කිසිවකු පිනවීම සඳහා හෝ කිසිවකු කෙරෙහි ද්වේෂයෙන් නඩු තීන්දු නොදිය යුතු යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව අද ප‍්‍රකාශ කෙළේය.තමා හැමවිටම තීන්දු දෙනුයේ ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතිවලින් තොරව බවත් වැරැදි තීන්දු දෙන විනිසුරුවරුන් අපාගත වන බවත් විනිසුරු සඳහන් කළේය.සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපති නිවැරැදිකරු යැයි සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ වරාවැව විනිසුරුවරයාය. අද නඩු තීන්දුවෙන් දෙහිවල ව්‍යාපාරිකයකුට හා ත‍්‍රිරෝද රථ රියැදුරකුට මරණ දඬුවම නියම විය.දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දැමූ දෙහිවල ව්‍යාපාරික හැරිසන් ජයවීරට සහ ත‍්‍රිරෝද රියැදුරු කේ.ඩබ්ලිව්.ඒ. සුනිල් ශාන්තට මරණ දඬුවම නියම කෙරිණි.ඔවුන් දෙදෙනා ඔස්ටින් චාල්ස් ෆැන්ක්ලීන් හාමර් - 79 (පියා), ඞීමර් හාමර් 31 (පුතා), ඬේසි ඈන් මැක්ලින් හාමර් 29 (දියණිය) මරා දැමූ බව නඩුවේදී ඔප්පු විය.වසර 28ක තම විනිසුරු දිවියේදී 40,000ක් පමණ නඩු විභාග කර ඇති බවත් මේ තුන් මිනී මැරුම ලංකා ඉතිහාසයේ අමානුෂික ඝාතනයක් බව විනිසුරු වරාවැව මහතා සඳහන් කළේය.තමා තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේදී පවා කෙලින් සිටගත හැකි අයුරින් යැයිද තම නඩු තීන්දු සියල්ල බුදු දහමට අනුකූල යැයිද විනිසුරු අවධාරණය කළේය.වරාවැව විනිසුරු පක්ෂග‍්‍රාහී බවද මුලසිටම තමා වැරැදිකරු කිරීමට ක‍්‍රියාකළ බවද පෝරකයට නියම වූ ව්‍යාපාරිකයා විත්තිකූඩුවේදී කීවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරාවැව විනිසුරුතුමනි ඔබට ජය...
ඔබ අති විශිෂ්ඨයි..
අන් සැමට ආදර්ශයක් වේවා..
විශිෂ්ඨයි......
ඔබට සමහරු කරදර කරයිද කියන එක තමයි ගැටළුව..
ඔබ හොද ගෞරවනීය පුද්ගලයෙක්.. ඔබට තෙරුවන් සරණයි..
ඔබට දීර්ඝායුෂ ලැබේවා!
හොඳ දෙයක් අගය කිරීම උතුම් කාරියක්
අධිකරණ ක්ෂේත්‍රයේ ඔබ වැන්නවුන් සිටීම ගැන ඉතාමත් සතුටට කරුණක්. ඔබේ සේවය තව බොහෝ කාලයක් රටට අවශ්‍යයි. ඔබට දීර්ඝායුෂ....!
අති විශිෂ්ඨයි
ඔබ අති විශිෂ්ඨයි.. සැමට ආදර්ශයක් වේවා..
වෘත්තියේ ගරුත්මය රකින උතුම් විනිසුරුවරයෙක්.
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අපි අගය කරමු.
වරාවැව විනිසුරුතුමනි,ඔබ නීතිය හොබවන්නෙකි, ඔබට තිසරණ සරණයි
ගරු විනිසුරුතුමනි, ඔබතුමාට නැවතත් නීතියේ බලය ආරක්ෂා කරගන්නට හැකිවේවා
වරාවැව විනිසුරුතුමනි,ඔබ නීතිය හොබවන්නෙකි, ඔබට තිසරණ සරණයි ඔබ වැනි විනිසුරුතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා..
අධිකරණ ක්ෂේත්‍රයේ ඔබ වැන්නවුන් සිටීම ගැන ඉතාමත් සතුටට කරුණක්. ඔබේ සේවය තව බොහෝ කාලයක් රටට අවශ්‍යයි. ඔබට දීර්ඝායුෂ....!
මේ ප්‍රතිචාර ඔබටයි ගරු විනිසුරුතුමනි
වරාවැව විනිසුරු තුමාට ප්‍රණාමය! ඇත්ත නොදකින අයගෙන් වියහැකි අනතුරුගැන පරෙස්සම් වන්න විනිසුරුතුමනි.
ලංකාවට මෙවැනි විනිසුරුවන් අවශ්‍යයි. විනිසුරුතුමනි ඔබට බුදු සරණයි
සී.ජේ. මාර්ක් ෆෙනෑන්ඩුගෙන් පසුව නීතියට නියම අරුත දෙන, අපට නීතිය ගැන විශ්වාසයක් ඇති කරන උතුම් මිනිසෙක්. ඔබට තෙරුවන් සරණයි!
ඔබ වැනි පුද්ගලයෙක් අදහන්න වටිනවා. ඔබට සම්මා සම්බුදු සරණයි
ඔබට තෙරුවන් සරණයි..
ඔබට දෙවි රැකවරණය තියෙනවා. අප ඔබවට ආරක්ෂා කරනවා. දිගටම ධර්මයට අනුකූලව නිවැරැදි තීන්දු දෙන ලෙසට අප ඔබෙන් ඉල්ලා සිටිනවා
ඔබ අතිජාත ලංකා පුත්‍රයෙක්. ජයවේවා
ඔබ වැනි විනිසුරුවන් රටට සම්පතක්. ඔබ අධිකරණයේ ගෞරවය රැක්කා. ඔබට ජයවේවා
මුලු සත්ව සංහතියටම ඔබ වටින ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ඔබට තෙරුවන් සරණයි
නිවැරැදි තීන්දු දෙන ඔබ වැනි විනිසුරුතුමන්ලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
අනර්ඝ විනිසුරුවරයෙක්
ඔඉට දීර්ඝායු ලැබේවා..
ඔබ වැනි විනිසුරුතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා..
හරියට හරි..
හරියට හරි..
නියමයි..
විනිසුරුතුමනි, ඔබ වැනි උතුම් අය මේ රටේ තවත් සිටීම ගැන අපි ආඩම්බර වෙනවා..
ඔබ උතුම් විනිසුරෙක්. ඔබට කවදාවත් වරදින්නේ නෑ. යෙහෙන් දිනේවා!!
සත්‍ය තීන්දු දෙන වරාවැව විනිසුරුට සුභපැතුම්..