විරුද්ද පක්ෂය දෙකට බෙදී සීසීකඩ ගොස් ඇති බවත්, ඒ නිසා ලබන පාර්ලි මේන්තු මැතිවරණයෙන් එක්සත් ඡාතික පක්ෂයට තුනෙන් දෙකකට ආසන්නව මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබීම ඒකාන්ත බවත් පාර්ලිමේන්තුවේ සභානායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හේවාහැට දී කීවේය.
‘මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් වගේම අමුතු ආණ්ඩුවක්. එක්සත් ඡාතික පක්ෂයේ නායකය අගමැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකය ඡනාධිපති. ඒ දෙගොල්ල එකතු වෙලා ඉන්නවා නම් ගම් වල ඉන්න අපට එකතු වෙලා ඉන්න බැරි මොකද. ගම් වල ඉන්න අපි බෙදිල ඉන්නෙ නැතුව එකමුතු විය යුතුයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ගොන් කතා කියන පින් ඇමතියා නේද?හැමදාම පික්පොකට් සෙල්ලම් බැහැ (ම)
වෙලාව හොඳයි (නි)
අපිට නම් මේවට හිනායනවා... (නි)
පිත්තල වෙනුවට තඹ වලින් හදපු බුලත් හෙප්පුවේ ගොලෑ පුවක් වෙනුවට කරුන්කා පුවක් දමා දැහැත් හදන ගොයියලා ඉන්න මේ කණ්ඩායමත් එක්ක එකතුවෙන්න ඕන ගොනෙක් කැමතිවෙන්නේ නැහැ අප්පච්චි. (නදී)
ඉවසලා බලමුකෝ.... නේද? (නි)
ජනාධිපති තුමාගේ අශිර්වාදයෙන් ශ්‍රීලංකා එක දෙකඩ උනොත් සමහරවිට දිනාවී. (ස)
තැටිය රත්වුණ වෙලාවේදී රොටිය රත්කර ගන්න (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
උදම් අනන්න කලින් මහා බැංකුවේ වෙච්ච වැරැද්ද හදාගන්න. තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. දළකාර මිනීමරුවෝ, කුඩු රජවරු තාම නිදැල්ලේ. යහපාලනේ කියන්නේ බයිලා ගහනෙක නෙමෙයි. මිනිස්සු ඡන්දෙ වැඩියෙන් දුන්නේ දුෂණය පිටුදකින්න මිසක් ඒ දේම ඔය උදවියට කරන්න නෙමෙයි වග අමතක කරන්නෙපා. (නදී)
ඕන ගොනෙකුට පිනට ලැබෙන ඇමතිකමක් කරන්න පුළුවන්, නමුත් හැම ගොනාටම හරියට ආණ්ඩු කරන්න බැහැ (නදී)
මේ ජනාධිපතිතුමා ඉන්නකම් ඔබතුමාලට බලයේ හිටිය හැකි. බලාගෙන ගියාම අගමැතිතුමාගේ ටිකිරි මොලේ නම් මරු. ඊලග මැතිවරණයත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ලංකාවේ ඉපදුන එක ගැන ලජ්ජාවට කරුණක් කියපු හිටපු ජනාධිපතිනියගේ පුතා තමා විපක්ෂ නායක. (නදී)
ඔවු ඉතින් ඔබතුමාලට ඡන්ද වැඩිකරගන්න බැරි නිසා අනිත් අය දෙකට තුනට කැඩෙනතුරුනේ බලාගෙන ඉන්නේ? (නි)
අනේ නිකම් දවල් හීන (කේ)
ඒ ගැන උදම් අන්න එපා. ඔබ දිනන්නේ ඔබට කැමති මිනිසුන් වැඩි නිසා නොවෙයි (නි)
මෙ දවස් 100 තුළ ගොඩක් දේවල් ලොවටම පෙන්නුවානේ! (නි)
කොහොමහරි යූඑන්පී ය දිනුවොත් මට ඒ ඇති (නි)
අපිට නම් හිතෙන්නේ ආණ්ඩුව නම් දෙකට බෙදිලා වගෙයි කියලයි (නි)
තිත්ත ඇත්ත. මේරු දේශපාලකයින් උනත් අනාගතය ගැන දැක්මක් හැගීමක් නැත්නම් රටට දෙවි පිහිටයි.(නදී)
ගමේ අපට එකතුවෙන්න තිබුනා, අපිත් අවස්ථාවාදියො නම්.(නදී)
භාතිය අවදිවන්න.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙසින් විවිධ පක්ෂ වරින් වර බලයට පත්වීම නරක දෙයක් නොවෙයි. නමුත් අහම්බුවකින් හා තවත් කෙනෙකුගේ වාසනාව තුලින් බලය ලැබුන මොහොතක පක්ෂය ලොකුම තැන වල ඉන්න කිහිප දෙනෙක් කරපු ජනතා විරෝධී වැඩ නිසා 2/3 ක් කෙසේ වෙතත් 1/3ක් වත් ලැබුනොත් ඒකත් ලොකු දෙයක්. (නදී)
කවුරු කොහොම බෙදුනත් අන්තිමට තැළෙන්නේ මහජනතාව වන අපිම තමයි (නි)
මෙතුමාගේ කතාවෙන් මට නම් පැහැදිලිවෙන දෙය තමයි විරුද්ධ පක්ෂය හෙවත් ශ්‍රීලනි පක්ෂයට තිබෙන බය. ඒකනේ දෙකඩ කැඩෙනතුරු බලාඉන්නේ. අපි ඡන්දදායකයෝ හැටියට කියන්න පුළුවන් එකම දෙය නම් ජයග්‍රාහි ලෙස 30 වැනි වතාවටත් ඔබතුමන්ලා පරදින බවයි. (නි)
මම නම් හිතන‍්නේ නැහැ එජාපයට වාසි වෙයි කියලා (නි)
ගිය ආණ්ඩුව හොඳයි. මේ ආණ්ඩුව ගොඩාක්ම හොඳම හොඳායි (නදී)
සත්‍යා කියන්න වාගේ "අහඹු සහ තවත් කෙනෙකුගේ වාසනාව නිසා" බලයට පත් මේ ආණ්ඩුවේ ලොකු තනතුරු හොබවන කිහිප දෙනෙකු කළ වැඩ නිසා අනාගතයේදී සිදුවිය යුත්ත වර්තමානයේදීම පැහැදිලිව පෙනෙනවා. මහජනතාව බලය දුන්නේ මෛත්‍රීපාල ජනාධිපති තුමාටයි. එතුමාට පොරොන්දු ඉටුකරන්නට නොදී මේ කට්ටිය බා ගන්නේ නැතුව ඉහගන්න ගිහින් ජනාධිපතිතුමාගේත් නමත් නරක කරනවා. පවු . (බ)