පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් නැතිව වරෙන්තුවක් කිරීම පල රහිත යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. උසාවියෙන් දෙන එවැනි නියෝගය ඉන්ටර්පෝල් පොලිසියට දැන්විය යුත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් වීම ඊට හේතුව බව ද මහේස්ත්‍රාත් පැවැසීය. ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන නඩුවේ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ඉල්ලා සිටියේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවැසුයේ වරෙන්තුව නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලනවාට වඩා අභියාචනාධිකරණයෙන් සහන ලබා ගන්නට බලන ලෙසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති අය සැප විදිති. නැති අය? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)
ලංකාව තිබෙන්නේ කොහේද? මට මතක නැහැනේ (නි)
වරෙන්තු නිකුත් කරලා විතරක් ඵලක් නැහැ. ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ (නි)
පලක් තිබුණත් නැතත් වරෙන්තුවක් නිකුත් කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා? රටවැසියා වෙච්චි අපටත් බලාගන්න. නැද්ද මං අහන්නේ නේද මෙයා ??? (නි)
පොලිසියට අවුරුදු 146යි....? (නි)
වරෙන්තු නිකුත් කිරිමෙන් පලක් නැහැ කියලා නම් මමත් දැනගෙන හිටියා. එයාට මතක නැතුව ඇති එයා තවම ඉන්නේ සිංගප්පුරුවෙ කියලවත්. (නි)
ඒ වුනාට මා දන්න කෙනෙක් පොලිසියේ ඉල්ලීමක් නැතුව නඩුවකට ආවෙ නැහැයි කියලා ඒ නඩුවට ආවත් අත්අඩංගුවට ගත්තා. (ස)
හාමුදුරුවනේ, බඩුත් ඔබ වහන්සේගේ.නඩුත් ඔබවහන්සේගෙ කැමැත්තක් කළ මැනවි. අපිට කල හැක්කෙ බලා සිටිම පමණයි. (ස)
මෙයා හොඳයි.....එයා තවත් හොඳයි ....(ස)
ලංකාවේ නීතිය අපට තේරෙන්නේ නෑ. සංකීර්ණ වැඩි නිසා ගෙවල් පැත්තේ ඉන්න නීතිඥයෙකුගෙනුත් අහලා බැලුවා, එයා කියනවා එයාටත් තේරෙන්නේ නැතිලු. විශේෂයෙන්ම මේ නඩුවේ සිදුවෙන දේවල් ගැන.. මේක ලාංකික නීති ඉතිහාසය අලුතින් ලියන කේස් එකක් වගේ. (නු)
සෝලෝන් කිව්වෙ ඕක තමයි. නීතිය මකුළු දැලක් වගෙයි. සැහැල්ලු දෙයක් වැටුනම රඳවා ගන්නවා. බර දෙයක් වැටුනම විනිවිද යනවා ... (නු)
ලංකාවේ අධිකරණය සෙල්ලම් දාන්නේ හාල්මැස්සන් එක්ක විතරයි, තෝරු මෝරු ඉස්සරහ නිකම්ම සල්ලන්, කිය කියා හුග දෙනෙක් මේ දවස් වල කියන එක ඇත්ත කියන්න මේක හොඳම සාක්කියක් නේද? (නි)
මේවට තමයි කියන්නේ බලය කියලා (නි)
මට මුකුත් පෑහෑදිලිනෑ....සමහර විට මුකුත් මතක නෑති නිසා වෙන්න ඈති!...(නු)
ඕවට කියන්නෙ "හවුලේ කැඳ" කියල ලු. (ස)
මේවා මහ අමුතු කතා. (නි)
නෑ නෑ. මේක අධිකරණ නීතිය නෙමෙයි, දේශපාලන නීතිය. (නි)