පැපුවානිව්ගිනි අසල මුහුදේ ගිලෙමින් තිබූ නැවක සිටි 246 දෙනකු බේරා ගැනිමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලාංකික කපිතාන්වරයකුට වීරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මානයක් පිරි නමා ඇත. 2012 පෙබරවාරි 02 වැනි දා මුහුදේ ගිලිණු රාබවුල් ක්වීන් නැවේ සිටි පිරිස බේරා ගැනීමට වී. විදානගමගේ ඉදිරිපත් විම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමිණි. පුරා දෙදිනක් තිස්සේ පැවැති එම මෙහෙයුමට නැව් 12ක්, ගුවන් යානා 6ක් සහ හෙලිකොප්ටර් 03ක් යොදා ගැණිනි. “ අපි පිලිපීනය බලා යාත්‍රා කරමින් සිටිය දී අපේ ගමන් මග වෙනස් කර, ගිලිණු නැවේ සිටි පිරිස බේරා ගැනීමට අප සේවය කරන සමාගමේ අවසරය ලැබුණා. අපි විශිෂ්ට සේවයක් කළා ශ්‍රී ලාංකිකයකු ලෙස මට ගොඩාක් සතුටුයි. මෙම සම්මානය මගේ සමාගම, කාර්යය මණ්ඩරය, මම කළ සේවයට උපහාරයක් ලෙස මා පිළිගන්නාවා යැයි සම්මානය උළෙලෙන් පසු විදානගමගේ පැවැසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඇත්තටම විශිෂ්ට නායකයෙක්. (නි)
උතුම් මිනිසෙක්. වැදු මවටත්, පියාටත්, ඔබටත් බුදු සරණයි .(ස)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මනුස්සයෙක්.ඔබට කෙදිනකවත් දුකක් කරදරයක් නොවේවා. (ස)
ඔබ නියම ලංකා පුත්‍රයෙක්. ඔබට සුභපැතුම්..
ඔන්න ඔය වෙලාවල් වලදී තමා මිනිස්සුන්ගේ වටිනාකම තේරෙන්නේ? ඔබට බුදුසරණයි! දැක්කනේද අපේ දරුවන්ගේ වැඩ!
ලාංකිකයකු හැටියට හරිම ආඩම්බරයි මහත්තයො ඔබතුමා ගැන. ඔබට ජය..
ඔබ වැනි වීර පුතෙක් ලොවට බිහි කළ දෙමාපියන්ටත් ලක්මවගේ නම ලොවටම පෙන්වන ලද දයාබර පුතණුවන්ටත් සම්මා සම්බුදු සරණයි. (ස)
මට ඔබ ගැන හරි ආඩම්බරයි. (නි)
ඔය කල පිනම ඇති මතු ආත්ම ගාණකට ,(ස)
ලාංකිකයෙකු වී ඉපදීම ගැන ආඩම්බර විය හැකි දුර්ලභ අවස්ථාවක්. මේ සිදුවීම හා මෙහි සඳහන් වීර ක්‍රියාව ගැන මෙය සිදුවුණ දවස්වල බොහෝ දෙනෙක් දැනුවත්ව සිටියේ නැහැ. වීර ක්‍රියාවේ නිරත වූ සියල්ලන්ට සුබ පතමු. ලංකාදීපයට පින් මේ ගැන විස්තර කළාට. (නි)
ඇගේ හිරිගඩු පිපෙනවා මේක දැක්කහම. ඊට වැඩිය සතුටුයි දාලා තියෙන අදහස් දැක්කහම. (නි)
ඔබ කොයි රටට සේවය කළත් අප රටේ නම තියලා තියෙනවා. (නි)
ඔබ වීර කපිතාන්වරයෙක් ,,(ස)
ඔබට සුභ පැතුම්! (නි)
ඔබ නම් හෙළ මෑණිගේ වීර පුතෙක් ! මගේ හිතේ ඇතිවුණු සතුට කියල නිමකරන්න බැහැ. ඔබ වැනි වීරයන් උපන් බිමට ආඩම්බරයක්, ඒ වගේම ආශීර්වාදයක් ! ඔබට බුදු සරණයි ! (නි)
කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ.... (නි)
ඔබ උපන්බිමට ආඩම්බරයක්! ආභරණයක්! ඔබට බුදු සරණයි! (නි)
ඔබ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක් , කපිතාන් ඔබට දීර්ඝායු වේවා (ස)
ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙකු ලෙස ,(ස)
ඔබට ජය !!! ,(ස)
ඔබට ජය.......!!!(නු)
ලාංකිකයෙක් ලෙස මට සතුටුයි. (නි)
අනෙකුගෙ විපත සලකා තම දුක මෙන්ම ගිලෙමින් තිබූණ නැවකින් දිව් ගැලවීම ඔබගේ උතුම් ගුණ පැතිරෙයි දස අතම යහතින් වැඡබේව ඔබෙ මුළු පරපුරම..(නු)
අහන්න ලැබිමත් ලොකු සතුටක් අපිට ආඩම්බරය්ක.. මගේ හිතේත් මේ වගේ විර ක්‍රියාවක් කරන්න ආසාවක් තියෙනවා.. ඒ නිසා මේකත් මම කළා වගේ සතුටුයි. ඔබට බුදු සරණයි..!(නු)
ඔබ වැනි රත්තරං පුතෙක් බිහි කරපු ඔබේ දෙමව්පියන් කොතරම් වාසනාවන්තද? ලක් පුතුනි ඔබට අපේ ප්‍රණාමය..!(නු)
අපගේ ප්‍රරනාමය පුතුනි ඔබහට....!!!(නු)
ආශ්චර්යමත් ක්‍රියාවක්..ඔබට ජය ශ්‍රී..!(නු)
අපි ඔබ ගැන ආඩම්බර වෙමු.. සුභ අනාතයක් සදහා සුභ පැතුම්..!(නු)
අපේ රටට ලොකු ආඩම්බරයක්.. සිංහල පුත්තු ලෝකෙ කොහෙ හිටියත් මිනිසුන්ට උදව් කිරීම අතින් අංක එක එන්නේ අපේ එක මුළු ලොවම දන්නවා.. ඒකට කදිම නිදසුනක් තමා කපිතාන් වීරයා කරලා තියෙන්නේ අපේ රටිනුත් එතුමාට උපහාර දැක්වමු.. ඒක අපේ කමට ලොකු ශක්තියක් වෙයි සුභ පැතුම් විරුවාණෙනි..!(නු)
පපුවටම දැණුනා සතුට මට..!(නු)
සුවිශේෂී පුද්ගලයන් බිහිවෙන්නේ කලාතුරකිනි ඔබ එවැනි පුද්ගලයෙකි..!(නු)
සුවිශේෂී පුද්ගලයෙක්.. සුභ පැතුම්..!!(නු)
ඔබ වීරයෙක්..!(නු)
අහන්නත් සතුටුයි මහත්තයෝ. ඔබ සැබෑ ලංකා පුත්‍රයෙක්.. මේවා තමයි වීරකම් දක්ෂකම් කියන්නේ..!(නු)
ඔබ අපට ආඩම්බරයක් කපිතාන්..!(නු)
වීර සොයුර ඔබට සෑම දිනදිම ජය...!(නු)
ඔබට මගේ සුබ පැතුම්...!(නු)
ඔබ වැනි පුතුන් සොයා ගැනීමට අසීරු අයයි.. ඔබ ඇත්තෙන්ම වීරයෙක්.. ඔබට සුභ පැතුම්..!(නු)
අනුන්ගේ දුකේදී පිහිටවූ ඔබ වීරයෙකි..!(නු)
අපේ රටේ ඔක උනානම් නැව් සාම්ගමේ අයට තමයි සම්මානය දෙන්නේ ඔබ විර පුතකි...(නු)
වීරා ලක් පුතෙක්. ඔබට ජය වේවා! (නි)
විදානගමගේ සොයුර ඔබට ජය..!(නු)
ඔබට ජය