මිහිඳු මා හිමියන් බුදු සමයේ පණිවිඩය රැගෙන මිහින්තලයේ අම්බස්තලයට පැමිණ දේවානම් පියතිස්ස රජුට අඹ ප්‍රශ්නය විසඳා ඔහු බෞද්ධයකු බවට පත්කරමින් බුදු සමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පොසොන් පුන් පොහෝ දිනය සමරමින් අද මිහින්තලය ඇතුළු අනුරාධපුරයේ ද දිවයින පුරා වෙහෙර විහාරවල ද දන්, පින්, සිල්, බණ භාවනා පැවැත්වේ. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකළ ස්ථානයක් වශයෙන් සැළකෙන ඓතිහාසික කැලණිය අද වන්දනාගරුවන්ගෙන් පිරී ගියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වෙන්න ඇති මැරයෝයි අපරාද කාරයොයි ඔක්කොම යන්නේ. (ර)
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නේ කරන්න තියෙන පව් සේරම කරලා එක දවසක් කැළණි ගියාම හරි කියන එක නෙමෙයි. නොකඩවා අවුරුද්දක් යන්න ඕන එකයි වරක් කියල කියන්නේ. (නදී)
පව් කමා කිරීම බුදු දහමේ තියන දෙයක් නෙමෙයි. කැලණියට නෙමෙයි බුද්දගයාවට ගියත් කරපු පව් නැති කරන්න බෑ (නදී)
මම නම් අහල තියෙන්නේ උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා.... (ර)
වරක් වැන්දට පව් සමා කරගන්න බැහැ. මෙයින් අදහස් වන්නේ බුදු දහමේ ආශ්චර්යයි. බුදුන් වැඩි කැළණි පුද බිමේදී ඇති අනුහස් වලින් යමෙක්ට ප්‍රඥා ගුණ වැඩිවීමේ අවස්ථාව ඇත. දහම හරිහැටි අනුගමනය කිරීමෙන් කර්මය වෙනස් කරගත හැක බවත් සුනීත, සෝපාක අංගුලිමාල කර්මය වෙනස් කරගත් අය අතර වෙති. ආනන්තරිය පාප කර්මයන් පමණක් වෙනස් කල නොහැකි බවයි බුදුන් දේශනා කර ඇත්තේ. මේවයේ කාර්ම විපාක අනිවාර්යවේ. (ර)
වරක් වැන්දොත් කරපු පව් නැත කැලණියේ. මේක ඇත්තටම ඇත්තද ? (නදී)
කැලණිය ට බෝධි පූජාවක් කළොත් වරදින්නේ නෑ (බ)