ ත්‍යාග මුදල් දිනාගත්හ.

කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේ දී පසුගිය සිකුරාදා (19) අවසන් වූ මෙම තරගාවලියේ පළමු ස්ථානය හිමිකරගැනීමට ඉන්දීය ජාතික චිරාග් කුමාර් සමත් විය. ලෝකයේ දෙවැනි පැරණිතම රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණය ලෙස සැලකෙන කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පහර 273 කින් තරග වට හතරක් නිමා කළ චිරාග් කුමාර්ගේ ත්‍යාග මුදල ඉන්දීය රැපියල් 611,300 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 14 කි. මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ශී‍්‍ර ලංකාවේ මිතුන් පෙරේරාට හිමි විය.

තරගාවලියේ 4 වැනි ස්ථානය තවත් ශී‍්‍ර ලාංකිකයකු වන කේ. ප‍්‍රභාකරන් විසින් දිනාගන්නා ලද අතර පහර 276 කින් තරගය නිම කළ ප‍්‍රභාකරන්ගේ ත්‍යගය ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 370,000 ඉක්මවයි. තරගයේ 23 වැනි ස්ථානය හිමිකරගත් එන්. තංගරාජා විසින් දිනාගන්නා ලද මුදල රුපියල් ලක්‍ෂය ඉක්මවන්නකි.

කෙසේ වෙතත් තරගාවලියේ 23 වැනි ස්ථානයට පැමිණි විජිත බණ්ඩාරටද රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් හිමිකරගැනීමේ අවස්ථාව තිබුණ නමුත් ඔහු වෘත්තීය මට්ටමට නොපැමිණි, ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයකු වන බැවින් මුදල් ත්‍යාගයක් හිමි නොවීය.

වෘත්තීය ගොල්ෆ් තරගාවලියකදී කිසියම් නිශ්චිත කඩයිමකට පසුව තරග කරනු ලබන කී‍්‍රඩකයන් සෑම දෙනාටම ඔවුන් විසින් අත්කරගනු ලබන ස්ථානය අනුව ත්‍යාග මුදල් පිරිනැමේ.

ඉන්දීයානු වෘත්තීය ගොල්ෆ් තරගාවලිය අදියර 16 කින් සමන්විත වන අතර ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විවෘත තරගාවලිය එහි 10 වැන්නයි. මෙම අදියරේ තරගකරුවන් සඳහා පමණක් වෙන්කරන ලද සම්පූර්ණ ත්‍යාග මුදල ඉන්දීය රුපියල් 3,750, 659 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 88 කට ආසන්නය.

ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය විවෘත තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් 107 දෙනෙක් සහභාගි වූ අතර එයින් කී‍්‍රඩකයන් 54 දෙනකුට මුදල් ත්‍යාග පිරිනැමිණ.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණතම වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයන් වන අනුර රෝහණ මෙම තරගයේ එක් අවස්ථාවක පහර 61 කින් තරග වටය නිම කිරීමට සමත් වූ නමුත් ඔහුට අත්වූයේ හත්වැනි ස්ථානයයි. අනුර රෝහණ, ආසියානු වෘත්තීය තරගමාලාවටත් සහභාගි වන ප‍්‍රබල කී‍්‍රඩකයෙකි.

තරග ප‍්‍රතිඵල
(ජයග‍්‍රාහකයා හැර ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ ස්ථාන සහ දස්කම් පමණක් දැක්වේ)

1. චිරාග් කුමාර් (ඉන්දියාව)       273
2. මිතුන් පෙරේරා (ශී‍්‍ර ලංකාව)   272
4. කේ. ප‍්‍රභාකරන් (ශී‍්‍ර ලංකාව)   276
7. අනුර රෝහණ (ශී‍්‍ර ලංකාව)    278
23. එන්. තංගරාජා (ශී‍්‍ර ලංකාව)  285
23. විජිත බණ්ඩාර (ශී‍්‍ර ලංකාව)  285
37. ඇන්ඩි ෂලීම් (ශී‍්‍ර ලංකාව)     289
41. තිස්ස චන්ද්‍රදාස (ශී‍්‍ර ලංකාව) 291
41. ලලිත් කුමාර (ශී‍්‍ර ලංකාව)    291

 

චිරාග් කුමාර්

 

 

 

 

 

 

 

 

 

 

 

අනුර රෝහණ



අදහස් (0)

වරාය අධිකාරිය විවෘත ගොල්ෆ් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ 7 දෙනෙක් ලක්‍ෂ 18 ක් උපයති

ගාමිනී Sunday, 21 April 2013 09:47 PM

ලංකාවට කීර්තියක් අත් කර දුන් ශ්‍රී ලංකා වරයා අධිකාරියේ ඉයලූම ක්‍රීඩකයන්ට හිටපු ක්‍රියා කාරී අධ්‍යක්ෂකවරයෙක් හැටියට මගේ උණුසුම් සුභපැතුම්!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site