IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වීරපුතෙක් ලංකා නම තියයි

පැපුවානිව්ගිනි අසල මුහුදේ ගිලෙමින් තිබූ නැවක සිටි  246 දෙනකු බේරා ගැනිමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලාංකික කපිතාන්වරයකුට වීරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මානයක් පිරි නමා ඇත.  2012 පෙබරවාරි 02 වැනි දා මුහුදේ ගිලිණු රාබවුල් ක්වීන් නැවේ සිටි පිරිස බේරා ගැනීමට වී. විදානගමගේ ඉදිරිපත් විම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමිණි. පුරා දෙදිනක් තිස්සේ පැවැති එම මෙහෙයුමට  නැව් 12ක්, ගුවන් යානා 6ක් සහ හෙලිකොප්ටර් 03ක් යොදා ගැණිනි.  “ අපි පිලිපීනය බලා යාත්‍රා කරමින් සිටිය දී අපේ ගමන් මග වෙනස් කර, ගිලිණු නැවේ සිටි පිරිස බේරා ගැනීමට අප සේවය කරන  සමාගමේ අවසරය ලැබුණා. අපි විශිෂ්ට සේවයක් කළා  ශ්‍රී ලාංකිකයකු ලෙස මට ගොඩාක් සතුටුයි.  මෙම සම්මානය මගේ සමාගම, කාර්යය මණ්ඩරය, මම කළ සේවයට  උපහාරයක් ලෙස මා පිළිගන්නාවා යැයි සම්මානය උළෙලෙන් පසු විදානගමගේ පැවැසීය.



අදහස් (0)

වීරපුතෙක් ලංකා නම තියයි

සශීමාල් Monday, 08 October 2012 03:25 PM

ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙකු ලෙස ,(ස)

:       0       0

රාජා Sunday, 07 October 2012 02:22 PM

ඔබ නම් හෙළ මෑණිගේ වීර පුතෙක් ! මගේ හිතේ ඇතිවුණු සතුට කියල නිමකරන්න බැහැ. ඔබ වැනි වීරයන් උපන් බිමට ආඩම්බරයක්, ඒ වගේම ආශීර්වාදයක් ! ඔබට බුදු සරණයි ! (නි)

:       0       0

ඉන්ද ජෝති Saturday, 06 October 2012 09:28 PM

සුවිශේෂී පුද්ගලයන් බිහිවෙන්නේ කලාතුරකිනි ඔබ එවැනි පුද්ගලයෙකි..!(නු)

:       0       0

සුරංජිත් Saturday, 06 October 2012 09:34 PM

සුවිශේෂී පුද්ගලයෙක්.. සුභ පැතුම්..!!(නු)

:       0       0

සිරිමත් Saturday, 06 October 2012 09:34 PM

ඔබ වීරයෙක්..!(නු)

:       0       0

ජයී තිසර Saturday, 06 October 2012 09:41 PM

අනෙකුගෙ විපත සලකා තම දුක මෙන්ම ගිලෙමින් තිබූණ නැවකින් දිව් ගැලවීම ඔබගේ උතුම් ගුණ පැතිරෙයි දස අතම යහතින් වැඡබේව ඔබෙ මුළු පරපුරම..(නු)

:       0       0

අරෝෂ ඒකනායක Saturday, 06 October 2012 10:22 PM

ඔබ අපට ආඩම්බරයක් කපිතාන්..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 06 October 2012 10:41 PM

වීර සොයුර ඔබට සෑම දිනදිම ජය...!(නු)

:       0       0

ශම්ස් Saturday, 06 October 2012 10:46 PM

ඔබට මගේ සුබ පැතුම්...!(නු)

:       0       0

චතුර Monday, 08 October 2012 04:15 PM

ඔබට ජය !!! ,(ස)

:       0       0

එච්.ඒ.එස්.ලක්ෂාන් පෙරේරා Saturday, 06 October 2012 11:11 PM

ඔබ වැනි පුතුන් සොයා ගැනීමට අසීරු අයයි.. ඔබ ඇත්තෙන්ම වීරයෙක්.. ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

අමරා අයිරංගනී Saturday, 06 October 2012 11:51 PM

අනුන්ගේ දුකේදී පිහිටවූ ඔබ වීරයෙකි..!(නු)

:       0       0

අසේල Thursday, 11 October 2012 11:32 PM

ලාංකිකයෙක් ලෙස මට සතුටුයි. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 07 October 2012 02:53 AM

අපේ රටේ ඔක උනානම් නැව් සාම්ගමේ අයට තමයි සම්මානය දෙන්නේ ඔබ විර පුතකි...(නු)

:       0       0

අසන්ක Sunday, 07 October 2012 04:00 AM

වීරා ලක් පුතෙක්. ඔබට ජය වේවා! (නි)

:       0       0

සම්පත් Sunday, 07 October 2012 04:34 AM

විදානගමගේ සොයුර ඔබට ජය..!(නු)

:       0       0

කුරුවිට Sunday, 07 October 2012 03:45 PM

කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ.... (නි)

:       0       0

රමණි Sunday, 07 October 2012 07:56 AM

ඔබට ජය

:       0       0

කුසුම් Sunday, 07 October 2012 08:12 AM

ඔබ කොයි රටට සේවය කළත් අප රටේ නම තියලා තියෙනවා. (නි)

:       0       0

අසින්තිකා Sunday, 07 October 2012 08:44 AM

උතුම් මිනිසෙක්. වැදු මවටත්, පියාටත්, ඔබටත් බුදු සරණයි .(ස)

:       0       0

රත්නායක Sunday, 07 October 2012 09:25 AM

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මනුස්සයෙක්.ඔබට කෙදිනකවත් දුකක් කරදරයක් නොවේවා. (ස)

:       0       0

රාජා Sunday, 07 October 2012 04:14 PM

ඔබ උපන්බිමට ආඩම්බරයක්! ආභරණයක්! ඔබට බුදු සරණයි! (නි)

:       0       0

නිරාන්- සෞදි Sunday, 07 October 2012 09:49 AM

ඔබ නියම ලංකා පුත්‍රයෙක්. ඔබට සුභපැතුම්..

:       0       0

අශෝක රාජපක්ෂ Sunday, 07 October 2012 09:49 AM

ඔන්න ඔය වෙලාවල් වලදී තමා මිනිස්සුන්ගේ වටිනාකම තේරෙන්නේ? ඔබට බුදුසරණයි! දැක්කනේද අපේ දරුවන්ගේ වැඩ!

:       0       0

සංජීව Sunday, 07 October 2012 10:01 AM

ලාංකිකයකු හැටියට හරිම ආඩම්බරයි මහත්තයො ඔබතුමා ගැන. ඔබට ජය..

:       0       0

ජගත් වීරසිංහ Sunday, 07 October 2012 10:13 AM

ඔබ වැනි වීර පුතෙක් ලොවට බිහි කළ දෙමාපියන්ටත් ලක්මවගේ නම ලොවටම පෙන්වන ලද දයාබර පුතණුවන්ටත් සම්මා සම්බුදු සරණයි. (ස)

:       0       0

සුමනපාල Sunday, 07 October 2012 10:35 AM

මට ඔබ ගැන හරි ආඩම්බරයි. (නි)

:       0       0

චමින්ද Sunday, 07 October 2012 11:25 AM

ඔය කල පිනම ඇති මතු ආත්ම ගාණකට ,(ස)

:       0       0

සරත් Monday, 08 October 2012 08:38 AM

ඔබ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක් , කපිතාන් ඔබට දීර්ඝායු වේවා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 11:38 AM

ලාංකිකයෙකු වී ඉපදීම ගැන ආඩම්බර විය හැකි දුර්ලභ අවස්ථාවක්. මේ සිදුවීම හා මෙහි සඳහන් වීර ක්‍රියාව ගැන මෙය සිදුවුණ දවස්වල බොහෝ දෙනෙක් දැනුවත්ව සිටියේ නැහැ. වීර ක්‍රියාවේ නිරත වූ සියල්ලන්ට සුබ පතමු. ලංකාදීපයට පින් මේ ගැන විස්තර කළාට. (නි)

:       0       0

කුමාර Tuesday, 09 October 2012 04:54 PM

ඔබට ජය.......!!!(නු)

:       0       0

ලහිරු Sunday, 07 October 2012 01:12 PM

ඇගේ හිරිගඩු පිපෙනවා මේක දැක්කහම. ඊට වැඩිය සතුටුයි දාලා තියෙන අදහස් දැක්කහම. (නි)

:       0       0

කමල් Sunday, 07 October 2012 01:11 PM

ඔබ ඇත්තටම විශිෂ්ට නායකයෙක්. (නි)

:       0       0

කමල් Sunday, 07 October 2012 01:17 PM

ඔබ වීර කපිතාන්වරයෙක් ,,(ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 06 October 2012 07:22 PM

අහන්නත් සතුටුයි මහත්තයෝ. ඔබ සැබෑ ලංකා පුත්‍රයෙක්.. මේවා තමයි වීරකම් දක්ෂකම් කියන්නේ..!(නු)

:       0       0

චක්ද්‍රසිරි Saturday, 06 October 2012 07:22 PM

අහන්න ලැබිමත් ලොකු සතුටක් අපිට ආඩම්බරය්ක.. මගේ හිතේත් මේ වගේ විර ක්‍රියාවක් කරන්න ආසාවක් තියෙනවා.. ඒ නිසා මේකත් මම කළා වගේ සතුටුයි. ඔබට බුදු සරණයි..!(නු)

:       0       0

අතපත්තු Saturday, 06 October 2012 07:34 PM

ඔබ වැනි රත්තරං පුතෙක් බිහි කරපු ඔබේ දෙමව්පියන් කොතරම් වාසනාවන්තද? ලක් පුතුනි ඔබට අපේ ප්‍රණාමය..!(නු)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Saturday, 06 October 2012 07:42 PM

අපගේ ප්‍රරනාමය පුතුනි ඔබහට....!!!(නු)

:       0       0

සිල්වා පැරිස් Saturday, 06 October 2012 07:55 PM

ආශ්චර්යමත් ක්‍රියාවක්..ඔබට ජය ශ්‍රී..!(නු)

:       0       0

චමිල ප්‍රනානදු Saturday, 06 October 2012 07:49 PM

අපි ඔබ ගැන ආඩම්බර වෙමු.. සුභ අනාතයක් සදහා සුභ පැතුම්..!(නු)

:       0       0

මිහිර Saturday, 06 October 2012 08:20 PM

අපේ රටට ලොකු ආඩම්බරයක්.. සිංහල පුත්තු ලෝකෙ කොහෙ හිටියත් මිනිසුන්ට උදව් කිරීම අතින් අංක එක එන්නේ අපේ එක මුළු ලොවම දන්නවා.. ඒකට කදිම නිදසුනක් තමා කපිතාන් වීරයා කරලා තියෙන්නේ අපේ රටිනුත් එතුමාට උපහාර දැක්වමු.. ඒක අපේ කමට ලොකු ශක්තියක් වෙයි සුභ පැතුම් විරුවාණෙනි..!(නු)

:       0       0

රසාංග Saturday, 06 October 2012 08:22 PM

පපුවටම දැණුනා සතුට මට..!(නු)

:       0       0

කොස්වත්ත Sunday, 07 October 2012 01:51 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site