IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වරෙන්තු නිකුත් කිරීමෙන් පලක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් නැතිව වරෙන්තුවක්  කිරීම පල රහිත යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. උසාවියෙන් දෙන එවැනි නියෝගය ඉන්ටර්පෝල් පොලිසියට දැන්විය යුත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් වීම ඊට හේතුව බව ද මහේස්ත්‍රාත් පැවැසීය. ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන නඩුවේ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ඉල්ලා සිටියේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවැසුයේ වරෙන්තුව නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලනවාට වඩා අභියාචනාධිකරණයෙන් සහන ලබා ගන්නට බලන ලෙසයි.



අදහස් (0)

වරෙන්තු නිකුත් කිරීමෙන් පලක් නෑ

සෑම් Wednesday, 05 September 2012 05:39 AM

ඇති අය සැප විදිති. නැති අය? (නි)

:       0       0

සිල්වා Wednesday, 05 September 2012 06:22 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 September 2012 06:30 AM

ලංකාව තිබෙන්නේ කොහේද? මට මතක නැහැනේ (නි)

:       0       0

වරුණ Wednesday, 05 September 2012 07:50 AM

වරෙන්තු නිකුත් කරලා විතරක් ඵලක් නැහැ. ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ (නි)

:       0       0

අහිංසා Wednesday, 05 September 2012 07:58 AM

පලක් තිබුණත් නැතත් වරෙන්තුවක් නිකුත් කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා? රටවැසියා වෙච්චි අපටත් බලාගන්න. නැද්ද මං අහන්නේ නේද මෙයා ??? (නි)

:       0       0

සෑම් Wednesday, 05 September 2012 08:09 AM

පොලිසියට අවුරුදු 146යි....? (නි)

:       0       0

සුනිල් Tuesday, 04 September 2012 06:45 PM

වරෙන්තු නිකුත් කිරිමෙන් පලක් නැහැ කියලා නම් මමත් දැනගෙන හිටියා. එයාට මතක නැතුව ඇති එයා තවම ඉන්නේ සිංගප්පුරුවෙ කියලවත්. (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 04 September 2012 06:47 PM

ඒ වුනාට මා දන්න කෙනෙක් පොලිසියේ ඉල්ලීමක් නැතුව නඩුවකට ආවෙ නැහැයි කියලා ඒ නඩුවට ආවත් අත්අඩංගුවට ගත්තා. (ස)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 04 September 2012 06:41 PM

හාමුදුරුවනේ, බඩුත් ඔබ වහන්සේගේ.නඩුත් ඔබවහන්සේගෙ කැමැත්තක් කළ මැනවි. අපිට කල හැක්කෙ බලා සිටිම පමණයි. (ස)

:       0       0

අචිනි Wednesday, 05 September 2012 09:43 AM

මෙයා හොඳයි‍‍‍.....එයා තවත් හොඳයි‍‍‍‍‍ ....(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 04 September 2012 07:21 PM

ලංකාවේ නීතිය අපට තේරෙන්නේ නෑ. සංකීර්ණ වැඩි නිසා ගෙවල් පැත්තේ ඉන්න නීතිඥයෙකුගෙනුත් අහලා බැලුවා, එයා කියනවා එයාටත් තේරෙන්නේ නැතිලු. විශේෂයෙන්ම මේ නඩුවේ සිදුවෙන දේවල් ගැන.. මේක ලාංකික නීති ඉතිහාසය අලුතින් ලියන කේස් එකක් වගේ. (නු)

:       0       0

විමල් Tuesday, 04 September 2012 07:22 PM

සෝලෝන් කිව්වෙ ඕක තමයි. නීතිය මකුළු දැලක් වගෙයි. සැහැල්ලු දෙයක් වැටුනම රඳවා ගන්නවා. බර දෙයක් වැටුනම විනිවිද යනවා ... (නු)

:       0       0

ජේසුස්මි Wednesday, 05 September 2012 10:50 AM

ලංකාවේ අධිකරණය සෙල්ලම් දාන්නේ හාල්මැස්සන් එක්ක විතරයි, තෝරු මෝරු ඉස්සරහ නිකම්ම සල්ලන්, කිය කියා හුග දෙනෙක් මේ දවස් වල කියන එක ඇත්ත කියන්න මේක හොඳම සාක්කියක් නේද? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 05 September 2012 10:54 AM

මේවට තමයි කියන්නේ බලය කියලා (නි)

:       0       0

චතුල වෙරෝන Tuesday, 04 September 2012 08:21 PM

මට මුකුත් පෑහෑදිලිනෑ....සමහර විට මුකුත් මතක නෑති නිසා වෙන්න ඈති!...(නු)

:       0       0

කුසුම් Tuesday, 04 September 2012 09:48 PM

ඕවට කියන්නෙ "හවුලේ කැඳ" කියල ලු. (ස)

:       0       0

ලලිත් Wednesday, 05 September 2012 05:58 PM

මේවා මහ අමුතු කතා. (නි)

:       0       0

චන්ද්‍රපාල Wednesday, 05 September 2012 12:46 PM

නෑ නෑ. මේක අධිකරණ නීතිය නෙමෙයි, දේශපාලන නීතිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site