IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙරෝනා පන්සලේ පඬුරු සොරාගනී

ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය බිඳ යුරෝ හාරසියයක් (රුපියල් 68400ක්) පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි. විහාරස්ථානයට ආධාර පිණිස කප්රුකේ එල්ලා තිබු මුදල් පැහැරගත් ශ්‍රී ලාංකිකයා (37) හඳුනාගෙන පොලිසියට බාරදුන් බව විහාරස්ථාන දායක සභාව පවසයි. මොහු මෙයට වසරකට පෙර රාජාංගනයේ සිට ඉතාලියට පැමිණි අයෙකි. රැුකියාවක් දෙන පොරොන්දුව මත ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් ගෙන ඉතාලියට රැුගෙනවිත් අතමරං කොට ඇත්තේ ද වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෙකි. ”සෑම දිනකම වාගේ මෙයා පන්සලට එනවා. ඒ එන හැම අවස්ථාවකම මම මට පුළුවන් විදියට සංග‍්‍රහ කරනවා. සමහර අවස්ථාවල ගෙදරට කතා කරන්න කියලා දුරකථන කාඞ් පවා අරන් දුන්න. මේ සිදුවීමට පෙර දින රාත‍්‍රියේ මෙයා හොඳටම බීලා මා මරන්න කියලා පිහියකුයි පොල්ලකුයි අරන් ඇවිත් තියනවා.” විහාරාධිපති උඩවලවේ ඤානානන්ද හිමියෝ එසේ කීහ. පොල්ලකින් විහාරස්ථානයේ ගණ වීදුරුවකට පහරදීමෙන් කැඞී ගිය පොල්ලේ එක කොටසක් පන්සල් භූමියේද අනෙක් කොටස ඔහු සිටි නිවසේද තිබී තමන්ට හමු වූ බව දායක සභාව පවසයි.



අදහස් (0)

වෙරෝනා පන්සලේ පඬුරු සොරාගනී

සිසිර Wednesday, 19 September 2012 12:22 PM

සල්ලි දීලා සැප විදින්න රට ගිහින් අන්තිමේ හිර ගෙදර (ස)

:       0       0

ඩිලාන් Wednesday, 19 September 2012 12:45 PM

ඕවා හොඳ පාඩම් (ස)

:       0       0

දර්ශි Wednesday, 19 September 2012 12:52 PM

ලක්ෂ ගානක් දීලා ඉතාලි ගිහින් දුක් විඳින්න ඕනි නෑනේ . අරබියට ඇවිත් දන්න රස්සාවක් කරන්න.. (ස)

:       0       0

සුමල් Thursday, 20 September 2012 01:53 PM

ඔය මේ ඛේදවාචකයේ එක සිද්ධියක් විතරයි , අද ඉතාලි යන ගොඩක් අයට රස්සාව නෙමෙයි රැකියා කොන්ත්‍රාත්තුව තියෙන්නේ උපරිම මාස 6යි. ඒකත් ලංකාවේ අය ගහපු හොර ඒවා, ඇයි දෙයියනේ අනුන්ගේ රටක කුලී වැඩ කරන්න එන එකෙකුට තවත් එකෙකු ගෙන්නාගෙන රස්සාවක් දීලා, පඩිනඩි දීලා,උන් වෙනුවෙන් ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න පුලුවන්ද? මේ ටිකවත් ලක්ස ගණන් දීලා යන උන්ට හිතන්න බැරිද? ඉතාලිය බංකොලොත් හින්දා ටැක්ස් ගන්න විදේශික අයටත් මේ අවස්ථාව දීලා තියෙන්නේ. නමුත් අපේ වංචාකාරයෝ එකෙන් ප්‍රයෝජන ගන්නවා. තමුන්ගේ අයෙක් නැතිව කිසිමදෙයක් නොදැන ඉතාලි ගිහින් හරිහම්බ කරපු කාලයක් තිබුණා දරුවනේ, ඒ කාලය ඉවරයි . (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 19 September 2012 01:11 PM

දායක සභාව මේ මනුස්සයව අමාරුවේ දාපු මිනිහ පොලිසියට අල්ලලා නොදී අමාරුවේ වැටිච්ච මිනිහ තමයි අල්ලලා දීල තියෙන්නේ. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 07:28 PM

ලුම්බිණි, මේ දෙන්නම වැරදියි. (නි)

:       0       0

හර්ෂි Wednesday, 19 September 2012 02:41 PM

මම ඔය හැම විස්තරයම හොදට දන්නවා (නි)

:       0       0

රොහාන් Thursday, 20 September 2012 03:12 AM

අයියෝ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අනූෂි Wednesday, 19 September 2012 05:28 PM

ඉතාලි එන අයටත් පිස්සු. ගේන අයටත් පිස්සු. (නි)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 11:56 AM

ඉතාලියේ රැකියා ප්‍රශ්නය ලංකාවේ අයට දැනිලා වගෙයි. ඔන්න අපේ මස්සිනාත් ළගදී ලංකාවට ආවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site