වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය කියයි.
ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා මේ ඔරලෝසුවල හිටපු ජනපතිගේ හා පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රුව මුද්‍රණය කර තිබිණි.
වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය කියයි.
ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා මේ ඔරලෝසුවල හිටපු ජනපතිගේ හා පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රුව මුද්‍රණය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔරලෝසු තොගයම භාර ගනීවි බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල. එයාට බැරියැ ඔක්කොම ගෙදර එල්ල ගන්න. (නදී)
මම දන්න විදියට ලංකාවට ඔරලෝසු ගෙන්වීම සදහා කිසිවෙකුට තහනමක් නෑ. අනික බදු ගෙවිය යුතු නෑ. මේවට මුදල් ගෙවපු කෙනෙක් සිටි නම් නීතියෙන් වරදක් කර නෑ. අනික රූපය පමණි ඡන්දය දෙන්න කියල නැති නිසා ඕන කාලයකදී බෙදන්න පුළුවන් (නදී)
එතුමාට හරහට හිටියෙත් වෙලාවම තමයි. (නදී)
මන්ද මානසිකත්ව ලක්ෂණයක්. දුකත් හිතෙනවා. (නදී)
මේ සම්පුර්ණ වියදම් හිටපු ජනාධිපතිගේ ඉදිරි පඩි මුදල්වලින් සම්පුර්ණ කපාගැනීම නව ජනාධිපති පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තීන්දුවක් ගත යුතුය. මේවා නැවත මුදල් කර ගත නොහැක. එබැවින් තාත්තට හා පුතාට ඒ ඒ අයගේ පවුල් වල බිත්තියේ ගහ ගන්න කියලා එයාලටම ඕවා ටික ආපසු දෙන්න මුදල් අය කරගැනීමෙන් පසුව. ඕවා අපේ සල්ලි. අපි පාන් කෑලි කකා බදු ගෙවපුවා. හෙන ගහනවා ඒ මුදල් ආපසු නොගෙව්වොත්. (නදී)
මුළු ලංකාවෙම ගෙවල්වලට බිත්ති ඔර්ලෝසු (බ)
මුණ බලන්න අකමැති අය වෙලාව පමණක් බලන්න (බ)
දැන් ඉතින් මේවා අපරාදේ මළකඩ කාල යන්න අරින්නේ නැතිව ජනතාවට බෙදල දුන්න නම් ඉවරයි. (බ)
හිතුවට වඩා සංවේදී නායකයෙක්. (නදී)
මහ ලොකු අපරාදයක් මේක මහජන මුදල් නේ මේ.(හේ)
කාට බෙදුවත් මේ ඔරලෝසු ගැබිණි මව්වරුන් ඉන්න ගෙවල් වලට නිතර දෙවේලේ ඇහැ ගැටෙන්න නම් බෙදන්න එපා. බබා ලැබුනාම මල ජංජාලයක් වේවි. (බ)
ඕවා "අල්ලස් ඔල්ලෝසු" නොවෙයි. මහජනතාවට වෙලාවට ඡන්දේ දාන්න යන්න කියලා බෙදා දෙන්න ගෙනාපු බඩු ඕවා. වෙලාවට වැඩ කරන්න නොදන්නා අයට මේවා බෙදන්න බාර දීපු නිසා නේ දැන් ලංකාවේ හැම පැත්තකින්ම මේ ඔරලෝසු මතුවෙන්නේ! වැස්සට පස්සේ හතු මතු වෙන්න වගේ තව තව දේවල් මතු වෙන්නත් පුළුවන්. බලන් ඉඳිමු ..(හේ)
මෙතන ගැටලුව වෙන්නේ ඕන කෙනෙකුට තමන්ගේ මූණ නෙමෙයි ඕන තැනක් දමලා ඔරලෝසු හදාගන්න පුළුවන් නමුත් ඒ රට වට යන්නේ මහජන මුදල් නම් ඒක බරපතල අපරාධයක්.(හේ)
පිළියන්දල කැස්බෑවේ පාරක පසුගිය දින වල රාත්‍රී 12 සිට පසුවදා 5 දක්වා ප්‍රදේශවාසීන්ට නිඳා ගන්න බැරි විදියට ඝෝෂාවෙන් කවුදෝ කාර් රේස් පවත්තලා. මේ ගැන දන්නෝ දනිති. මේවා කෙරෙන්නේ කොහොමද කියා ඔරලෝසු ගැන වද වෙන්න කලින් බලධාරීන් සොයන්න . (හේ)
ඔරලෝසු බෙදුවම මොකද වෙන්නේ ? මිනිස්සු වෙලාවට වැඩ කරයි. ඉතින් හොඳනේ. කුඩු බෙදුවේ නැහැනේ. (නදී)