ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය බිඳ යුරෝ හාරසියයක් (රුපියල් 68400ක්) පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි. විහාරස්ථානයට ආධාර පිණිස කප්රුකේ එල්ලා තිබු මුදල් පැහැරගත් ශ්‍රී ලාංකිකයා (37) හඳුනාගෙන පොලිසියට බාරදුන් බව විහාරස්ථාන දායක සභාව පවසයි. මොහු මෙයට වසරකට පෙර රාජාංගනයේ සිට ඉතාලියට පැමිණි අයෙකි. රැුකියාවක් දෙන පොරොන්දුව මත ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් ගෙන ඉතාලියට රැුගෙනවිත් අතමරං කොට ඇත්තේ ද වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෙකි. ”සෑම දිනකම වාගේ මෙයා පන්සලට එනවා. ඒ එන හැම අවස්ථාවකම මම මට පුළුවන් විදියට සංග‍්‍රහ කරනවා. සමහර අවස්ථාවල ගෙදරට කතා කරන්න කියලා දුරකථන කාඞ් පවා අරන් දුන්න. මේ සිදුවීමට පෙර දින රාත‍්‍රියේ මෙයා හොඳටම බීලා මා මරන්න කියලා පිහියකුයි පොල්ලකුයි අරන් ඇවිත් තියනවා.” විහාරාධිපති උඩවලවේ ඤානානන්ද හිමියෝ එසේ කීහ. පොල්ලකින් විහාරස්ථානයේ ගණ වීදුරුවකට පහරදීමෙන් කැඞී ගිය පොල්ලේ එක කොටසක් පන්සල් භූමියේද අනෙක් කොටස ඔහු සිටි නිවසේද තිබී තමන්ට හමු වූ බව දායක සභාව පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දීලා සැප විදින්න රට ගිහින් අන්තිමේ හිර ගෙදර (ස)
ඕවා හොඳ පාඩම් (ස)
ලක්ෂ ගානක් දීලා ඉතාලි ගිහින් දුක් විඳින්න ඕනි නෑනේ . අරබියට ඇවිත් දන්න රස්සාවක් කරන්න.. (ස)
ඔය මේ ඛේදවාචකයේ එක සිද්ධියක් විතරයි , අද ඉතාලි යන ගොඩක් අයට රස්සාව නෙමෙයි රැකියා කොන්ත්‍රාත්තුව තියෙන්නේ උපරිම මාස 6යි. ඒකත් ලංකාවේ අය ගහපු හොර ඒවා, ඇයි දෙයියනේ අනුන්ගේ රටක කුලී වැඩ කරන්න එන එකෙකුට තවත් එකෙකු ගෙන්නාගෙන රස්සාවක් දීලා, පඩිනඩි දීලා,උන් වෙනුවෙන් ආණ්ඩුවට ටැක්ස් ගෙවන්න පුලුවන්ද? මේ ටිකවත් ලක්ස ගණන් දීලා යන උන්ට හිතන්න බැරිද? ඉතාලිය බංකොලොත් හින්දා ටැක්ස් ගන්න විදේශික අයටත් මේ අවස්ථාව දීලා තියෙන්නේ. නමුත් අපේ වංචාකාරයෝ එකෙන් ප්‍රයෝජන ගන්නවා. තමුන්ගේ අයෙක් නැතිව කිසිමදෙයක් නොදැන ඉතාලි ගිහින් හරිහම්බ කරපු කාලයක් තිබුණා දරුවනේ, ඒ කාලය ඉවරයි . (නි)
දායක සභාව මේ මනුස්සයව අමාරුවේ දාපු මිනිහ පොලිසියට අල්ලලා නොදී අමාරුවේ වැටිච්ච මිනිහ තමයි අල්ලලා දීල තියෙන්නේ. (ස)
ලුම්බිණි, මේ දෙන්නම වැරදියි. (නි)
මම ඔය හැම විස්තරයම හොදට දන්නවා (නි)
අයියෝ මෙහෙමත් මිනිස්සු! (නි)
ඉතාලි එන අයටත් පිස්සු. ගේන අයටත් පිස්සු. (නි)
ඉතාලියේ රැකියා ප්‍රශ්නය ලංකාවේ අයට දැනිලා වගෙයි. ඔන්න අපේ මස්සිනාත් ළගදී ලංකාවට ආවා. (නි)