(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිරිවත්තුඩුව නිවසක් ඉදිරිපිට නතර කර තිබූ රුපියල් ලක්ෂ 85 ක් පමණ වටිනා බස් රථයක් බලෙන් රැගෙන ගිය පුද්ගලයන් පස් දෙනකු පැය කීපයක් තුළදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
සැකකරුවන් පිරිස අතර බස් රථයේ මුල් අයිතිකරු ද සිටින බව පොලිසිය කියයි.
ඇටෝනි බලපත්‍රයක් මගින් රුපියල් ලක්ෂ 7 ක මුදලක් ගෙවා කිරිවත්තුඩුව ප්‍රදේශයේ පැමිණිලිකරු බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම බස් රථය මිලදී ගෙන තිබූ අතර රුපියල් 1,28, 000 බැගින් වාරික 71 ක් ගෙවීමේ පොරොන්දුව මත මෙම බස් රථය ලබාගෙන තිබූ බව පොලිසිය කියයි
බස් රථය ලබාගැනීමෙන් අනතුරුව වාරික දෙකක් පමණක් පැමිණිලිකරු ගෙවා තිබූ අතර වාරික 8 ක් කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි
බස් රථයේ මුල් අයිතිකරු අද අලුයම හතරට පමණ තවත් පුද්ගලයන් 4 දෙනකු සමඟ කිරිවත්තුඩුවට පැමිණ වර්තමාන හිමිකරුගේ නිවස ඉදිරිපිට නතර කර තිබූ බස්රථය අමතර යතුරක් මගින් පණ ගන්වාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇටෝර්නිවලට වාහන දීලා අන්තිමේ බලු කූඩුවෙත් නගින්න වෙලා....